2014.5.17,
පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ.
මහත්මයාණනි,
පොලිස් අත්අඩංගුවේදී විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීම සහ තුවාල ලැබූ සිසුන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු නොකිරීම සම්බන්ධව සිදු කෙරෙන පැමිණිල්ලයි
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ දින [2013.05.16] විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය අවසන් වී ගමන් කරමින් සිටි සිසුන් 13 දෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද අතර වරෙන්තු ඉදිරිපත් කිරීමක් හෝ චෝදනාව පැහැදිලි කරදීමක් සිදු කරන නොලදී. මෙය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් වන අතර ඒ පිළිබඳ ඉදිරියේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කොට නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපි අපේක්ෂා කරමු.
කොම්පඤ්ඤවීදිය පොලිසියට ප.ව 5.00 ට පමණ රැුගෙන ගිය සිසුන් 13 දෙනා රාත්‍රී 11.00 වන තුරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියට නොපමුණුවා රඳවා තබා ගන්නා ලද අතර එහිදී අමානුෂික පහර දීමකට මෙම සිසුන් ලක් වී තිබේ. මේ පහර දීම් වලින් සිසුන් තුවාල ලබා තිබෙන අතර එක් සිසුවෙක්ගේ ඇසට බරපතල හානි වී තිබේ. ඇසට තුවාල සිදුකිරීම බරපතල තුවාල සිදුකිරීමකි. තුවාල වන තුරු පහර දී තිබියදී තමාට ප්‍රතිකාර දෙන ලෙස සිසුන් ඉල්ලා සිටියත් පොලිසිය ඒ සම්බන්ධයෙන් කටයුතු කලේ නැත. ඒ අවස්ථාවේ එතැනට සිසුන් වෙනුවෙන් පැමිණි නීතිඥවරු දෙදෙනෙක් ද දිගින් දිගටම ප්‍රතිකාර සඳහා මෙම සිසුන් යොමු කරන ලෙස ඉල්ලා සිටියත් ඒ සඳහා පියවර ගත්තේ නැත.
රාත්‍රී 11.00 ට සිසුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවන ලද අතර තුවාල සිදුවී තිබීම මහේස්ත්රාත්වරයාගේ ද දැඩි අවධානයට ලක්විය. ඇස තුවාල වූ ශිෂ්‍යයාට ප්‍රතිකාර ලබා නොදීම පිළිබඳ මහේස්ත්‍රාත්වරයා පොලිසියට දෝෂාරෝපණය සිදු කරන ලදී. කෙසේ වුවද සිසුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ප්‍රතිකාර ලබා දීමකින් තොරවය. පසුව බන්ධනාගාරය ම`ගින් මෙම සිසුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කර තිබෙන්නේ අද දින [2013.05.17]දහවල්ය. එනම් පහර දීමෙන් පැය දොළහකුත් ඉක්මවා ගොස් තිබෙන විටය.
මේ අනුව පැය දොළහකට අධික කාලයක් ප්‍රතිකාර ලබා දීමකින් තොරව තුවාල ලැබූ ශිෂ්‍යයින් පොලිසිය විසින් රඳවා ගනු ලැබ තිබෙන අතර මෙය එම සිසුන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස අපි දකිමු. විශේෂයෙන් බරපතල තුවාල ලැබූ ශිෂ්‍යයා ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම අතිශය අමානුශික තත්වයකි. එසේම අත්අඩංගුවට ගත් සිසුන්ට පහර දීමට පොලිසියට කිසිදු අයිතියක් නොමැති අතර එම පහර දීම මුලූමනින්ම නීති විරෝධී ක්‍රියාවකි. කොම්පඤ්ඤවීදිය පොලිසියේ මෙම නීති විරෝධී හැසිරීම සම්බන්ධව සොයා බලා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි
මීටනජිත් ඉන්දික
පිටපත් - සියලූම මාධ්‍ය ආයතන