සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර 3කට අඩුකිරීමට හා රජරට ශිෂ්‍ය මර්දනයට එරෙහිව සිසුන් දියත් කර ඇති අඛණ්ඩ අරගලයට විසඳුම් ලබා නොදෙන ආණ්ඩුව අධ්‍යාපන අයිතීන් ඉල්ලා අරගල කරන සිසුන්ට එරෙහිව මර්දනය දියත් කර ඇත.
එහි නවතම පියවර වන්නේ පොලිසිය සිවිල් ඇඳුමෙන් සිසුන් පසුපස පැමිණ ඔවුන් පැහැර ගෙන ගොස් ඔවුන් නීති විරෝධීව රඳවා තබා ගැනීමයි. පොලිසිය විසින් ව්‍යාජ වරෙන්තු පෙන්වා ඊයේ දින තුළ මෙවැනි පැහැරගැනීම් දෙකක් සිදුකරන ලදී. මෙම පැහැරගැනීම් සිදුවූයේ ඊයේ දින (17) දහවල් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතා උද්ඝෝෂණය අවසානයේ සිසුන් විසිර යමින් සිටියදීය.
පළමු පැහැරගැනීම සිදුවූයේ ඊයේ සවස 3.45ට පමණ කොළඹ පුරහල තැපැල් ස්ථානය ඉදිරිපිටදීය. සිසු නායකයන් 4දෙනෙක් පසුපස සිවිල් ඇඳුමෙන් හඹාගෙන ගොස් ඔවුන් වටකර එක්වරම ත‍්‍රීවීලයකින් හා ජීප් රියකින් පැමිණ එම සිසුන් හතරදෙනා පැහැරගෙන ගොස් ඇත. පසුව ඔවුන්ව කිරුළපන පොලිස් ස්ථානයේ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඇත.
දෙවන පැහැරගැනීම සිදුවූයේ සවස 5.35ට පමණය. කොළඹ කොටුවට යාම සඳහා සිසුන් පුරහල අසලින් බස්රථයකට නැඟි අතර යන අතරතුරදී සිවිල් ඇඳුමින් බස්රථයට නැඟි පොලිස් නිලධාරීන් වෙනත් අයෙක්ගේ නමට ගත් වරෙන්තුවක් පෙන්වා ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගැනීමට උත්සහකිරීමේදී සෙසු ශිෂ්‍යයන් විරෝධතාව ප‍්‍රකාශ කළ අතර එහිදී පොලිසිය අත්තනෝමතික ලෙස සෙසු සිසුන් 13න් දෙනාද, මගී ජනතාවද සමඟ බස් රථය කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙන ගොස් එහි සිටි සිසුන් 13 දෙනාට ජනතාව ඉදිරිපිටදීම බැටන් පොලූ හා මුගුරු වලින් අමානුෂික ලෙස පහරදී ඇත. එහිදී තුවාල ලැබූ ශිෂ්‍යයන්ව රෝහල් ගත කිරීමක් හෝ මෙතෙක් සිදුව නැත.
මේ අනුව ඊයේ රාත‍්‍රී 10.30ට පමණ ගල්කිස්සේ පිහිටි කොටුව මහේස්ත‍්‍රාත්ගේ නිවසට සිසුන් ඉදිරිපත් කළ අතර එහිදී 19 වන දින තෙක් ඔවුන් වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාර ගත කර ඇත. මෙලෙස නීති විරෝධී ලෙස රඳවා ගෙන ඇත්තේ පේරාදෙණිය හා රුහුණ විශ්වවිද්‍යාල වල සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගම් නිලධාරීන් හා ක‍්‍රියාකාරී ශිෂ්‍යයන් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකරද මේ අතරවේ.
පොලිසිය මෙලෙස වරෙන්තු රහිතව නීති විරෝධී ලෙස සිසුන් පැහැරගෙන රඳවා තබා ගැනීමත්, සිසුන්ට පහරදීමත් උග‍්‍ර ලෙස ශිෂ්‍යයන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පසුගිය දිනෙක උසස් අධ්‍යාපන ඇමති SB දිසානායක ‘‘ අන්තරයේ සිසුන්ට හා සිසුන්ගේ දෙමාපියන්ට හැංගෙන්න තැන් හොයාගන්න’’ වේ යැයි ප‍්‍රසිද්ධියේ පුවත්පත් හරහා තර්ජනය කර ඇති පසුබිමක ආණ්ඩුවේ උවමනාවට පොලිසිය හා උසාවිය එක්ව සිදුකරන මෙම දේශපාලනික ශිෂ්‍ය දඩයම අප තරයේ හෙළා දකින අතර ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන, දේශපාලනික හා මූලික මානව අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට පෙළගැසෙන ලෙස ජනතාවට ආරාධනා කර සිටිමු.
මාධ්‍ය ඒකකය.