කොම්පඤ්ඤ වීදිය පොලීසිය මගින් පසුගිය 16 වන දින අත්අඩංගුවට ගත් සිසුන් 13 දෙනාගෙන් 9 දෙනෙකු අද කොටුව උසවියට ඉදිරිපත් කල අතර එහිදී කොටුව මහේෂ්ත්‍රාත් විසින් ශරීර ඇප මත ඔහුන් නිදහස් කරන ලදී. ඉතිරි සිසුන් 4 දෙනා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මහේෂ්ත්‍රාත් විසින් ජාතික රෝහලට ගොස් එම සිසුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුන් නිදහස් කරනු ලැබීය.
සිසුන්ට අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය විසින් අවම බලතල පාවිච්චි කලේ යැයි පැවසුවද අවම බලතල යනු සිසුන් 4 දෙනෙක් රොහල් ගත වන ලෙස අමානුශික පහර දීම හා සිසුවෙකුගේ ඇසට බරපතල තුවල සිදුවන ලෙස පහර දීම නොවන බව පැවසූ මහේෂ්ත්‍රාත් සිසුන්ට පහර දීම සම්බන්දයෙන් පොලීසියට දැඩි ලෙස අවවාද කලේය.