ශිෂ්‍ය මර්ධනයට එරෙහිව ජ'පුර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් සටනට

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ   ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අද දින පාගමනක් ක්‍රියාත්මක කල අතර එය  භික්ෂු නේවාසිකාගාරය අසලින් ආරම්භ කර විජයරාම හංදිය දක්වා පැමින නැවත විශ්වවිද්‍යාලයේ  සුමංගල ශාලාව අභියසයට පැමිණ එහි ඉදිරිපස පඩිපෙළේ නවාතැන් ගෙන ඇත.

මෙම ක්‍රියාමාර්ගයට හේතුව වී ඇත්තේ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වන දැඩි ශිෂ්‍ය මර්ධණයත් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හා විශ්වවිද්‍යාල පරිපාලනයේ අත්තනොමතිකත්ව ක්‍රියා කලාපය නිසා ඇති වී තිබෙන ගැටළුය.


පළමු වසර භික්‍ෂූන් වහන්සේලා සඳහා කොටගම වාචිස්සර සංඝාරාමයේ ඉඩ පහසුකම් තිබියදීත් එම නේවාසිකාගාරයේ නේවාසික පහසුකම් ලබා නොදීම, 

අනෙකුත් වසරවල විශ්වවිද්‍යාලයට ආසන්න විහාරස්ථානවල වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේලා සඳහා මෙම වසරේ පමණක් නේවාසික පහසුකම් ලබා නොදීම.

පාළි හා බෞද්ධ අධ්‍යන අංශයේ දේශන වලට සහභාගීවීමට  භික්ෂුන් වහන්සේලාට  ඉඩ නොදීම.

අභූත චෝදනා නගමින් ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, අත්හිටවූ ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පන්ති තහනම් කිරීම්, සහ නඩු පැවරීම් දිනෙන් දින ඉහළ යාම. යන ගැටළු මූලික වේ.

1. ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 01
2. අත්හිටවූ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් 03
3. පන්ති තහනම් කිරීම් 37
4. නඩු පැවරීම් 13

  මෙම තත්ත්වයන් පිළිබඳව විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුලූ පරිපාලනයට ලිඛිතව දැනුම් දී මේ සඳහා විසුදුම් ලබා දෙන ලෙස සති තුනක කාලයක් තිස්සේ ඉල්ලා සිටිය ද කිසිඳු විසඳුමක් මේ දක්වා ලබා දී නොමැත . 
මෙම ගැටළු වලට වහා විසදුම් ලබා දෙන ලෙස බල කරමින්  පාගමනකින් විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාව ඉදිරිපිටට පැමිණ එහි වැඩ වාසය කර තිබේ.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>