‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ’ ශිෂ්‍ය වීර දිනය 2014

‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ’ ශිෂ්‍ය වීර දිනය 2014  සැමරුම් උළෙල අද  දින(20) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විනි. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙය 29 වන ශිෂ්‍ය වීර දිනය වේ.

සවස 04.30ට ආරම්භ වූ ප‍්‍රධාන සැමරුම ආරම්භ වූ අතර එහිදී විරු සිසු සමරු ගී ප‍්‍රසංගයක්ද පැවැත්විනි. තවද දිනය පුරා ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය විදහාදැක්වෙන ප‍්‍රදර්ශනයක් පැවැත්විනි. සමරුවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලියනගේ අමරකීර්ති අදහස් දැක්වූ අතර සමරු දේශනය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික විසින් පැවැත්වූහ.  සියළු විශ්වවිද්‍යාල නියෝජනය කරමින්  සිසුන්  විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>