අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකර, පේරාදෙණිය විශ්විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සභාපති රජිත ප‍්‍රසාද් යන ශිෂ්‍ය නායකයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පසුගිය 19 දින මෙම සිසු නායකයින් තිදෙනා තමන්ට තර්ජනය කළා යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ආරක්ෂක නිළධාරියා විසින් කළ පැමිණිල්ලකට අනුව අද (21) දින පේරාදෙණිය පොලිසියට වාර්තා කරන ලෙස ඔවුන් තිදෙනාට දැනුම් දී තිබිනි. ඒ සඳහා ඉදිරිපත් වූ සිසු නායකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන නුවර වැඩබලන මහේස්ත‍්‍රාත් පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.