රජරට සරසවියේ සත්‍යග්‍රහ අට්ටාලෙට ආණ්ඩුවේ මැරයන් ගිනිතබයි

අසාධාරණ පන්ති තහනම් 27ක් ඉවත් කරගැනීම ඇතුළු සියලු ගැටළු වලට විසදුම් ලබා ගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(2014.06.18) දින 191කි. අද අළුයම 3.15 ට පමණ ආණ්ඩුවේ මැරයන් විසින් සිසුන් සිටි අට්ටාලයට ගිනි තබා පලා ගොස් ඇත.

ආණ්ඩුවේ මෙම ම්ලේච්ච ක්‍රියාවට එරෙහිව ,සිසු ජීවිත බිල්ලට ගැනීම නවතා ගැටළු වලට වහා විසදුම් ලබා දෙන ලෙස බල කරමින් අද දින රජරට විශ්වවිද්‍යාලයේ උද්ඝෝශණයක් පැවැත් විය.

අධ්‍යපනය පෞද්ගලීකරනය කිරීමට එරෙහිව සිසුන් අරගල කරන විට  ආණ්ඩුව දිගින් දිගටම ශිෂ්‍ය සංගම් තහනම් කරමින් ශිෂ්‍යන්ගේ ශිෂ්‍ය භාවය අහොසි කරමින්,පන්ති තහනම් කරමින්, ශිෂ්‍ය නායකයින්ට පහර දෙමින් ,මරන තර්ජන කරමින් ආරක්ශක අංශ සමාජිකයින් යොදවා ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට තර්ජනය කරමින් ශිෂ්‍ය මර්ධනය කරමින් සිටි.

 ආණ්ඩුව තම දේශපාලන ව්‍යපෘතිය අසාර්ථක වීම හෙතුවෙන් පසුගිය දා රුහුණ විශ්වවිද්‍යාල සිසුන්ට මැරයන් යොදා  පහර දී විශ්වවිද්‍යාලය වසා දමන ලදී.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>