අන්තරේ හිටපු කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා නැවතත් සිරගත කරයි

පසු ගිය ජුනි 20 වන දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් සංවිධානය කල ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම් උළෙල පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී පැවැත්විය. මෙයට අදාල පූර්ව සංවිධාන කටයුතු කරමින් සිටි ශිෂ්‍යන්ට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ විසින් ආණ්ඩුවේ උවමනාව මත විටින් විට විවිධ බාධා කීරීම් කරමින්  සිටි අතර එහි එක් අවස්ථාවක් ලෙස පසුගිය ජුනි 19 වන දින ශිෂ්‍ය සංගම් කාර්යාලයට කඩා පැන බාධා කිරිම් කිරීමට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

එය අසාර්ථක වූ පසු පේරාදෙණිය පොලීසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එහි ප්‍රධාන චූදිතයන් වුයේ සංජීව බණ්ඩාර සහෝදරයා, පේරදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපහි දිමුතු ගුණසේකර සහෝදරයා හා සම සෞඛ්‍ය පීඨයේ සභාපති රජිත ප්‍රසාත් සහෝදරයා වේ.

පසු ගිය ජුනි 21 වන දින පොලීසියට කරුනු දැක්වීමට ගිය අවස්ථාවේදී ආරක්ශක අංශ වලට තර්ජනය කළා යැයි කියන චෝදනාව මත ශිෂ්‍ය නායකයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
අද දිනයේ ශිෂ්‍ය නායකයින් තිදෙනා උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර තිබූ චෝදනා වලට අමතරව ඇප කොන්දේසි කැඩුවායැයි කියන චෝදනාව මත නැවත වතාවක් සංජීව බණ්ඩාර සහෝදරයා ජුලි මස 03 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කල අතර දිමුතු ගුණසේකර හා රජිත ප්‍රසාද් ශිෂ්‍ය නායකයින් දෙදෙනාට ඇප ලබා දී තිබේ.  

සංජීව බණ්ඩාර සහෝදරයා සිරගත කිරීම ඇප කොන්දේසි කැඩීමට අදාලව නීතිය ක්‍රියාත්මක වීමක් නොව මෙය ආණ්ඩුවේ ශිෂ්‍ය මර්ධනයේ එක් අවස්ථාවක් වේ. මෙම ආණ්ඩුව දිගින් දිගටම ශිෂ්‍ය මර්ධනය කැදවමින්  පසුගිය වසර 4 තුල ශිෂ්‍යයින් 1500කට අධික සිසුන් සංඛ්‍යාවකගේ පන්ති තහනම් කරමින්,ශිෂ්‍යයින්ට එරෙහිව 300කට අධික නඩු පැවරීම් සංඛ්‍යාවක් සිදු කරමින්, ශිෂ්‍ය නායකයිට තර්ජනය කරමින් පහරදීම් සිදු කරමින් , ආරක්ෂක අංශ සාමාජිකයින් ලවා ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වලට තර්ජනය කරමින් ගෙන ආ වැඩපිළිවේලේම එක් අවස්ථාවකි.  

මෙරට තුල මිනීමරුවන්,මංකොල්ල කාරයින්,ජාවාරම්කාරයින්, ආගම්වාදී ජාතිවාදී ප්‍රචන්ඩකාරීන් නිදැල්ලේ සිටීමට ඉඩ හරිමින් ආණන්ඩුව අධ්‍යාපනය විකිනීමට එරෙහි සටන් කරන , අරගල වලට නායකත්වය දෙන ශිෂ්‍ය නායකයින් අත් අඩංගුවට ගනිමින් මර්ධනය කරමින් සිදු කිරීමට උත්සහා දරන්නේ අධ්‍යාපනය විකිනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාතමක කිරීම බව ඉතා පැහැදිලිය. සංජීව බණ්ඩාර සහෝදරයාට අදාලව දේශපාලනය කිරීමේ නිදහස අහොසි කරමින්, විශ්වවිද්‍යාල වලට ඇතුළු වීමේ අයිතිය නැති කරමින් විටින් විට ඇප කොන්දේසි ගැනීමෙන් පැහැදිලි වන්නේ මෙම අත් අඩන්ගුවට හේතුවද ආණ්ඩුවේ ශිෂ්‍ය මර්ධනයම මිස වෙන කිසිවක් නොවන බවයි. ආණ්ඩුවේ මෙම ක්‍රියාවට තරයේ විරුද්ධ වන අතර ඉදිරියේදී මේ සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අප දන්වා සිටිමු.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>