රජරට සිසුන් උපකුළපති වටලයි - සිසුන්ට පහර දීමට කැරළි මර්දන පොලිසියෙන් කැදවයි

අසාධාරණ පන්ති තහනම් 28 ක් ඉවත් කරගැනීම ඇතුළු සාධාරණ ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය සිසුන් විසින් ආරම්භ කරන ලද අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට(26) දින 199කි. සිසුන්, ජිවිත අවදානමක් දරමින් ද මෙම සත්‍යග්‍රහයේ නිරත වුවද ප්‍රශ්නය විසඳනවා වෙනුවට පාලකයින් දිගින් දිගටම කටයුතු කරනු ලබන්නේ අමනෝඥ ආකාරයටය. අද උදැසන විනයපාලකයවරයා සහ ශාලාධිපතිවරයා සිසුන්ට තර්ජනය කරමින් ප්‍රකාශ කර ඇත්තේ, මින්පසු කිසිදු කටයුත්තක් විශ්වවිද්‍යාලය තුළ පැවැත්වීමට අවසර නොදෙන බවත්, එසේ සිදු කළහොත් කිසිවෙකුට උපාධිය ලබා ගත නොහැකි වන බවත්ය.
නමුත් සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට නිශ්චිත විසඳුමක් ලබා දෙන තුරු සිසුන් මර්දනය නොතකා සටන් කරමින් සිටි
ඒ අනුව අද දින කළමනාකරණ අධ්‍යයන පීඨයේ නවක සිසු සිසුවියන් බඳවා ගැනීම සිදුකෙරෙන අතර එයට බාධාවක් නොවන අයුරින්, එම පිළිගැනීමේ උත්සවයට සහභාගී වී සිටින උපකුලපතිවරයා, සිසුන් විසින් වටලා ඇත.

උත්සවය අවසන් වීමෙන් පසු උපකුලපතිවරයා සමග සිසුන්ට සාකච්චාවක් ලබා දී තිබෙන අතර එම සාකච්චාව අසාර්ථක වූ පසු  උපකුලපතිවරයා ඇතුළු පීඨාධිපතිවරුන් සනාතන මන්දිරය තුල සිටියදී සිසුන් සනාතන මන්දිරය තුලට පැමිණ දොරවල් වසාගෙන සිටී.

මේ වන විට සිසුන්ට පහර දීමට සරසවිය තුලට කැරළි මර්දන පොලිසියෙන් ගෙන්වා ඇත.













අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>