කළමණාකරණ පීඨය විවෘත්ත නොකළහොත් අඛන්ඩ සත්‍යග්‍රහයකට යනවා.- කළමණාකරණ සභාපති කියයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කළමනාකරණ පීඨයක අවශ්‍යතාවය වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් සටන් ආරම්භ කර මේ වන විට දශකයකින් අඩකටත් වඩා ගත වි ගොසිනි. පාලකයින් දේශපාලන වාසි තකා තම දේශපාලන අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් කටයුතු කිරිම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ව්‍යාපාර
පරිපාලනෙවිදය හැදෑරිමට පැමිණි වසර කණ්ඩායමි දෙකක්ම මේ වන විට කළමනාකරණ පීඨයක් නොමැතිව විශ්වවිද්‍යාලයෙන් පිටව ගොස් ඇත. 2008 වසරේදී ව්‍යාපාර පරිපාලනෙවිදය සදහා පළමු වන කණ්ඩායම බදවා ගන්නා විට ඔවුන් සදහා ඉතා ඉක්මනින් පීඨයක් ලබා දෙන බවට පරිපාලනය විසින් පොරොන්දු ලබාදෙනුයේ කළමනාකරණය හැදෑරිමට තිබිය යුතු අවම පහසුකමවත් විශ්වවිද්‍යාලය තුළ නොතිබෙන කාලවකවානුවකදීය. අදාල කාලසීමාව තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ අත්හදා බැලීමක් සිදු කිරිම සදහා අදාළ සිසුන් විශ්වවිද්‍යාලයට බදවා ගත් බවයි. එවැනි ප‍්‍රකාශ හමුවේ සිසු සිසුවියන්ගේ අධයයන මානසිනකත්වය කුමන මට්ටමක පසුවන්නට අත්දැයි ඕනෑම පුද්ගලයෙකු සිතා ගත හැකිය. උපාධි ආරම්භ කර වසර ගණනාවක් යනතතුරුත් උපාධිය සදහා අවශ්‍ය පොත්පත් පවා ලබා ගනුයේ ශිෂ්‍ය සටන් ඔස්සේය. 

2008 වසරේදී ඉදි කිරිමට ආරම්භ කරන ලද පීඨයේ මූලික ගොඩනැගිල්ලේ වැඩ කටයුතු වසර හතක කාලයක් යන තුරුත් එනම් මේ වන විටත් නිමා කර නොමැත. ගොඩනැගිල්ලේ ප‍්‍රමිතිය පිළිබදව සැක සහිත බැවින් එහි අධ්‍යයන කටයුතු සිදු කිරිමද අනතුරුදායකය. පීඨය ස්ථාපිත කරගැනීීම සහ පීඨ ගොඩනැගිල්ල ඉදි කරගැනීම වෙනුවෙන් සිදු කරන ලද සිසු සටන් හමුවේ පරිපාලනය වසර ගණනාවක් තිස්සේ අසත්‍ය දින වකවානු ප‍්‍රකාශ කරමින් බොරු පෙරොන්දු ලබා දෙමින් තම වගකීම් වලින් පැන ගොස් තිබේ. එසේම 2011 වසර කණ්ඩායම ළමුන් 150 සිට ළමුන් 50 ක් දක්වා 100 කින් කප්පාදු කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනෙවිදි උපාධිය විශ්වවිද්‍යාලයෙන් අතුගා දැමිමට කටයුතු සැලසුම් කල අතර මහා ශිෂ්‍ය සංගමය තොරාගත් අඛණ්ඩ ක‍්‍රියා මාර්ග හමුවේ පරිපාලනයට අදාළ සැලසුම් හකුලා ගැනීමට සිදුෙවිතිබේ  මස 7 වන දින පැවති උපකුලපති ශිෂ්‍ය සංගම් රැුස්විෙමිදී තවත් සති දෙකක උපරිම කාලයක් තුළ පීඨ ගැසට් නිෙවිදනය නිකුත් කරන බවට උපකුලපති ප‍්‍රකාශයක් සි ද කර තිෙබි. අදාළ සාකච්ජාව පැවති දින සිට සති දෙකක කාල සීමාවක් තුළ පීඨය පිළිබද ගැසට් නිෙවිදනය නිකුත් නොවුනහොත් කළමනාකරණ පීඨය පේරාදෙණිය තුළ ස්ථාපිත කරන තුරු අඛණ්ඩ ශීෂය කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වන බවට අනතුරු අගවමින් ලිපියක් මහා ශිෂ්‍ය සංගමය විසින් යොමු කර තිබේ. 

අදාළ කාල සීමාව අගෝස්තු සම 21 වන දින එනම් හෙට දිනෙන් අවසන් ෙවි. පොරොන්දු කාල සීමාව තුල කළමනාකරණ පීඨ ගැසට් නිෙවිදනය නිකුත් නොවිම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශීෂ්‍ය සංගමය විසින් අඛණ්ඩ ශිෂ්‍ය ක‍්‍රියා මාර්ග ෙමි වන විට තෝරා ඇත. ඒ අනුව හෙට (21)දින දහවල් 12 ට ගලහ මංසන්ධියේදී දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වෙන අතර උද්ඝෝෂනයෙන් අනතුරුව එදිනම ගලහ මංසන්ධියේදී අඛණ්ඩ සත‍්‍ර්‍යග‍්‍රහයකට එළඹෙන බව මහා ශිෂ්‍ය සංගමය අදහස් කර තිබේ. කළමනාකරණ පීඨය සම්බන්ධව ගැසට් නිෙවිදනය පලවන තුරු අදාළ සත‍්‍ර්‍යග‍්‍රහය අඛණ්ඩව සිදු කරන බව මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කර සිටි. ගැසට් නිෙවිදනය පල කිරිම ප‍්‍රමාද වූව හොත් පංති වර්ජනය වැනි දරුණු ක‍්‍රියාමාර්ග වලට යෑමට පවා ඉඩ ඇති බව කළමණාකරණ ශිෂ්‍ය ක‍්‍රියාකාරි කමිටුවේ සභාපති ප‍්‍රකාශ කර සිටි.

 පටු දේශපාලන අරමුණ ඉටුකර ගැනීමට සහ කළමනාකරණ පීඨය විවෘත කිරීම සහ ප‍්‍රමාද කිරිමට වෙර දරන බළධාරින් කළමණාකරන උපාධිය ලක්ෂ ගණනට අන්තර්ජාලය හරහා විකිණීමට කටයුතු කරන අතර එය සදහා බදවා ගන්නා සිසුන් ගණන ද ඉහළ දමා ඇත. නිදහස් අධයාපනය කප්පාද කර මුදලට අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ පැහැදිලි පිළිවෙත ෙමි වන විට මුල රටටම හෙලවි හමාරය. කළමනාකරණ පීඨය ස්ථාපිත කිරිමේ මෙන්ම කළමනාකරණ උපාධිය මුදලට විකිණීමට එරෙහි සටනට සියලුම බලවේල ඒක රාශි කර ගනිමින් අඛණ්ඩ සටන දියත් කරන බව මහා ශිෂ්‍ය සංගමය තරයේ අවධාරණය කර සිටිමි. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>