සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ අරගලය ජය ගනී

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තුළ පළමු වසර ශිෂ්‍යයන්ගේ පදනම් වසර ලබා නොදීමත් එම ශිෂ්‍යයන්ට තම අභිමතය පරිදි හා දක්ෂතාවය මත අධ්‍යනාංශ තොරා ගැනිමට ඉඩප්‍රස්ථාව ලබා නොදීමත් සදහා විශ්ව විද්‍යාල පරිපාලනය විසින් අත්තනෝමතික ක්‍රියාකලාපයක් අනුගමනය කර තිබුණි. විශ්ව විද්‍යාලයට බදවා ගැනීමේ ප්‍රායෝගික පරීකෂණයෙන් පසුව සිසුන් සෘජුවම අධ්‍යනාංශ පුරවා ගනිමින් හා ශිෂ්‍යයන් පීඩාවට පත් කරමින් විශ්ව විද්‍යාල පරිපාලනය තම තීන්දු තීරණ අත්තනෝමතිකව ක්‍රියාත්මක කීරීමට අවශ්‍ය පසුබිම සකසා ගෙන තිබුණි. 

නමුත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල පීඨ ශිෂ්‍ය සංගමි මෙන් ම මහා ශිෂ්‍ය සංගමය ද මේ සදහා දැඩිව තම විරෝධය ප්‍රකාෂ කර සිිිටින අතර මෙම අත්තනෝමතික ක්‍රියා කලාපයන්ට එරෙහිව නැවත නැවත පරිපාලනයට එම තීන්ද හකුලා ගන්නා ලෙසට විවිධ අවස්ථාවල මෙන් ම විවිධ පාර්ශවයන්  ද දැනුවත් කරන ලදි. නමුත් පරිපාලනය විසින් ශිෂ්‍යයන්ගේ අනාගතය හෝ ඹවුුන්ගේ කැමත්ත දකෂතාවය සපුරා ගැනීමට නොයෙක් විධ විධාන ක්‍රියාත්මක කරමින් ශිෂ්‍යයන් තවදුරටත් පීඩාවට පත් කරන ලදී. ඒ අනුව මහා ශිෂ්‍ය සංගමය මෙන්ම පීඨ ශිෂ්‍ය සංගමය ද මෙම ක්‍රියාකලාපයන්ට විරුද්ධව ශිෂ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීම සිදු කරන ලදී. උද්ඝෝෂණ ව්‍යාපාර අවස්ථා කීහිපයක දී මෙන්ම මාධ්‍ය සාකච්ජා, සංඛේත පංති වර්ජන (දෘශ්‍ය කලා පීඨය) මාධ්‍ය දැනුවත් කිරීම වැනි ක‍්‍රියාමාර්ග රාශියක් මෙම සටන ජයග‍්‍රහණය කිරීම උදෙසා අඛණ්ඩව මෙහෙය වන ලඳි. 

අප දන්නා තරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මර්ධනය කරමින් විවිධ බලපෑම් කරමින් තව ද වැරදි තීරණ තීන්දුවලට ශිෂ්‍යයන් බලෙන් යොමු කරවා ගැනීමට දරණ ව්‍යාර්ථ උත්සාහයන් අපමණ නමුත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ හෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පරිපාලනය විසින් ගෙන එන පදනම් විරහිත කොන්දේසිවලට හෝ මෝඩ ක‍්‍රියාකලාපයන්ට විරුද්ධව එදත් අදත් හෙටත් නොබියව නැගී සිටින බව අවධාරණයෙන් මතක් කර සිටිමු. දෘශ්‍ය කලා පීඨ පීඨාධිපතිවරයා විසින් ශිෂ්‍ය සංගමයට නිකුත් කරන ලද ලිපියක සඳහන් වූයේ, 
" 2014.08.11 දින සිට ක‍්‍රියාත්මක වන නව කාල සීමාවට අනුව අධ්‍යනාංශවලට නොයන සිසුන් විශ්ව විද්‍යාලය හැරගිය අය බව සළකා කටයුතු කිරීමට සිදුවන බව මෙයින් අවධාරණය කරමි. "

එමෙන් ම ශිෂ්‍යයන්ගේ වැරදි අඩුපාඩු මවාපාමින්, ඒ පිළිබඳ කිඹුල් කදුළු සලමින් මහ දහවල් පෝස්ටර් අලවන පීඨාධිපති වාර්ථාව ද දෘශ්‍ය කලා පීඨ පීඨාධිපතිවරයා විසින් වාර්ථා කරන්නේ මෙම අරගලය ජයග‍්‍රහණය කිරීමේ සටනේ දී ය. ඒ මහ දහවල් පීඨ භූමියේ සිය ගණනක් සිසුන් බලා සිටිය දීම ය. එයින් පීඨාධිපතිවරයා තමා සිටින ස්ථාවරය පිළිබඳ මහ දවල් ආදර්ශවත් පාඩමක් කියා දීමට තරම් කාරුණික වුණි. 
කෙසේ වුවත් පළමු වසර ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල භූමියට පැමිණ දින 107 ක් යන තෙක්ම පරිපාලනය විසින් තම අත්තනෝමතික තීරණ තීන්දු හකුලා ගැනීමට පැකිලිණි. නමුත් දිගින් දිගටම ශිෂය සංගම් මෙම අසාධාරණ අත්තනෝමතික ක‍්‍රියාකලාපයන්ට විරුද්ධව නැගී සිටිමින් මෙම ඉල්ලීම් දිනා ගැනීමේ සටනට පෙළ ගැසුණි. අවස්ථා කීපයක දී ම ශිෂ්‍ය සංගමය වශයෙන් මෙම ගැටළුව සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කළ අතර එම ඉල්ලීම් පරිපාලනය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. නැවත වරක් ශිෂ්‍ය සංගමය වශයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට පරිපාලනය එක˘ වූ නමුත් අපගේ මුඛ්‍ය කාරණාවක් වන " සිසුන්ගේ දක්ෂතාවය මත කැමති අධ්‍යනාංශයක් තෝරා ගැනීමට ඉඩ සලසා දිය යුතු යි. " යන කරුණ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පරිපාලනය එකග නොවුණි. නමුත් ඔවුන් විසින් පහත ඉල්ලීම් සඳහා එකගතාවය පළ කරන ලදි.      

1. නව අධ්‍යන කාල සීමාව අවසන් වූ පසු ශිෂ්‍යයන් සියලූ දෙනාට අධ්‍යනාංශ ලිඛිතව ඉල්ලූම් කිරීමට අවස්ථාව ලබා දිය යුතු ය.

2. අධ්‍යනාංශවලට ශිෂ්‍යයන් අනුයුක්ත කිරීමේ දී ශිෂ්‍යයාගේ අධ්‍යනාංශ තෝරා ගැනීම ද ප‍්‍රධාන නිර්ණායකයක් කර ගත යුතු ය.

3. නව අධ්‍යන කාල සීමාව තුළ ලකුණු ලබා දීමේ ක‍්‍රමවේදය විනිවිද හා ක‍්‍රමවත් විය යුතු ය.

එය මෙම සටනේ 50% ජයග‍්‍රහණය කිරීමක් විය. නමුත් ශිෂ්‍ය සංගමය වශයෙන් ඉදිරිපත් කළ අනෙකුත් ඉල්ලීම් ද ලබා දෙන තුරු ශිෂය සංගම් ලෙස අඛණ්ඩව අවශ්‍ය ක‍්‍රියාමාර්ගයන්ට යොමු විය. ශිෂ්‍ය ක‍්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ක‍්‍රියාත්මක වන පසුබිමක් තුළ නැවත පරිපාලනයට අනෙකුත් ඉල්ලීම් ද ලබා දීමට සිදු විය. ඒ අනුව දින 107ක් පුරාවට මෙන් ම දින 17 ක් තුළ සංඛේත පංති වර්ජනයක් කරමින් ද තම ඉල්ලීම් දිනා ගැනීමට ශිෂ්‍යයන්ට සිදු විය. පළමු වසර ශිෂයයන්ගේ පදනම් වසර ලබා දීමටත් සිසුන්ගේ දක්ෂතාවය මත ඔවුන් කැමති අධ්‍යනාංශයක් තෝරා ගැනීමටත් ඉඩ ප‍්‍රස්ථාව ලැබිණි. තම ඉල්ලීම් දිනා ගනිමින් ශිෂ්‍ය සංගමය නරවත වරක් තම ස්ථාවරය මතක් කර දුන්නා සේම ශිෂ්‍යයන්ට සාධාරණත්වය ඉටු කර දෙමින් සටන් කර ජයග‍්‍රහණය කළ හැකි බව පෙන්වා දුණි. 

නමුත් අවධාරණයෙන් යුතුව මතක් කළ යුතු කරුණක් ඇත. එනම් 2010/2011 අධ්‍යයන කාල සීමාවේ දී ප‍්‍රායෝගික පරීක්ෂණය අහෝසි කිරීමටත් 2012/2013 වසරේ දී සිවු අවුරුදු විශේෂවේ දී උපාධිය තුන් අවුරුදු සාමාන්‍ය උපාධියක් ලෙස කප්පාදු කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් විය. ඒ අනුව අවස්ථා කිහිපයක දී ම සෞන්දර්ය උපාධිය කප්පාදු කිරීමේ අසාර්ථක, කුමණ්ත‍්‍රණකාරී වැඩ සටහන් ක‍්‍රියාත්මක වුණි. එහෙත් බලවත් ශිෂ්‍ය විරෝධ හමුවේ එම ප‍්‍රයත්න හකුළා ගැනීමට සිදු විය. 2013/2014 මෙම පළමු වසර සිසුන්ගේ ගැටළුව ද මේ වසරේ ජයග‍්‍රහණය කළ ද ලබන වසරේ යළිත් අත්තනෝමතික ලෙස මෙම ක‍්‍රියාපිළිවෙතම ගෙන ඒමට අවස්ථාවක් ඇත. ශිෂ්‍ය සංගමය ලෙස ඒ සදහා ද අවධානයෙන් සිටින බවද ඉදිරියේ දී ශිෂ්‍ය ක‍්‍රියාමාර්ග සඳහා යොමුවන බව ද අවධාරණයෙන් මතක් කර සිට්මු.




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>