මාලබේ හොර උපාධි කඩය වහ අහෝසි කරනු- නජිත් ඉන්දික

අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය මගින් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කැදවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා ප්‍රකාශ කල සිටියේ දිගින් දිගටම  දිසනයක අමාත්‍යවරයා මාලබේ උපාධි කඩය නිත්‍යානුකූල කිරීමට උත්සහ කරන බවත් "මාලබේ වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය දෙන්න වෛද්‍ය සභාවට සිදුවේවි " ලෙස ඔහු  පසුගියදා මාධ්‍ය වෙත කල ප්‍රකාශ කිරීමෙන් ඔප්පු වන බවත්ය.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2010 යෙන් පසු ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාව තුල ආරම්භ කරන්න සෘජුව උත්සහ ගත්තා, SB දිසානායක අමාත්‍ය වරයා කිව්වේ කවුරු විරුද්ධ උනත් අපි පෞද්ගලික විශ්වවිද්‍යාල දානවා කියලා.

අපි දන්නවා ඔහු මෙලෙස ප්‍රකාශ කරමින් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ ආණ්ඩුවේ අධ්‍යාපනය ප්‍රතිපත්තිය වූ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ ප්‍රතිපත්තිය බව

2009දි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන මොහොතෙ ඔහුන් ප්‍රකාශ කරපු ප්‍රධාන කාරණා 2ක් තිබුණා එකක් තමයි SAITM ආයතනයට රජයේ වෛද්‍ය සභාවේ අනුමැතිය තියෙනවා කියලා දෙවෙනි එක තමයි රුසියාවේ නිශ්නිනොර්ගුරුත් විශ්වවිද්‍යාලයෙ අනුබද්ධ ශාකාවක් කියලා. 

ඊට පස්සේ වෛද්‍ය සභාව නිළ පුවත්පත් දැන්වීමක් දැම්මා කිසිම අනුමැතියක් වෛද්‍ය සභාවෙන් අනුමැතියක් ලබා දී නොමැතිය කියලා.  ලංකාවේ රුසියානු තනදිපති කාර්යාලයෙන් කියා සිටිය එවැනි ආයතනයක් ලංකාවේ නොමැති බව. නිශ්නිනොර්ගුරුත් විශ්වවිද්‍යාලනද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිම අනුබද්ධ ආයතනයක් ලංකාවේ නොමැති බවය.මෙයට විරුද්ධව විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාරට බහිද්දී
උසස් අධ්‍යාපන ඇමතිවරයා කියනවා මේ සදහා විරුද්ධවන ශිෂ්‍යන් 1000ක් 2000ක් හරි විශ්ව විද්‍යාල තුලින් එලියට ඇදල දාල  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනව කියලා. 

ආණ්ඩුව දිගින් දිගටම අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කරන ගමන්,පාසැල් වල මුදල් එකතු කරලා පාසැල් වසා දමන තත්වයකට පත් කරන ගමන්, ආණ්ඩුව දැන් කියනවා නිදහස් අධ්‍යාපනය දිවි හිමියෙන් රකින්න කටයුතු කරනවා කියලා. අධ්‍යාපනයට වෙන් කරන අගය අඩු වෙද්දී, අධ්‍යාපනය පුද්ගලීකරණය වෙද්දී විශ්ව විද්‍යාලවල සහ පාසැල් වල මුදල් එකතු කරද්දී කොහොමද නිදහස් අධ්‍යාපනය රකින්නේ. එම නිසා අපි අවධාරණය කර සිටිනවා මෙම පුද්ගලික විශ්ව විද්‍යාලය මේ මොහොතේ නතර නොකලහොත් ඉදිරියේදි විශාල ප්‍රශ්ණයක් ඇති වන බව,
පසුගිය දිනක ආරක්ෂක ලේඛම්වරයා ඇමරිකාවේ සගරාවකට ප්‍රකාශයක් නිකුත් කොට තිබුනා රටේ ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජන තුනක් හදුනාගෙන තිබෙන බවත් එයින් එකක් ලෙස ඔහු සදහන් කොට තිබුනා ශීෂ්‍ය ව්‍යාපාර කටයුතු ලෙස.ඔහු මෙහිදි වාමාංශික ව්‍යාපාර ලෙස හදුන්වල විශේෂ කොට පෙන්වාදී තිබෙනවා ශීෂ්‍ය ව්‍යාපාරයේ උද්ගෝෂණ වැනි දේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් බව. මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයන් අරගල කරනකොට ආණ්ඩුව පෙන්වනවා ඒක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. අපි ගෝඨභය රාජපක්ෂ මහත්මයගෙන් අහන්නේ මොකද්ද මේ ජාතික ආරක්ෂාව කියන වචනෙ තේරුම කියලා. ජාතික ආරක්ෂාව කියන්නේ මේ රටේ ඉපදිච්ච නූපදිච්ච දරුවන්ගේ ආනතයයි ඔවුන්ගෙ ප්‍රධාන අයිතීන්ගෙන් එකක් තමයි අධ්‍යාපන අයිතිය අපි පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්, අධ්‍යාපන අයිතිය විකුණන්න හදනවනම් ඒක තමයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ.
මාලඹේ විශ්ව විද්‍යාලය තමයි ආණ්ඩුවේ අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ඒවගේම උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය නීතිමය ආයතනයක් කිරීමට උත්සහ දරමින් සටීම තුල ඔහු එම ආයතනය සමග යම් කිසි මුදල් ගනුදෙනුවක් ඇති බවට සැකයක් පවතිනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සොයා බලා කරුණු එළිදැක්වීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීමට, පාසැල්වලින් මුදල් අයකිරීම සහ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට එරෙහිව ආණ්ඩුවට බලකරමින් උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීමට සහා ඒ වෙනුවෙන් අඛණ්ඩ වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>