පිපෙන්නට වෙර දරන මල් කැකුළු විකසිත කරන ‘‘ බිහිදොර අබියස ” 2014 කලා උළෙල -කැළණිය විශ්ව විද්‍යාලය

නිරන්තරව, පරීක්ෂණ, නීරික්ෂණ, සංවාද, විසංවාද ආදියෙන් පෝෂිතව අවිද්‍යාවෙන් විද්‍යාව කරා ලෝකය රැගෙන යාම, අධිෂ්ඨානශීලීත්වය හා කැපකීරීම සහිත විද්‍යාර්ථීන් දහස් ගණනකගේ අපේක්ෂාවන් එළි දැක්වීම වෙනුවෙන් ‘‘පිපෙන්නට වෙර දරන මල් කැකුළු විකසිත කරන්නට ” යන තේමාව මුල් කර ගෙන ‘‘ බිහිදොර අබියස ” කලා උළෙල සංවිධානය කෙරේ.90 දශකය යනු නව ලිබරල් ධනවාදය සමාජයේ අස්සක් මුල්ලක් නෑර මිනිසුන් මිනිස් දූවිලි බවට පත් කරමින් ගෙවී යන්නට වූ දශකයකි.මිනිසුන් හුදු පෞද්ගලික ලාභ අරමුණු මත සිරකර තැබු අතර කලාකරුවෝ මුදලාලිලා බවට පත් වන්නට විය.විශ්වවිද්‍යාල පාඨමාලා,පාසල් අධ්‍යාපනය වාණිජ අරමුණු මත ගොඩනැගෙන්නට වූ අතර මුදල් නොමැතිව මිනිසෙකුට කලාව රසවිඳනු තියා නිදහස් අධ්‍යාපන ලබා ගැනීම පවා අති දුෂ්කර විය.

එවකට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ලෙස මෙම තත්වය නිවරදිව හඳ්නාගෙන නිවරදි දේශපාලන භාවිතවත් සමඟ පේරාදෙණිය විශ්විද්‍යාලයේ ‘‘මාගේ දේශය අවදි කරනු මැන ‘‘සාහිත්‍ය උළෙලත් ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ‘‘වේදිකාවෙන් මහ පොළවට” කෙටි නාට්‍ය උළෙලත් කැළණිය විශ්වවිද්‍යාලයේ ‘‘බිහිදොර අබියස” ප‍්‍රාසාංගික උළෙලත් ලංකාවේ පීඩිත ජනතාවගේ කලා හැකියාවන්ට වේදිකාවක් නිර්මාණය කීරීමට ඉඩකඩ විවර කළේය.මෙය හුදු වානිජමය අරමුණකින් තොරව නිර්මාණය කරනුයේ දිවයිනේ විසිරි පැතිර ඇති කලායතන 2000 ක් හා පාසල් 9000 ක් අංකුර කලාකරුවන් ලෙස ගොඩනැංවීම උදෙසාය.

මෙය විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ ශ‍්‍රමය මත ගොඩනැගෙන්නක් වන අතර මූල්‍යමය දායකත්වය කැට ආධාර මත හා ධීවර ගොවි කම්කරු දහඩිය මහන්සිය වපුරන අස්වැන්නෙන් නෙලාගත්තකි.මෙය පුරන් වූ කෙතකට වැටෙන දියබිදුවක් වැනි ය. අද දවසේ සමාජ ඛේදවාචකය සමඟ කලාව තව තවත් පීඩිතයාට සමීප කළ යුතුය.වාණිජ අරමුණනින් දුරස් කළ යුතුය.

මහා ශීෂ්‍ය සංගමය
කැළණිය විශ්ව විද්‍යාලය




















අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>