ඉල්ලිම් 3ක් මුල් කරගනිමින් සබරගමුව සරසවියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක්

ඉල්ලීම් 3ක් මුල් කරගනිමින් අද(2) සබරගමුව සරසවියේ මහා ශිෂ්‍ය සංගමය මගින් විශ්වවිද්‍යාලයේ සිට පඹහින්න මංසන්ධිය දක්වා පා ගමනින් පැමිණ උද්ගෝෂණයක් පවත්වා
අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයාද සහභාගී විය.
මේ වන විට ශිෂ්‍ය සංගම් තහනම් කර දින 536ක් ගත වී ඇත. පන්ති තහනම්ද විශාල ප්‍රමාණයක් තිබූ අතර තවමත් පන්ති තහනම් 7ක් ඉතිරිව තිබේ.

* මහා ශිෂ්‍ය සංගමය හා පිඨ ශිෂ්‍ය සංගම් 5 එකවර ස්ථාපිත කරනු..!
* අත්තනෝමතික පන්ති තහනම් 7 වහා ඉවත් කරනු..!
* විශ්වවිද්‍යාලය තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කරනු..!


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>