ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන පිඨ මැනුම් විද්‍යා උපාධි අපේක්ෂකයින් විසින් දින [2014.09.02] සංකේත සත්‍යග්‍රහයක් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි . 1997 වර්ෂයේ සිට මේ දක්වා දකුණු ආසියාව තුල මැනුම් විද්‍යා උපාධියක් පිරිනමන එකම ආයතනය, සබරගමුව විශ්ව විද්‍යාලයේ භූ විඥාපන පිඨයයි. පිඨයෙන් නික්මෙන මිනින්දෝරු උපාධිධාරීන්ට සේවය සැපයිය හැකි එකම රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. නමුත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ අක්‍රමවත් බඳවා ගැනීම් හේතුවෙන් සබරගමු මැනුම් විද්‍යා උපාධිධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවී තිබේ.
ඒ පිළිබඳ අවධාරණය කිරීමට මෙම සත්‍යග්‍රහය පැවැත්වූ අතර පසුව අමාත්‍යංශ ලේකම් ,මැනුම්පති හා සිසු නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි ,අවසානයේදී සාකච්ඡා කල පරිදි මිනින්දෝරුවන් බඳවා ගැනීමේ පටිපාටිය සිදුනොවුනහොත් සත්‍යග්‍රහය ,අඛණ්ඩ සත්‍යග්‍රහයක් බවට පත්වන බව ප්‍රකාශ කරමින් සිසුහු විසිර ගියහ.