ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී අද(03) දහවල් උද්ඝෝෂණයක නිරත විය.
ඒ මේ වනවිට සිරගත කර සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසු ක්‍රියාකාරීන් 5දෙනා වහා නිදහස් කරන ලෙස හා දින 24ක් තිස්සේ ඉතා අත්තනෝමතික ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් රඳවාගෙන සිටින සබරගමුව සරසවියේ සෙන්දිල් කුමාර් සුදර්ශන් සහෝදරයා වහා නිදහස් කරන ලෙස බල කරමිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට එම සිසුන් ඉල්ලීම් කළද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති අතර කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙස බල කරමින් පසුගියදා ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කල අතර ඒ සම්බන්ධයෙන් කාරණා විමසීමට පොලිසියට කැඳවා උසාවියට ඉදිරිපත් කර සිරගත කිරීමට කටයුතු කර තිබේ.