පේරාදෙණිය සිසු ක්‍රියාකාරීන් හා පැහැරගත් සබරගමුව සරසවි සිසුවා නිදහස් කරනු! රුහුණ ,වයඹ හා රජරට උද්ඝෝෂණ

පේරාදෙණිය සිසු ක්‍රියාකාරීන් හා පැහැරගත් සබරගමුව සරසවි සිසුවා නිදහස් කරන ලෙස බල කරමින් අද දින (3) රුහුණ, රජරට හා වයඹ  සරසවි වල උද්ගෝෂණ පැවැත්විනි.

රුහුණ,රජරට හා වයඹ විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගම් මගින් සංවිධානය කල උද්ඝෝෂණ අද දහවල් විශ්වවිද්‍යාල ඉදීරිපිට පැවැත්විය.  මේ වනවිට සිරගත කර සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසු ක්‍රියාකාරීන් 5දෙනා වහා නිදහස් කරන ලෙස හා දින 24ක් තිස්සේ ඉතා අත්තනෝමතික ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් රඳවාගෙන සිටින සබරගමුව සරසවියේ සන්දිර කුමාර් සුදර්ශන් සහෝදරයා වහා නිදහස් කරන ලෙස බල කරමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ස්ථාපිත නොකිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක සිට එම සිසුන් ඉල්ලීම් කළද මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති අතර කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙස බල කරමින් පසුගියදා ඔවුන් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කල අතර ඒ සම්බන්ධයෙන් කාරණා විමසීමට පොලිසියට කැඳවා උසාවියට ඉදිරිපත් කර සිරගත කිරීමට කටයුතු කර තිබේ.
එසේම සබරගමුව සරසවියේ සන්දිර් කුමාර් සහෝදරයා ද දින 24ක කාලයක් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් රඳවාගෙන සිටිනුයේ කිසිදු සාධාරණ හේතුවකින් තොරවය. එමනිසා මෙම සියලු සිසුන් නිදහස් කරන ලෙසත් පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වහා ස්ථාපිත කරන ලෙසත් බල කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්විණ.


වයඹ

රජරට



රුහුණ 




අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>