ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ මහ සභා රැස්විමක් ඊයේ(31) දින පැවැත්වින. ඒ මාලඹේ හොර උපාධි කඩය පිලිබද තොරතුරු සෙවීමට පත් කල ත්‍රිපුද්ගල කමිටුවේ වාර්ථා සලකා බලා මාලඹේ උපාධි කඩය නිරීක්ෂනය කිරීමට යාමට තීරනය කිරීමට වේ. මෙම රැස්වීමේදී මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීරීක්ෂණය කිරීමට පවා සුදුසු තත්ත්වයක නැතැයි තීරණය කර ඇත.
පසුගිය දා මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) මගින් තම ආයතනය නිරීක්ෂණය කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් සමඟ වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි. මෙම ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, මේ සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කිරීම ත්‍රී පුද්ගල කමිටුවකට පවරා තිබුණි. මහාචාර්ය කොල්වින් ගුණවර්ධන, මහචාර්ය නිලන්තිද සිල්වා, මහාචාර්ය රිශ්නි ෂෙරිෆ් යන තිදෙනා මෙම කමිටුවට ඇතුළත්ව තිබුණි.
මෙම තිදෙනා විසින් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෙනවෙනම වාර්තා තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. මෙහිදී මහාචාර්ය කොල්වින් ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ වාර්තාව තනි කොලයකින් සමන්විත එකක් විය. කෙසේ වෙතත් මෙම වාර්තා තුන මගින්ම සඳහන් කර තිබුණේ මෙම ආයතනය වෛද්‍ය උපාධි ප්‍රධානය කිරීම සඳහා සුදුසුයි යන්නයි.
මෙම වාර්තා මත පදනම් වෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අධ්‍යාපන කමිටුව මගින් තීරණය කර තිබුණේ මෙම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණය කිරීමට සුදුසු තත්ත්වයේ පවතින බවයි. එමනිසා ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මහ සභාව රැස් වී ඇත්තේ එම නිරීක්ෂණයට සහභාගීවන පුද්ගලයින් පත්කරගැනීම සඳහා බව වාර්තා වේ.
කෙසේ නමුත් මහ සභා රැස්වීමේදී තීරණය කර ඇත්තේ මෙම ආයතනය නිරීක්ෂණය කිරීමට තරම්වත් සුදුසු තත්ත්වයක නොපවතින බවයි.
කෙසේ වෙතත් කරුණු ගණනාවක් ඉදිරිපත් කරමින් මෙම වාර්තා තුනම සාවද්‍ය බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරති.
එම කරුණු අතර
1. රටේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වගකියන අයතනයක් මගින් පත්කළ කමිටුවක සාමාජිකයෙක් වෛද්‍ය විද්‍යාලයක් සම්බන්ධයෙන් තනි කොලයකින් වාර්තාවක් ලබාදීම.
2. දැනට පවතින රජයේ වෛද්‍ය විද්‍යාලවලටත් එහා ගිය ගුණාත්මක භාවයක් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සතුව ඇතැ බවට වාර්තාවල සඳහන් වීම.
ප්‍රධාන කරුනු ලෙස පවතී.
මෙහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ප්‍රශ්නකර සිටින්නේ
I. වෛද්‍ය විද්‍යාලයකට වසරකට ශිෂ්‍ය කණ්ඩායම් දෙක බැගින් බඳවාගැනීම සිදුසු නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවා තීරණය කර ඇති අවස්ථාවක එලෙස ක්‍රියාකරන වෛද්‍ය විද්‍යාලයක් ගුණාත්මක භාවයෙන් ඉහළයි යනුවෙන් නම්කිරීම නිවැරදිද?
II. එම ආයතනය මගින් ඉදිරිපත්කළ වාර්තාවල සඳහන් පරිදි, කාය විච්ඡේද විද්‍යාව යන විෂය ඉගැන්වීම් කරන ආකාර්වරු අට දෙනාගෙන් සිව් දෙනෙක්ම ජීව විද්‍යා උපාධි ධාරීන් වන අතර එවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය විද්‍යාලයක් ගුණාත්මක භාවයෙන් ඉහළයි යනුවෙන් නම්කිරීම නිවැරදිද?
III. මෙම අයාතනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පංච පුද්ගල වාර්තාවේ පවා අවම වශයෙන් උසස් පෙළ අසමත් සිසුන් සිව් දෙනෙක් වත් මෙම ආයතනය තුළ අධ්‍යාපනය ලබන බව සඳහන් වන තත්ත්වයක් තුළ මෙම ආයතනය ගුණාත්මක භාවයෙන් ඉහළයි යනුවෙන් නම්කිරීම නිවැරදිද?
IV. මෙම ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන්ට සායනික පුහුණුව ලබාදෙන පෞද්ගලික රෝහල් තුනක් නම් කර ඇති අතර ශික්ෂණ රෝහල් නොවන රෝහල්වලින් සායනික පුහුණුව ලබා දෙන වෛද්‍ය විද්‍යාලයක් ගුණාත්මක භාවයෙන් ඉහළයි යනුවෙන් නම්කිරීම නිවැරදිද?
V. මෙම ආයතනයේ සේවය කරන ආචාර්යවරුන් 74ක් සිටින බවට එම ආයතනය මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුවද එක් එක් විෂයයන් සඳහා ආචාර්යවරු නම්කරන වාර්තාවේ එක් ආචාර්යවරයකු විෂයයන් කිහිපයක් සඳහා බැගින් නම්කර ඇත. ඒ අනුව සැබෑවටම ආචාර්යවරු සිටින්නේ එම ගණනින් භාගයකටත් අඩු ගණනක් වන අතර එවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය විද්‍යාලයක් ගුණාත්මක භාවයෙන් ඉහළයි යනුවෙන් නම්කිරීම නිවැරදිද?
යන්නයි.