අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අද දවසේ මාධ්‍ය හමුවක් කැදවන්න තීරනය කලේ මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ, පාසැල් අධ්‍යාපනය තුළ මේ වෙද්දී ක‍්‍රියාත්මක වෙන අධ්‍යාපනය විකිනීමේ වැඩපිලිවෙල පිලිබද සම්බන්ද තත්වය ගැන හා ඒ සම්බන්දව අපගේ ඉදිරිවැඩපිලිවෙල පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට.
අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ලෙස අපි දිගටම අධ්‍යාපන පෞද්ගලීකරණයට,නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ ක‍්‍රියාවලියට විරුද්ධව දිගටම ක‍්‍රියාමර්ග ගත්තා. අපි දන්නවා 2010 පස්සේ පත්වෙච්ච මහින්ද රාජප්ක්ෂ ආණ්ඩුව අධ්‍යාපනය විකීණීම තමන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කරගෙන තමයි වැඩ කලේ. ඒක නිසා මීට පෙර සිදු නොවිච්ච ආකාරයට මෙම ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට,අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට, ඒවට අදාල සම්පූර්න අනුග‍්‍රහය ලබා දෙමින්, අණ පනත් සම්මත කරමින් ඒවට සම්පූර්නයෙන්ම් රජයේ ඇමතිවරු මැදිහත්වෙමින් ඉන්නවා. අනික් පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පාඨමාලා මුදලට විකුනමින් ඉන්නවා. මේක මීට පෙර නොතිබුන තත්වයක් රජයේ විශ්වවිද්‍යාල තුළ ලාබ ඉපැයීමේ තත්වයට පත්ව තිබෙනව. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ බර මුලූමනින්ම දෙමාපියො මත පටවල තියෙන්නේ. ගුරුවරුන්ට පඩි ගෙවීම පමනක් රජයෙන් වෙන්න ඇරලා අනිත් සියළුම වියදම් දෙමාපින්ට දරන්න වෙලා. මෙන්න මෙහෙම තත්වයක් තමයි අධ්‍යාපනයට දැන් තියෙන්නෙ.
පෞද්ගලික විශ්වවිද්‍යාල ගත්තට පස්සේ අපි දන්නවා 2009 ආරම්භ කරපු මාලබේ SAITM ආයත්නය ශිෂ්‍යන්ගේ විරොධතා මැද්දේ ආචාර්‍යවරුන්ගේ විරෝධය මැද්දේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව පවත්වාගෙන යනවා. මේ වෙදිදි ඒකේ උසස් පෙළ අසමත් සිසුන් පවා වෛද්‍ය උපාධිය හදාරනවා ලක්ෂ 120 තරම් විශාල මුදල්ක් දීල. මේ අවුරුදු 3 තුල මාලඹේ SAITM ආයතනය නීත්‍යානුකූල කිරීමට ගැස්ට් පත‍්‍ර 4ක් නිකිත් කරලා තියෙනවා. මෙයට විරුද්ධව සටන් අවිලෙමින් තිබෙද්දි දැඩි විරෝධා තිබෙද්දි, මේ ආයතනය රටේ සියළු නීති රීති උල්ලංගනය කරල තිබියදීත් තමයි තමයි ආණ්ඩුව මේ වෙනුවෙන් අනුග‍්‍රහය දක්වන්නේ පෙනී ඉන්නෙ. ඒ සඳහා සෘජුවම උසස් අධ්‍යාපන ඇමතිතුමා පෙනී ඉන්නවා. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට දිනෙන් දින ප‍්‍රතිපාදන කප්පාදු කරමින් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන කප්පාදු කරමින්, විශ්වවිද්‍යාල වලට බදවාගන්න ප‍්‍රමානය අඩු කරමින් තමයි පෞද්ගලික විශ්වවිද්‍යාල වලට අනුග‍්‍රහය දක්වන්නේ. මේක තමයි ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ වර්තමාන තත්වය ඒක නිසා තමයි අපි කියන්නේ මාලඹේ ආයතනය අහෝසි කරන්න කියල.
මේක මෙහෙම වෙද්දි අනික්පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුල පාඨමාලා මුදලට විකිණීමට තීරනය කරලා තියෙනවා විකුණනවා. මේ තත්වය කලින් තිබුන එකක් නෙවෙයි. අපි දන්නවා මීට පෙර විශ්වවිද්‍යාල වලට එන්න බැරි සිසුන්ට, ඒ සඳහා සුදුසුකම් තිබුනත් අවස්තාව නැත්වෙන සිසුන් ඕනිනම් උපධියක් හදාරන්න අවස්තාවක් ලෙසා බාහිර උපාධි පාටමාල තිබුනා. ඒක කොහෙත්ම ලාබ ලබන අරමුනකින් පැවති එකක් නෙවෙයි. ඉතා අඩු ලියාපදින්චි ගාස්තුවක් ගෙවලා උපාධිය සඳය ඉගෙනගන්න පුලූවන්. හැබැයි දැන් මේක මුලූමනින්ම වෙනස් කරලා බාහිර උපාධි නම විතරයි උපාධි ගිනිගනන් වලට විකුනනවා. මේ වන විට මෙහෙම පාඨමාලා විකුණන ඒවගේ තොරතුරු අපි ගාව තියෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ ශාෂ්ත‍්‍ර පීඨයේ උපාධිය විකුණනවා රු.67000කට, කළමණාකරන උපාධිය විකිණීමට යෝජිතයි රු.300,000කට, රජරට කළමණාකරන උපාධිය රු.150000කට, සෞන්දර්‍ය විශ්වවිද්‍යාලයේ නර්ථන උපාධිය රු.79000කට , සංගීත උපාධිය යෝජිතයි 81000කට, කැලණිය කළා උපාධිය රු.75000කට, නැගෙනහිර හෙද උපාධිය 500,000කට, පේරාදෙණිය කළමණාකරන උපාධිය රු.300,000කට විකුණනවා. මේ කරමය මීට අවුරුදු 4කට කලින් මෙහෙම ත්ත්වයක් තිබ්බේ නෑ. පසුගිය අවුරුදු 2ක 3 තුළ තමයි මේ වගේ තත්වයක් නිර්මානය කරලා තියෙන්නේ. බාහිර උපාධි කියන නම යටතේ බහිර උපාධි සිසුන්ට බාහිර උපාධි අහිමි කරමින් ගිනිගනන් වලට උපාධි විකුණනවා. මේක බරපතල ප‍්‍රශ්නයක්. බාහිර උපාදි විදියට විතරක් නෙවෙයි අභ්‍යන්තර උපාධි ලෙසද විකුණන්න පටන් අරන් තියෙන්නේ. මෙ වන් විට වෛද්‍ය උපාධිය විකුනලා සිසුන් 40ක් අභ්‍යන්තරව මුදලට ඉගෙනගන්නවා. පේරාදෙණිය කළමණාකරන පීඨය අන්තර් ජාලයේ විකුනන්න දාලා තියෙන්නේ. මේක තමයි රජයේ විශ්වවිද්‍යාල වල තත්වය.
ඒ වගේම පාසල් අධ්‍යාපනයේ ගත්තට පස්සේ පාසල් අධ්‍යාපනයේ බරපතල ලෙස මුදල් එකතු කරනවා. ඉතිහාසයේ කවරදාවත් සිදු නොවන විදියට මුදල් එකතු කරනවා. අපි දන්නවා 1947 නිදහස් අධ්‍යාපනය ආරම්භ වුනාට පස්සේ පාසල් අධ්‍යාපනය තුළ මුදල් අය කිරීමක් සිදු වුනේ නෑ. 1980 දශකයේ පාසුකම් ගාස්තු අය කරගන්න පනතක් සම්මත් කරගන්නවා ඒක වසරකට රු.1 සිට රු. 3 දක්වා මුදලක් තමයි අය කරගන්න පුලූවන්කම 2014 මුල වෙනකම් තිබුනේ. ඒක 2014 ජනවාරි මාසේ විශේෂ චක‍්‍රලේකයක් මගින් රු.600 දක්වා වැඩි කරලා තියෙනව. හැබැයි ප‍්‍රශ්නේ තමයි ඒක එතනින් නතර නොවී දහස් ගනන් මුදල් එකතු කරනව පාසල් නඩත්තුවට, තීන්ත ගාන්න, ආරක්ෂක වියදම් විඩියට, ගොඞ්නැගිලි හදන්න. මහින්දෝදය විද්‍යාගාර විවෘත කරන්න මහ්න්ද රාජපක්ෂ එනවා කියල ඒකට උත්සව තියන්නත් මුදල් එකතු කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේදි ප‍්‍රශ්න කලාම ඇම්තිවරු කිය්නවා එහෙම් නෑ කියල. හැබැයි අපි ගාව තොරතුරු තියෙනවා මුදල් අයකර්නවා කියලා දෙමාපියෝ එවපු. අපි ඒවගෙන් කිහිපයක් කියන්නම්. තබුත්තේගම මකුලෑව මහා විද්‍යාලය මහින්දෝදය විද්‍යාගාරය විවෘත කරන්න ජනාධිපතිතුමා එනවා කියලා රු.500ක් එකතු කරනවා. සල්ලි එකතු කරන එක ගැන කියන්න එපා කියලා පාසලේ බලදාරීන් දෙමාපියන්ට තර්ජනය කරනවා. ඒ වගේම හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කරන්න ජනාදිපති තුමා එනවා කියලා පාසලේ තීන්ත ගාන්න කියලා රු.250ක් එක් ශිෂ්‍ය්යෙක්ගෙන් එකතු කරනව. ඒ වගේම කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලය මේ විදයාලයේ වාර්ශිකව දහස් ගානක් එකතු කරනා. පවුලේ හැම ශිෂ්‍යයෙක්ගෙනම අවුරුද්දකට රු.3000යි. තීනත ගාන්න කියලා වෙනම 1000යි. ශිෂ්‍ය නායිකාවන්ගෙන් 4000යි. පාහසුකම් ගාස්තු කියල තව 3600යි. මේ විදියට පාසල් වලින් විවිද වියදම් කියලා ශිෂ්‍යයන්ගෙන් සල්ලි එකතු කරනවා. මේක තමයි පාසල් වල තත්වය .
ඒ නිසා මේ තත්වයට විරුද්ධව සටන් කරන්න, දිවයිනේ සියළු බලවේග මේ සඳහා පෙලගස්සන්න අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි කටයුතුකරනවා. ඒ සඳහා සෑම නගරයකටම යන්න විරොධතා බැනරයක් අත්සන් කරන්න සියලූ වැඩ අපි සූදානම් කරල තියෙන්නේ. එය හෙට දිනයේ කොළඹ කොටුවෙන් ආරම්බහ කරනවා. පත‍්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුවේ අධ්‍යාපන සන්හාරයට විරුද්දව පුළුල් බලවේගයක් නිර්මාණය කරනවා ආණ්ඩුවේ මේ ප‍්‍රතිපත්තිය පරාජය කරනවා.
සටන් පාඨ
අධ්‍යාපනය විකීණීම නවතනු! මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
පාසල් තුළ සිදුකරණ මුදල් අය කිරීම නවතනු!
සරසවි තුළ පාඨමාලා මුදලට විකිනීම නවතනු!
පාසල් තුල මුදල් අය කරපු තොරතුරු