අධ්‍යාපනය විකිණීමට එරෙහිව රටපුරා විරෝධතා බැනරය අත්සන් කිරීම.

 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් අධ්‍යාපනය විකිණීමට එරෙහිව රට පුරා නගර 150ක් ආවරනය වන ලෙස ජනතාව දැනුවත් කරමින් විරෝධතා බැනර් අත්සන් කිරීමේ ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන අතර එහි පළමු බැනරය අත්සන් කිරීම අද(4) කොළඹ කොටුව දුම් රිය පොළ ඉදිරිපිටින් ආරම්භ විය. ගිය සතිය තුළ ගාල්ල නගරයේ හා අනුරාධපුර නගරයේ මෙම බැනරය අත්සන් කරන ලදී.
මෙම සතිය තුළ බැනරය පහත නගර වල අත්සන් කරයි.


නොවැ 10 - බලංගොඩ, අම්බලන්තොට
නොවැ 11 -පැල්මඩුල්ල, කහවත්ත , ඇඹිලිපිටිය
නොවැ 12 - මාතර, ටවුන්හෝල්, කුරුවිට, නිවිතිගල,කලවාන
නොවැ 13-තිස්ස,තබුත්තේගම, කිරිබත්ගොඩ, රතනපුර
නොවැ 15-තංගල්ල, විතාරන්දෙනිය

එහි සටන් පාඨ
අධ්‍යාපනය විකිණීම නවතනු! මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
පාසැල් තුළ සිදු කරණ මුදල් අය කිරීම නවතනු!
සරසවි තුළ පාඨමාල මුදලට විකිණීම නවතනු!


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>