ආණ්ඩුවේ මැරයින් රජරට සරසවියේ විරු සිසු ප්‍රථිමාව කඩා දමයි

අද (08) දින අළුයම 03 ට පමණ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කර තිබූ විරු සිසු ප්‍රථිමාවට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. මැරයින් විරු සිසු ප්‍රථිමාව කඩා දමා ඒ ආසන්නයේ ශිෂ්‍ය මධ්‍යස්ථානය අසල තිබූ විරු කැරම් පුවරුවක්ද රැගෙන ගොස් තිබේ.
මෙම ප්‍රහාරය මුළුමනින්ම ආණ්ඩුවේ මැරයින් විසින් එල්ල කරන ලද්දක් බවත් මෙය වසන්කිරීම හා වෙනත් පුද්ගලයකුගේ ක්‍රියාවක් ලෙස තහවුරු කිරීම සඳහා අසල තිබූ කැරම් පුවරුව රැගෙන ගොස් ඇත.
 පසුගිය මාස කිහිපය තුළ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් සටන් ජයගත් බවත් ඒ තුළ තිබූ සමගිය හා සිසුන්ගෙ ආත්ම විශ්වාසය ගොඩනැගීම සිදුවූයේ සිසු විරුවන්ගේ අපරිමිත කැපකිරීම්වල ආදර්ශයෙන්ය.ආණ්ඩුව ලද පරාජයන්ට සිසුන්ගෙන් පලිගැනීමේ හා සිසු සමගිය කඩා දැමීමේ අරමුණෙන් ආණ්ඩුව මෙලෙස මැර ප්‍රහාර එල්ල කරන ඇත.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>