"නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගැනීමට පෙළසැසෙමු!" ප්‍රසිද්ධ සම්මන්ත්‍රනය


නව ලිබරල් ප්‍රතිසංස්කරන ලංකීය භූමිය තුල ක්‍රියාත්මක වීමත් සමඟ එතෙක් පැවති අනාර්ථික භාණ්ඩ ආර්ථික භාණ්ඩ විය. සියළුම සේවාවන් වලට මිලක් නියම විය. එය සේවා අර්ථයෙන්  පැවති අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි සේවාවන්ටද එසේම විය. එම සේවාවන් ලාභ ඉපැයීමේ තත්වයට පත්විය.එහි ප්‍රථිඵලයක් ලෙස ප්‍රවාහනය පෞද්ගලීකරණය විය. සෞඛ්‍යද පෞද්ගලීකරණය විය. අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම  පාලකයින් උත්සහ කල අයුරින්ම සිදු කිරීම  සිසු විරෝධය හමුවේ සටන් හමුවේ නැවතුනද, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට වරි වර පාලකයින් උත්සහා දරමින් සිටී. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට ශිෂ්‍ය ව්‍යාපරයට සටන් කිරීමට සිදු විය. නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍යක්ද දිනාගැනීමේ අරමුණින් 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස නිදහස් සෞඛ්‍ය සේවයක් දිනාගැනීමට සමාජය පෙළගැස්වීම සඳහා "නිදහස් සෞඛ්‍ය සේවාවක් දිනාගැනීමට පෙළසැසෙමු!" ප්‍රසිද්ධ සම්මන්ත්‍රනය ජනවාරි 27 හවස 3.00ට කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී විද්වතුන්, වෘතීය සමිති නායකයින් හා සිසු නායකයින්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.   


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>