පොලිසිය යොදා සිදු කරන ශිෂ්‍ය මර්ධනය නවතනු!

විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහල දැමීමට එරෙහිවත්, ශිෂ්‍ය මර්ධනයට එරෙහිවත් හා ශිෂ්‍ය සංගම් ලබා දෙන ලෙසත් බලකරමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් දිඟින් දිගටම අරගලයක් කරමින් තිබුනි. උද්ඝෝශන,විරෝධතා බැනර් අත්සන් කිරීම් සිදු කල අතර ගැටලු වලට වහා විසදුම් ලබා දෙන ලෙස බලකරමින් පසුගිය දෙසැම්බර් 17 වන දින සිට විශ්වවිද්‍යාලය ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක් ඇරබිය. මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරබීමත් සමඟ පරිපාලනය ගැටළු වලට විසදුම් ලබා දෙනවා වෙනුවට, ශිෂ්‍ය මර්ධනය අඇරබිය. විශ්විද්‍යාල සිසුන් අත් අඩංගුවට ගැනීමට, නඩු පැවරීමට කටයුතු කරමින් සිටී. මේ හේතුවෙන් පොලිසිය යොදා සිදු කරන ශිෂ්‍ය මර්ධනය නවතනු!
ගැටළු වලට වහා විසදුම් ලබා දෙනු! යන සටන් පාඨ මුල් කරගනිමින් ඊයේ(3)දින විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝශනයක් පැවැත්විය.

තවද ඊයේ(3) දිනයේ අඛන්ඩ සත්‍යග්‍රහයේ සහයට සබරගමුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සිසුන් සහබාගි  විය.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>