සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මඟින් අද(23) දින විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක පැවැත්විය. ඒ මේ වන විට පවතින ගැටළු ගනනාවකට විසදුම් ඉල්ලමින්
සබරගමුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප‍්‍රජාව ලෙස මේ වන විට කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසුන්ගේ විභාග අයිතිය ලබාගැනීම වෙනුවෙන් සහ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් ගෙන යන අඛණ්ඩ සත්‍යග‍්‍රහ ක‍්‍රියාමාර්ගයේ 43 වෙනි දිනය පසු කරමින් සිටී. නමුත් විශ්වවිද්‍යාල පරිපාලනය සහ රටේ අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳ කිසිඳු විසඳුම් ලබා දීමක් මේ වන තුරුත් සිදුකර නොමැත. අප මෙලෙස සත්‍යග‍්‍රහ කරමින් සිටින්නේ ඇයිදැයි යන්න පිළිබඳව කිසිඳු කතිකාවක් ගොඩනගා නොමැත. මේ හේතුවෙන් සිසුන් බරපතල ප‍්‍රමාණයකගේ ජීවිත වලට බරපතල අර්බුද ගොඩනැගී තිබේ. අප මෙලෙස මතු කරන ,අධ්‍යාපනය තුළින් සිසුන් පිටමන් කිරීම සම්බන්ධ කතිකාව, අධ්‍යාපනය තුළ සිසුන් පීඩාවට පත්කිරීම සම්බන්ධ කතිකාව, අධ්‍යාපනය සම්බන්ධ බරපතල වගකීමක් ඇති ආයතනයක් තුළ පැන නැගුනු ගැටලූවකට කිසිඳු ප‍්‍රබුද්ධ මැදිහත් වීමකින් තොරව නීති යොදමින් අත්තනෝමතිකව කටයුතු කිරීමට විරුද්ධව ගෙන යන කතිකාවන් සම්බන්ධව කිසිඳු අවධානයක් යොමු නොකර, සිසුන් මර්දනය කරමින් මෙම ප‍්‍රශ්ණයෙන් පැනයාමේ පිළිවෙතක් මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අනුගමනය කරමින් සිටියි. එවන් තත්වයක් තුළ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිසුන්ගේ ජීවිත මේ වන ව්ටත් බරපතල අවධානමක පවතී.
එපමණක් නොව ශ‍්‍රි ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ බොහෝ පීඨ ප‍්‍රමාණයක් මේ වන විට දීර්ඝ නිවාඩු කාල සීමාවක පවතී. කෘෂි විද්‍යා පීඨයට අදාලව එය මාසයකටත් අධික කාලයක් මේ වන විට ක‍්‍රියාත්මක වේ. එහෙත් සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනෙකුත් විශ්වව්ද්‍යාල වලට සාපේක්ෂව ඉතාමත් පසුපසින් තිබෙන අතර එම තත්වය නොසලකමින් මෙලෙස දීර්ඝ නිවාඩු ලබා දීම සම්බන්ධව අප හට කිසිලෙසකින්වත් එකඟ වීමට හැකියාවක් නෙමැත. තවද සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක කණ්ඩායම මේ වන විට බඳවාගෙන ඇති නමුත් ඔවුන් බඳවාගන්නා ලද්දේද අනෙක් සියලූ විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව ඉතාමත් ප‍්‍රමාදවය. එබැවින් සබරගමුව විශ්වවිද්‍යාලය තුළ මේ වන විට අධ්‍යයන කටයුතු නිසිලෙස සිදුනොවීම සම්බන්ධ අස්ථාවර තත්වයක් උද්ගතව තිබේ.
නමුත් මේ වන විට සබරගමුව විශ්වවිද්‍යාලයීය පරිපාලනය මෙම ගැටලූ ඇතුලූ විශ්වවිද්‍යාලයේ පවතින අනෙකුත් බරපතල ගැටලූ විසඳීම පසකලා සිසුන් මර්දනය කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙමින් සිටියී. එනම් මේ වන විට විශ්වවිද්‍යාල භූමිය සිසුන් හට රුඳීසිටීම තහනම් කිරීමට විශ්වවිද්‍යාලයීය පරිපාලනය කටයුතු කර තිබේ. එය ඔවුන් විසින් සිදුකරනු ලබන්නේ සත්‍යග‍්‍රහ ක‍්‍රියාමාර්ගය තුළ සිටින සිසුන් මර්දනය කිරීම සඳහා බව පැහැදිලි කරුණකි. තවද අන්තර් විශ්වව්ද්‍යාලයීය ක‍්‍රිඩා තරඟ ලබන මාසය තුළ පැවැත්වීමට නියමිත අතර එවන් තත්වයකදී එයට සහභාගී වන සිසුන් හට පුහුණු වීම් කටයුතු සිදුකිරීමේ අවස්ථාවද අහිමි කිරීමට තරම් විශ්වවිද්‍යාලයීය පරිපාලනය කටයුතු කර තිබේ. එපමණකින්ද නොනැවතී එම සිසුන් හට විශ්වවිද්‍යාලයේ රැඳීනොසිටින ලෙසද, එලෙස රැඳීසිටිය හොත් පංති තහනම් කරන බවටද ප‍්‍රකාශකර තිබේ. තත්වය මෙසේ වුවද මෙම තරඟාවලියේ ක‍්‍රිකට්, කරාටේ ඇතුලූ තරඟ කිහිපයක් පැවැත්වීමට සැළසුම් කර තිබෙන්නේද අප විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ වේ. එම කරුණ පවා නොසලකමින් මෙම නිවාඩු කාල සීමාව තවත් දීර්ඝ කිරීම සඳහාද පරිපාලනය විසින් මේ වන විට සැළසුම් සැකසීමට පටන්ගෙන තිබේ.
එහෙත් සබරගමුව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ප‍්‍රජාව ලෙස උක්ත ක‍්‍රියාකලාපය සම්බන්ධව ඇත්තේ බරපතල විවේචනයකි. එබැවින් මෙලෙස සිසුන්ගේ අධ්‍යයන කටයුතු අස්ථාවර කරමින් ප‍්‍රශ්ණ විසඳීමෙන් පැනයාමට විරුද්ධව මහා ශිෂ්‍ය සංගමය ලෙස ලිපි මගින් විරෝධය පලකර, ගැටලූ විසඳා සරසවිය විවෘත කරන ලෙස ඉල්ලීම් කර තිබේ.