කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දිනයේ විශ්වවිද්‍යාලයේ ඇති වි ඇති ශිෂ්‍ය කප්පාදුව නවතා 2013 අධ්‍යන වර්ෂයට අදාළව පුරප්පාඩු ඇති විෂයන් සදහා භික්ෂුන් වහන්සේලා හා සිසුන් බදවා ගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය. එහිදි නුවර පාර ඉදිරිපිට විරොධතාවය දැක්වු සිසුන් විශ්වවිද්‍යාල පරිපාලනය ඉදිරිපිට විරොධතාවය පළ කර ශිෂ්‍ය පුරප්පාඩු පිරවිමට බලකළහ. කැලණිය විශ්වවිද්‍යාලයට ආදාළව 2013 අධ්‍යන වර්ෂයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ පුරප්පාඩු 177 ක් පවතින අතර විශ්වවිද්‍යාලයට බදවා ගන්නා භික්ෂුන් වහන්සේලා ප‍්‍රමාණය විශාල වශයෙන් කප්පාදුවකට ලක් වි ඇත. මෙහිදි 2010 වර්ෂයෙදි කැලණිය විශ්වවිද්‍යාලයට භික්ෂුන් වහන්සේලා 126 ක් බදවා ගත්තද පරිපාලනය විසින් උපක‍්‍රම ශිලිව බදවා ගන්නා භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාව ක‍්‍රමයෙන් අඩු කිරිම කර ඇති අතර 2013 වර්ෂයෙදි මෙම කප්පාදු කිරිම 26 ක් දක්වාම කප්පාදු කර ඇත. මෙම කප්පාදු කිරිමෙන් පාලකයන් බලාපොරොත්තු වන්නේ ශාස්ත‍්‍ර පීඨ විෂයන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරිම හා පිටරට ශිෂ්‍යයන් සදහා උපාධි අවස්ථා පුඵල් කිරිමටයි. මෙම භික්ෂු කප්පාදුව නවතා විශ්වවිද්‍යාලයට ප‍්‍රමාණවත් භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් බ`]දවා ගන්නා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය දිගින් දිගටම පරිපාලනයෙන් ඉල්ලීම් කළද එවාට නිසි පිළිතුරු ලබා නොදිම නිසා කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නුවර පාරේ සිසුන් විසින් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට අදට දින 35 ක් ගතව තිබේ. උසස් පෙළ සමත් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලත් සිසුන් හා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් සිටියදි විශ්වවිද්‍යාලයේ ඇති පුරප්පාඩු සම්පුර්ණ කිරිමට පරිපාලනය ක‍්‍රියාත්මක නොවිම නිදහස් අධ්‍යාපනය විනාශ කිරිමට පාලකයන්ගේ ඇති වුවමණාව මැනවින් පෙන්වා දෙන අවස්ථාවකි.