අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මඟින් අද(29) දින කොළඹදී පා ගමනක් පවත්වන ලදී. ඒ උසස් අධ්‍යාපනය තුළ සිදු කරන බඳවා ගැනීම් කප්පාදුව නවතා ශිෂ්‍ය භික්ෂු බඳවාගැනීම් ඉහල දමන ලෙස ආණ්ඩුවට බල කරමින් ය. මෙම පා ගමන කොළඹ කොටුවේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දක්වා පැමිණි අතර එහිදි පොලිසිය විසින් මෙම පා ගමනට ම්ලේච්ඡ පහරදීමක් සිදු කරන ලදී. කදුළු ගෑස්, ජල ප්‍රහාර හා බැටන්පොලු වලින් භික්ෂුන් වහන්සේලාට පහර දී ඇත. එහිදී තුවාල ලැබු භික්ෂූන් වහන්සේලා 8 දෙනෙක් හා එක් ශිෂ්‍යාවක් රෝහල් ගත කර තිබේ.