ප්‍රවෘත්ති අධ්‍යක්ෂක/කතෘ
2015/4/30
මහත්මයාණෙනි/මහත්මියණි,
මාධ්‍ය නිවේදනය
යහපාලන ආණ්ඩුවෙන් ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු මහම`ගදී, ලූහුබැද අත්අඩංගුවට ගනී.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු අද(අපේ‍්‍රල් 30) දහවල් කුරුදුවත්ත පොලීසිය ම`ගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ ශක්ති මාපාවිට සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ විශ්ව ධනංජයද සිල්වා යන සහෝදරවරුන්ය. අද දහවල් ‘රහසිගත ලෙස’ අත්අඩංගුවට ගෙන ඇති මොවුන් සවස අලූත්කඬේ මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 11 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ(පසුව දැනගත් පරිදි) අද දහවල් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයකට සහභාගී වීමෙන් අනතුරුව යතුරු පැදියකින් යමින් සිටියදීය. උදෑසන පිටත් වූ මොවුන් පිළිබ`ද තොරතුරක් නොමැතිව පැය ගණනක් සොයා බැලීමෙන් අනතුරුව, සවස 04 ට පමණ ඔවුන් පොලිස් අත්අඩංගුවේ සිටින බව අනාවරණය කර ගන්නා ලදී. එතෙක් පැය හතරකට ආසන්න කාලයක් දුරකථන විසන්ධිකර, කිසිවෙකුට නොදන්වා ඔවුන් කුරු`දුවත්ත පොලීසිය තුළ ර`දවාගෙන තිබේ.
මොවුන්ට විරුද්ධව චෝදනා ලෙස ඉදිරිපත් කර ඇත්තේ අපේ‍්‍රල් 29 වන දින පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය ම`ගින් පවත්වන ලද පාගමනේදී පොදු දේපළ හානි කිරීම හා පොලිස් නිළධාරීන්ට පහර දීම යි.
සරසවි තුළ ශාස්ත‍්‍රීය විෂයයන් කප්පාදු කරමින්, ශිෂ්‍ය භික්ෂූන් බ`දවා ගැනීම හරි අඩකින් අඩු කරමින් පාලකයින් ගෙන ගිය කප්පාදු වැඩපිළිවෙළට එරෙහිව සති ගණනක අරගලයකින් අනතුරුව එම පාගමන පැවැත්විණි. එම අතිශයින් සාධාරණ ගැටලූ වලට විස`දුම් ලබා දෙනවා වෙනුවට රාජපක්ෂ ආණ්ඩුව ගිය සුපුරුදු ම`ගම යමින්, මහ ම`ගදී ලූහුබැ`ද අත්අඩංගුවට ගැනීම් හා ශිෂ්‍යයින් සිරගත කිරීම් මෙම ඊනියා යහපාලනය යටතේ ආරම්භ කර ඇත. මෙම කි‍්‍රයාවලිය අපි පිළිකුල් සහගතව හෙළා දකින අතර, 19 වැනි සංශෝධනය ආදිය ගැන කයිවාරු ගසමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බොරු දෙසා බාන මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ හා ශිෂ්‍යයින් මර්දනය කිරීමේ වැඩපිළිවෙළට දැඩි ලෙස එරෙහිවෙමු. අත් අඩංගුවට ගත් ශිෂ්‍ය කි‍්‍රයාකාරීන් වහා නිදහස් කරන ලෙස බල කර සිටිමු.
ස්තූතියි.
මීට
කැදවුම්කරු