අත්අඩංගුවට ගත් සිසුන් වහා නිදහස් කරනු!

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ/කතෘ
2015.5.5
මහත්මයාණෙනි/මහත්මියණි,

මාධ්‍ය නිවේදනය

පසුගිය අපේ‍්‍රල් 30 වන දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු කුරුදුවත්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරන පීඨයේ ශක්ති මාපාවිට සහා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ විශ්ව ධනංජයද සිල්වා සහෝදරවරුන් වේ.අත්අඩංගුවට ගත් මෙම සහෝදරවරුන් දෙදෙනා අලූත් කඬේ මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ. මොහුන්ට විරුද්ධව චෝදනා ගොනු කර ඇත්තේ අපේ‍්‍රල් 29 වන දින පැවති අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මඟින් පවත්වන ලද පාගමනේදී  පොදු දේපළ වලට හානී කිරීම හා පොලිස් නිළධාරියෙකුට පහර දීම ලෙසය.
මෙම සහෝදරවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහමඟ ලූහුබැඳ ගොස්ය. අත්අඩංගුවට ගැනීමෙන් අන්තරුව මොහුන් දෙදෙනාගේ ජංගම දුරකථන පවා විසංදි කර කිසිවෙකුට නොදන්වා පොලිස්ථානයේ පැය 3කට ආසන්න කාලයක් ඉතා රහසිගතව රඳවාගෙන සිට තිබේ.
සරසවි තුළ ශාස්ත‍්‍රීය විශයන් කප්පාදු කරමින්, ශිෂ්‍ය භික්ෂු බඳවා ගැනීම හරි අඩකින් අඩු කරමින් පාලකයින් ගෙන ගිය කප්පාදු වැඩපිළිවෙලට එරෙහිව සති ගනනක අරගලයකින් අනතුරුව එම පා ගමන පැවැත්විය. මෙම අතිශයින් සාධාරන ගැටළු වලට විසදුම් දෙනවා වෙනුවට රාජපක්ෂ ආණ්ඩුව සිදු කල පරිදිම ශිෂ්‍ය මර්ධනය කැඳවා තිබේ.  යහපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ නන්දොඩවමින් බලයට පැමිනි මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව  නැවත වතාවක් මෙරට ජනතාව මුලා කරමින් රාජපක්ෂ මහතා සිදු කල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩපිලිවෙලම සිදු කරමින් සිටී. ඒ බව මෙම සහෝදරවරුන් අත් අඩංගුවට  ගැනීමේ සිට ශිෂ්‍ය පා ගමන් වලට පහර දීමේ සිට, ශිෂ්‍ය නායකයින්ගේ ගෙවල් වලට රහස් පොලිසියේ නිලධාරීන් යවා දෙමාපියන් බියවැද්දීමේ සිට සිදු කරමින් සිටන වැඩපිළිවෙලින් සනාත වේ. 19 වැනි සන්ශෝධනය ගැන කයිවාරු ගසමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බොරු දෙසා බාමින් මෛත‍්‍රී -රනිල් ආණ්ඩුවේ  අධ්‍යාපනය විකිණීමේ වැඩපිලිවෙල හා ශිෂ්‍ය මර්ධන වැඩපිලිවෙල පිලිකුලෙන් යුතුව හෙලා දකිමු. අත්අඩංගුවට ගත් ශිෂ්‍ය ක‍්‍රියාකාරින් වහා නිදහස් කරන ලෙස බල කර සිටිමු.

මෙම ශිෂ්‍ය ක‍්‍රියාකාරින් දෙදෙනා වහා නිදහස් කරන ලෙස බල කරමින් හෙට(06) දින විශ්වවිද්‍යාල ගනනාවක උද්ඝෝෂණ හා පා ගමන් පැවැත්වේ.
කැලණිය විශ්වවිද්‍යාලය - විශ්වවිද්‍යාලයේ සිට කිරිබත්ගොඩ නගරය දක්වා පා ගමන දහවල් 12.00ට
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය- විශ්වවිද්‍යාලයේ සිට නුගේගොඩ  නගරය දක්වා පා ගමන දහවල් 12.00ට
රජරට විශ්වවිද්‍යාලය- විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය දහවල් 12.00ට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය-විශ්වවිද්‍යාලයේ සිට ගලහ හංදිය දක්වා පා ගමන දහවල් 12.00ට
බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලය - -විශ්වවිද්‍යාලයේ සිට  පිටිපන හංදිය දක්වා පා ගමන සහස 3.00ට
වයඹ විශ්වවිද්‍යාලය- විශ්වවිද්‍යාලයේ සිට කුලියාපිටිය නගරය දක්වා පා ගමන දහවල් 2.00ට
රුහුණ විශ්වවිද්‍යාලයීය කෘෂි පීඨය- පීඨය ඉදිරිපිට උද්ඝෝෂණය දහවල් 12.00ට

ස්තූතියි.
මීට 
කැදවුම්කරු

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>