මාධ්‍ය සාකච්චාවට පැමිනීම වලකමින් බුද්ධි අංශ නිළධාරින් ඉසුරු සම්පත් සිසුවාට තර්ජනය කරයි

 මාධ්‍ය නිවේදන

පසුගිය 8 වන දින රාත‍්‍රියේදී කොළඹ කොටුවේදී  පොලිසිය විසින් පැහැරගත් ඉසුරු සම්පත් සිසුවා මාධ්‍ය සාකච්චාවට පැමිනීම වලක්වමින් බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහුට තර්ජනය කර ගෙදර යවයි.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ  දෙවන වසරේ ඉගෙනුම ලබන ඉසුරු සම්පත් ශිෂ්‍යයාය පසුගිය 8 වන දින රාත‍්‍රියේදී කොළඹ කොටුවේ සිට විශ්වවිද්‍යාලයට එමින් සිටියදී පොලිසිය විසින් පැහැර ගන්නා ලදී. එම සිද්ධියට අදාලව අද(10) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පැවැත්වූ මාධ්‍ය සාකච්චාවට පැමිණීමට සූදානමින් සිටියදී සිවිල් ඇදුමින් සැරසී සිටි බුද්ධි අංශ නිළධාරියෙක් ඔහු නැවතී සිටිය නිවසට ගොස් ,මිනිත්තු 5ක් ඇතුළත නැවතී සිටින ස්ථානයෙන් පිටත්වන ලෙස, මෙම සහෝදරයාට තර්ජනය කොට තිබේ.
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් වල නිරතවන ක්‍රියාකාරිකයෙකු වන මොහු පසුගිය 08  වන දින රාත්‍රියේ 7ග30ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ  නගරයේ අමතර රැකියාව නිරතවීම  සඳහායගඒ අනුව ගාලු මුවදොර පිටිය අසළ බස් නැවතුම්පළින් බැස පාර මාරුවීමේදී මාර්ගය අසළ සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඔහුව අල්ලාගනු ලබන්නේ  ඉරෙන් පාර මාරු නොවීම හේතුවක් ලෙස දක්වමිනිග
ඒ අනුව පැය භාගයක පමණ  කාලයක්  පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව  ඔහුව පරික්ෂාවට ලක්කර තිබේගඅනතුරුව අමතර රැකියාවකට යාමට අවශ්‍ය බව කිහිපවිටක්ම පැවසු පසු නිදහස් කර තිබේග
පසුගිය කාල වකවානුව තුල  විශ්වවිද්‍යාලය ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන යාම අත්අඩංගුවට ගැනීමේ අත්දැකීම් හේතුවෙන් ඉසුරු සම්පත්  ශිෂ්‍යයා මෙම සිද්ධිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිය මිතුරන්ට දැනුම් දී තැබුවේ  එවන් සිදුවීමකට ඇති ඉඩකඩ හේතුවෙනිග
ඒ අනුව ඔහු අමතර රැකියාවකට  පවා නොගොස්  යලි විශ්වවිද්‍යාලයට පැමිණීමට 138  බස් රථයට නැඟ ඇත්තේ  කොටුව පුද්ගලික බස්රථ නැවතුම්පලිනිගබස් රථයේ ගමන් කරමින් සිටින අතරතුර සිවිල් ඇඳුමින් සැරසුන පුද්ගලයෙකු පැමිණ ඉසුරු සම්පත් ශිෂ්‍යයා බස් රථයෙන් බස්සවා අසළ තිබු පොලිස් ජීප් රථයට  දමාගෙන තිබේගඑම අවස්ථාවේ ජීප්  තුල නිළ ඇදුමින් සැරසුණු පොලිස්  නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් ඇඳුමින් සැරසුන  පුද්ගලයන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු සිට ඇතග
ඉන්පසු පසුවදා එනම්  09 වන දින පාන්දර  05 වනතුරුම පොලිස් ජීප් රථයේ රඳවාගෙන ජීප් රථය විවිධ ස්ථාන වලට ගමන් කරද්දී  ඔහුව ජීප්  රථය තුල රඳවා තබාගෙන ඇතගඑසේ රඳවා ගැනීමට  හෝ අල්ලා ගැනීමට  අදාලව කිසිදු හේතුවක් වරෙන්තුවක් පොලිස් නිලධාරීන් සතුව තිබී නොමැතග
අවසානයේ උදැසන 05ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ජීප් රථයෙන් බස්සවා පොලිස් නිලධාරීන්  පිටත්වගොස් තිබේගමෙම කාලය අතරතුර විශ්වවිද්‍යාලයේ  සිසුන් දිගීන් දිගටම මෙම ශිෂ්‍යයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට  උත්සහ කර ඇති අතර එවිට දුරකථනය විසන්ධි කරන ලෙස  පොලිස් නිළධාරීන් පවසා තිබේග මෙය සාමාන්‍ය පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් භාරයට ගැනීමක් නොවන බව ප්‍රකශ කරන අතර මෙය  මෙරට ආණ්ඩුව විසින්  පාලනය වන පොලිසිය මගින් කළ පැහැර ගැනීමකිග එබැවින් මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව තමාට වූ අසාධාරනය පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට සූදානමින් සිටියදී මෙලෙස තර්ජනය කොට බිය වැද්දීම මෙරට පාලකයින් විසින් ජනතාවට ලබා දුන් ප‍්‍රජාත‍්‍රවාදය වේ..
යහපාලනය ගැණ නන්දොඩවමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන නන් දොඩවමි සිටින ආණ්ඩුව පසුගිය ආණ්ඩුව සිදු කල පරිදිම මෙලෙස ශිෂ්‍ය මර්ධනය කැඳවා තිබේ. එම නිසා මෙය වතමන් යහපාලන ආණ්ඩුව සරසවි ශිෂ්‍යයන් මර්දනය  කිරීම උදෙසා ගනු ලබන ඉතා නින්දිත ක්‍රියාවක් ලෙස  සලකන අතර එය දැඩි පිළිකුලින් යුතුව හෙළ දකින අතරම දැඩි විරෝධයද ප්‍රකාශ කරන්නෙමු 

ස්තූතියි.
මීට
කැදවුම්කරු

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>