ඊයේ(11) දිනයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මඟින් සංවිධානය කරන ලද පාගමනක් කොළඹ නඟරයේදී පවත්වන ලදී. අධ්‍යාපනය විකිණීමේ පාලකයන්ගේ ප‍්‍රතිපත්තීන්ට විරුද්ධව සිදු කෙරුණු එම විරෝධතා පාගමන ‘අධ්‍යාපනය විකිණීම නවතනු! මාලඹේ, කොතලාවල ඇතුළු සියළු උපාධිකඩ අහෝසි කරනු!, නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍ය සේවයත් වනසන මාලඹේ හොර උපාධිකඩය අහෝසි කරනු!, පාසල් තුළ සිදුකරන සියළු මුදල් අයකිරීම් නවතනු! නව චක‍්‍රලේඛය අහෝසි කරනු! ආදී අධ්‍යාපනය විකිණීමට එරෙහි සටන් පාඨ මුල්කර ගනිමින් පැවැත්විණි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දක්වා පැමිණි සිසුන් සාමකාමීව තම විරෝධතාවය දක්වා විසිර යන ලදී. නමුත් ඉන් අනතුරුව පිරිස විසිර යද්දී පාගමන සඳහා අවශ්‍ය ශබ්ද විකාශන යන්ත‍්‍ර ගෙන ආ වාහනය පොලිසිය මඟින් ලූහුබැඳ පැමිණ අත් අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම එහි රියදුරු මහතා සහ එම රථය තුළ සිටි දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයකු වන සුපුන් සචින්ත සහෝදරයාද සිවිල් ඇඳුම් ඇඳගත් පුද්ගලයින් විසින් කැබ් රථයක් තුළ බලහත්කාරයෙන් දමාගෙන රැුගෙන ගොස් ඇත.
මෙය පැහැරගැනීමකි.
එය පැහැර ගැනීමක් ලෙසින් අප හඳුන්වන් ඉන් අනතුරුව කොටුව පොලීසියෙන් එම සිදුවීම ගැන අප විමසද්දී එවැනි සිදුවීමක් තමන් නොදන්නා බව එහි සිටින ඉහළම නිළධාරීන් දිගින් දිගටම ප‍්‍රකාශ කිරීමෙනි. නමුත් පැය දෙකකට වැඩි කාලයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය ගණනක් කොටුව පොලිසිය ඉදිරිපිටට රැුස්වී විරෝධතාවය දැක්වීමත් සමඟ කලින් නැතැයි කියූ එම සහෝදරවරුන් දෙදෙනා අප වෙත ලබා දෙන ලදී. පැහැර ගැනීමට ලක්වූ අයගේ අත්දැකීම අනුව ඔවුන් සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිටදී පොලිස් භාරයට ගෙන ඇත. නිළ ඇඳුම් හැඳගත් නිළධාරීන් විසින් ඔවුන් ගමන් ගත් වාහනය නතර කර ගත්තද ඔවුන් රැුගෙන ගොස් ඇත්තේ සිවිල් පුද්ගලයන් විසින් සාමාන්‍ය කැබ් රථයකිනි. ඉන් අනතුරුව ඔවුන්ගේ ජංගම දුරකථන විසන්ධි කර උදුරාගෙන ඇති අතර, අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජන කර තිබේ. සමස්ත කාලය පුරා කොටුව පොලිසීයේම ඉහළම මාලයේ ඔවුන් රඳවාගෙන සිටි බවද එම සහෝදරවරු නිදහස් කිරීමෙන් අනතුරුව පැවසූහ.
මෙය බරපතල තත්වයකි. යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඊට ක‍්‍රමවේදයක් තිබේ. අප වරදක් ලෙස පිළිගත්තද නොගත්තද එයට ක‍්‍රමවේදයක් තිබේ. සිවිල් පුද්ගලයින් විසින් පැහැරගෙන, ජංගම දුරකථන විසන්ධි කර, උඩු මහල් වල රඳවා ගෙන සිටියදී එම පොලීසියෙන්ම ‘එවැනි කෙනෙක් ගැන අපි දන්නේ නැත’ යි කියූ ඉතිහාසයක් අපට ඇත. ‘සුදුවෑන්’ සැරිසැරීම සංස්කෘතියක් බවට පත්ව තිබූ, මාධ්‍යවේදීන්, සමාජ කි‍්‍රයාකාරීන් සිය දහස් ගණනක් අතුරුදහන් වූ, නැතිනම් අරුම පුදුම ‘හදිසි අනතුරු’ වලට ලක්වූ ඉතිහාසයක් අපි දනිමු. ඊයේ දිනයේ සිදු වූයේ එවැනි සිදුවීම් වලදී සිදුවන පළමු පියවරයි. දෙවන පියවර එනම්, ‘එවැනි කෙනෙක් ගැන අපි දන්නේ නැත’ යන්න දිගින් දිගටම ප‍්‍රකාශ කළේ නම් ඔවුන් සදාකාලිකව අතුරුදහන්ය. පසුගිය කාලයේ මිනිසුන් අතුරුදහන් කළේ එසේය.
ඒ රාජපක්ෂය. මේ සිරිසේනය. වික‍්‍රමසිංහය. ඉදිරියේදී කව්රුන් වේදැයි අපි නොදනිමු. නමුත් මොවුන් සියළු දෙනාගෙන් ඇති අනතුර ඔබ අපි කාහටත් එක ලෙස ඇත. මැතිවරණයෙන් පසු එළඹෙන හවුල් ආණ්ඩු පාලනයක් යටතේ එම අනතුරට වැඩි වැඩියෙන් මුහුණ දීමට මේ සමාජයේ සටන් කරන සියළු දෙනාට සිදුවනු ඇත. එය ඊනියා යහපාලනය වුවත්, රාජපක්ෂ වුවත් වැඩි වෙනසක් නැත. මෙම සිදුවීමෙන් පැහැදිලි වනුයේ එයයි.