ජ.වි.පෙ. අභූත චෝදනා වලට අන්තරෙන් පිළිතුරු(08/13 දින පැවති මාධ්‍ය හමුව)


අද දවසේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බලමණ්ඩලය විදියට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන්නේ ප්‍රධාන වශයෙන් කාරනා දෙකක් මුල්කරගෙන. පළමුවෙනි කාරණාව තමයි,තව දින කිහිපයකින් ලංකාවේ පාර්ලිමේන්තු මැතිවර්නයක් නැත්තම් මහ මැතිවර්ණයක් ,ලංකාවේ ප්‍රධානම මැතිවරණය පැවැත්වෙනවා. ඒ සඳහා විවිධ පක්ෂ ගණනාවක් තරඟ කරමින් ඉන්නවා.ඔවුන් ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලනවා. අපි ඉතිහාසයක් තිස්සේ හැමදාමත් මේ මොහෙතෙත් අධ්‍යාපන අයිතීන් ඇතුළු සමාජ අයිතීන් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයක් විදියට ඒ ප්‍රධාන දේශපාලන ධාරාවන්ගේ ගමන ප්‍රවේශය අපි දකින , දකින හැටි කතා කරගන්න ඕනා.මොකද ඡන්දේ කිට්ටු වෙලා කියන එක විතරක් නෙමෙයි,ඔවුන් වැඩ කරපු විදිය එක්ක අපි හිතනවා සාකච්චා කරගත යුතුයි කියලා.
අපි හිතනවා මුලින්ම  ,අපි මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලන පක්ෂ, ආණ්ඩු පිහිටුවන්න බලන් ඉන්න දේශපාලන පක්ෂ දෙක ගත්තොත් එහෙම, එක් පැත්තකින් එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මැතිවරණ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඒ මැතිවරණ ප්‍රකාශයේ මාස 60කින් අළුත් රටක් හදන පංචවිධ ප්‍රතිපත්තිය කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රකාශ අපි අධ්‍යනය කරා.ඒ මැතිවරණ ප්‍රකාශ අපි අධ්‍යනය කරාට පස්සේ, අපිට ඉතාමත් පැහැදිලි මේ අය ඉදිරි වර්ෂ 5 ඇතුළත, මේ සියළුම සාකච්චාවන් අස්සේ ආර්ථිකය , සමාජය කොහෙටද ගෙනියන්න සූදානම් වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේක ආරම්භයේම සඳහන් කරන්නේ ආර්ථිකය පැත්තෙන් අර සිංගප්පූරුව , මැලේසියාව , තායිලන්තය වගේ රටවල් අතර තියෙන පරතරය නැති කරලා රැකියා ලක්ෂ 10ක් ඇති කරනවා කියලා. ඉතින් මේක හොයාගෙන යද්දි තේරෙනවා ලංකාවට ආයෝජකයෝ ගෙන්වන්න, ආයෝජක‍යෝ ගෙන්වන්න තියෙන තොන්දේසි ලිහිල් කරන්න, නිකන් එන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් ඔක්කොම ඇතුලේ ආර්ථිකේ තවදුරටත් වෙලෙඳපොලකරණයට ලක් කරන්න අදාල මැදිහත් වීමක් තමයි කරන්නේ.
විශේෂයේන් 1977 නිදහස් වෙළඳ කලාප ඇති කරලා පටන් ගත්තු ගමනඉදිරියට ගෙනියන්න දරපු උත්හසයක් විදියට හදුන්වන්න පුළුවන්.ජනතාවට රැකියා දෙනවා කියලා බලාපොරොත්තු දෙනවා, ඒත් ඒ රැකියා මොන තත්ත්වේ ඒවද? ඒවගෙන් මොනවගේ ජීවිතයක් ද උරුම වෙන්නේ කියලා සාකච්චා කරන්නේ නෑ. අපි නිදහස් වෙළඳ කලාප වගේ ඒවා වලින් ඒක අත්දකිනවා.ඒ වගේම මේකේ සියළු ප්‍රතිපත්ති ඇතුලේ මෙතෙක් ක්‍රියාත්මක කරපු , සාරාංශයක් වශයෙන් ගත්තොත් මෙතෙක් ක්‍රියාත්මක කරපු අධ්‍යාපනය , සෞඛ්‍යය හා සියළුම දේවල් වෙළඳපොළකරණය කිරීමේ ඒ ව්‍යාපෘති මේ මැතිවරණ ප්‍රකාශය තුල පිලිඅරගෙන තියෙනවා. එතකොට වාක්‍ය ඇතුලේ 6% වෙන් කිරීම ආදී දේවල් තියෙනවා තමයි.නමුත් මූලික වශයෙන් මේ මැකිවරණ ප්‍රතිපත්ති ප්‍රකිශ එකක්වත් අධ්‍යාපනය මේ මොහොතේ දැවෙන් ප්‍රශ්න කියලා හදුනාගත්ත එක ප්‍රශ්නයක්වත් සඳහන් කරලා නෑ.අධ්‍යාපනය විකිණීම , මොකද මේ මොහොතේ තියෙන් දැවෙන ප්‍රශ්නෙ වෙන මොකවත් නෙමෙයි, ලංකාවේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය විදියට තියෙන්නේ , නිදහස් අධ්‍යාපනයෙන් වෙන් කරලා, නිදහස් අධ්‍යාපනයෙන් ඉවත් කරලා, නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපනය විකුණන ක්‍රමවේදයක් මේ රටේ ඇති කරන එක තමයි මේ මොහොතේ කරමින් ය වැඩේ.විහ්ව විධ්‍යාල පද්ධතිය තුල, පාසල් පද්ධතිය තුල ඉතාමත් වේගවත් ලෙස පසුගිය අවුරුදු 5,6 තුල ක්‍රියාත්මක කරමින් ඉන්නවා.මේක බරපතල අනතුරක්, මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයේන් ජනතාවට තියෙන බරපතලම අනතුර තමයි ඒක.වෙන මොකක්වත් නෙමෙයි.ඒවා මේ මැතිවරණ ප්‍රකාශ තුල නෑ. අධ්‍යාපනය පෞද්ගලීකරණය ගැන,ඒවා කරන්නේ නෑ කියන එක, අධ්‍යාපනය විකුණන් නෑ කියන එකක් වැරදිලාවත් සඳහන් වෙන්නේ නෑ.පාසල් තුල මුදල් ගන්නේ නෑ කියන ඒවා වැරදිලාවත් නෑ. අපි දන්නවා ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශ වල  මේවා ඇතුළත් කරන්නේ නෑ, ඒවා නොදා තමයි යන්නේ කියලා.
මේ නිසා මෙතෙක් පෞද්ගලික විශ්වවිද්‍යාල, විශ්ව විද්‍යාල තුල උපාධි විකිණීම , පාසල් තුල මුදල් අයකිරීම ඒ ගැටළු වලට පිළිතුරක් නෑ කියන එක මේක බැලුවට පස්සේ සඳහන් වෙනවා.ඒ වගේම ශිෂ්‍ය ණය ක්‍රම යෝජනා කරලා තියෙනවා,ඉතිං ශිෂ්‍ය ණය යෝජනා කරාට පස්සේ අපට පැහැදිලි වෙනවා, දැන් ශිෂ්‍ය ණය ඕන වෙන්නේ සල්ලිවලට ඉගෙන ගන්න තියෙන ක්‍රමයක් ඇතුලේ කියලා.ඒ කියන්නේ තවදුරටත් මේ රටේ ඉදිරියට හදන අධ්‍යාපන ක්‍රමයේ ණය අරගෙන හරි ඉගෙන ගන්න පුළුවන්, සල්ලි දීලා උපාධි ගන්න පුළුවන් උපායක් බව ඒකෙන් කියනවා.කෙලින්ම කියන්නේ නෑ, ඒත් එහෙම තමයි හැමදාම කිව්වේ, ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි හඳුනා ගත්තේ එහෙම.
ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගත්තාම ඒකෙත් වැඉි වෙනසක් නෑ.මතුපිට වාක්‍ය වල තියෙන් වෙනස්කම් තියෙනවා, නිදහස් අධයාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රකිනවා කියලා වාක්‍යක් තියෙනවා.හැබැයි ඒ වාක්‍යයෙන් පස්සේ තියෙන වාක්‍ය ගත්තම ඒ ඔක්කොම වගන්ති වල තියෙන්නේ ක්‍රමාණුකුලව ණය ලබා දීල,උපාධි හදාරන්න අවස්ථා දෙන සාමාන්‍ය ක්‍රමයට කමයි කියෙන්නේ. මේකේ 6යේ 19 වගන්තියේ තියෙනවා වෛද්‍ය  - ඉංජිනේරු - කළමණාකරණ වැනි අංශ වලින් තෝරාගත් දේශීය වි.විද්‍යාල 7ක් ආසියාවේ ප්‍රමුඛතම වි.විද්‍යාල 30 අතරට ගෙන ඒමට අවශ්‍ය කරන විශේෂ ප්‍රතිපාදන හා සහය ලබා දීම.එමඟින් වසරක් පාසා ජාත්‍යත්තර වි.විද්‍යාල වලට කෝට් ගනනින් මුදල් වියදම් කරමින් විදේශ ගත වන දස දහස් ගනන් දේශීය දූ පුතුන් මේ රටේ රදවා ගැනීමට උනන්දු කරන්නෙමු.ඕක තමයි තියෙන්නේ.
ඒ කියන්නේ සරලව ගත්තොත් මෙතෙක් කියපු කථාව. දැන් ඕක තමයි එස්.බී. දිසානායක මහත්තයලා මාධ්‍ය සාකච්චාවට ඇවිත් කිව්වේ.මේක තමයි දිගටම උසස් අධ්‍යාපන ඇමතිවරු කිව්වේ.ඒ කියන්නේ මේ රටේ සල්ලි ඇදිලා යනවා ඒක නවත්තන්න මේ රටේ පෞද්.වි.විද්‍යාල හදනවා.ඉතිං ඒක තමයි කිව්වේ.කවුරුත් කිව්වේ නෑ ඇත්තට වෙමින් තියන දේ. උසස් අධයාපනය ක්‍රමාණුකුලව අහෝසි කරනවා,අහෝසි කරලා අධ්‍යාපනය විකුණන ක්‍රමවේදයක් ඇතිකරනවා ඒක තමයි අපි කරමින් ඉන්නේ කියලා කවුරුත් කිව්වේ නෑ.හැමෝම කිව්වේ අපි රජයේ එකත් රකිනවා හැබැයි මේවත් හදනවා, මේවත් ක්‍රමාණුකූල කරනවා, පෞද්.වි.විද්‍යාල විධිමත් විදියට පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඇත්ත ලෝකේ වෙන්නේ මොකක්ද? පසුගිය වර්ෂ 5 ඇතුළත අධ්‍යාපනයට වෙන් කරන මුදල් හරි අඩකින් අඩු කරලා තියෙනවා , බෙල හීන කරලා තියෙනවා. අධ්‍යාපනය විකුණන ක්‍රමවේදයක් තියෙනවා.රජයේ වි.විද්‍යාල ඇතුලේ උපාධි විකුණනවා.රජයේ පාසල් පද්ධතිය ඇතුලත මුදල් අයකරනවා. මේවා ජාත්‍යන්තර පාසල් , පෞද්.පාසල් වල විතරක් වෙන දෙයක් නෙමෙයි.අපි රකිනවා කියලා කොහේවත් කියන්නේ නෑ.කියන්නත් බෑ.හැමදාමත් මේවා තමයි කිව්වේ.මෙහෙම කරලා තමයි මේ දේ කලේ. මේ සම්බන්ධයෙන් මේ මැතිවරනයේ අපට තියෙන අදහස ප්‍රධාන දේශපාලන පක්ෂ 2 හා ප්‍රතිපත්ති ප්‍රකාශ සම්බන්ධයෙන් අධ්‍යාපනය , සෞඛ්‍යය  , ආර්ථිකය සම්බන්ධයෙන් අපි කරමින් ඉන්න සටනත් එක්ක බැලුවම, ශිෂ්‍ය ව්‍යාපාරය විදියට දශක ගාතක් තිස්සේ කරමින් ඉන්න අරගලේ අරමුණුත් එක්ක හිටගෙන බැලුවම අපිට මේවට එකඟ වෙන්න බෑ. අපි මේවා බරපතල ප්‍රශ්න විදියට අත්දකිනවා.හෙට වෙනකොට මේ කවුරු බලයට පත් වුනත් අරගල කරන්න වෙන බව අපට පැහැදිලිවම පෙනී යනවා.
මේ සාකච්චාවේ දෙවෙනි කාරනාවට ආවොත් එහෙම,ඊයේ දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ජ.වි.පෙ ට අනුබද්ධ සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන්, අපි අ.වි.ශි.බ.ම විසින් ජ.වි.පෙ හෘද සාක්ෂියේ සම්මුතිය නැමති ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාජ මුද්‍රණයක් කරලා ශිෂ්‍යන් අතර බෙදලා තියෙනවා කියලා. අ.වි.ශි.බ.ම විදියට ඉතිහාසයේ ගොඩක් චෝදනා එල්ලවෙලා තියෙනවා. පසුගිය අවුරුදු 5 ගත්තත් ආයුධ තියාගත්ත කියලා චෝදනා තියෙනවා. නීති කැඩීම් ගැන උසාවි නියෝග කඩකිරීම්, පහර දීම් , ආයුධ තියාගත්තා කියලා චෝදනා එල්ල වුණා.විවිධාකාර චෝදනා හැමදාම.
අළුත් ආකාරයේ චෝදනා විදියට පක්ෂෙක මැතිවරණ ප්‍රතිපත්තති ප්‍රකාශයක් අ.වි.ශි.බ.ම මඟින් මුද්‍රණය කරලා බෙදා හැර ඇති කියලා. පිළිතුරක් ලබා දිය යුතුයි.
සියළු පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ සාකච්චාවට ගන්නකොට, අ.වි.ශි.බ.ම කියන්නේ බහුජන සංවිධානයත්,දැවැන්ත, සටන්කරන, සටන් වදින සංවිධානයක්. නිශ්චිත දේශපාලන දැක්මක් එක්ක වැඩකරන සංවිධානයක්. ඒක දේශපාලන පක්ෂයක් නෙමෙයි.විවිධ අදහස් දරන ශිෂ්‍යයෝ ඉන්නවා , පක්ෂ සියල්ලටම ඡන්දෙ දෙන ශිෂ්‍යයෝ ඉන්නවා.හැබැයි මේ දහස් ගනන් සංවිධානය වන ශිෂ්‍යයෝ එකම පොදු අරමුණක් විදියට අධ්‍යාපනය කප්පාදු කිරීමේදී ,සමාජ අයිතීන් අහෝසි කිරීමේදී එක මතයක එකපෙළට ඉදගෙන සටන් කරන්න සූදානම්. අ.වි.ශි.බ.ම කියන්නේ මහ මැතිවරණය අභියස , ජනාධිපතිවරණ අභියස එහෙම දේශපාලන සාකච්චාවන් ගත්තා , ඒ වගේම ගන්නවා. ඒ මත තමයි ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම  සහය දක්වන්නේ නෑ කියලා තීරණය කලේ.පසුගිය දශක ගණනාව තිස්සේම තීරණ ගන්නේ එහෙමයි. සාකච්චා කරන හා සාකච්චා කරපු නිසා මේ ව්‍යාපාර සජීවීව පවතිනවා. ප්‍රධාන පක්ෂ වල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ පසුගිය සති අන්ත වල අ.වි.ශි.බ.ම තුල සාකච්චාවට ගත්තා.පැය ගණනක පුළුල් සාකච්චාවන්. එක්සත් ජාතික පක්ෂය , එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ , පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී සියළු පක්ෂ වල විධිමත් සාච්චාවක් කරගත්තා.
ජ.වි.පෙ එකත් කරා, අපට හම්බුන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි යොදා ගත්තේ. ජනතාව අතර බෙදපු, අපට බෙදපු, අන්තර්ජාල නිල වෙබ්අඩවි වල භාගත කරගන්න තිබුණු ඒවා තමයි සාකච්චාවට පදනම් කරගත්තේ. ජ.වි.පෙ  මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් බරපතල විවේචනයක් තියෙනවා. විවේචනය තමයි ආර්ථික වැඩපිළිවෙල තුල  අර ප්‍රධාන පක්ෂ වල වගේම ආයෝජකයෝ ගෙන්වනවා,ඒ පිළිබඳ යෝජනා කරනවා,කොන්දේසි ලිහිල් කරනවා ඒ වෙනුවෙන් වැඩ කරනවා,මෑන් පවර් සේවකයෝ ගැන කියනවා. අධ්‍යාපනය,පෞද්.වි.විද්‍යාල දෙනවා කියනවා ඒත් නිදහස් අධ්‍යාපනය , අධ්‍යාපන අයිතීන් ගැන කිසිඳු සඳහනක් නෑ.
  පෙළ පොත් වෙළඳපොළට නිකුත් කරනවා කියලා තියෙනවා.ශිෂ්‍යන්ට ශිෂ්‍ය ණය ක්‍රම ගැන තියෙනවා. 9වැනි පිටුවේ තියෙනවා උසස් පෙළ විභාගය විශයන් 3ක් සමත්වන්නට   සිය වෘත්තීය හෝ බාහිර අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීම පිණිස රු.ලක්ෂ 10 ක ණයක් පොළී රහිතව ලබා දේ. මේ ණය ගෙවා දැමීමට තමන්ට රැකියාවක් ලැබෙනතුරු කල් ලබා ගැනීමට සහනය ඔවුන්ට හිමිවේ.
අපි ඉන්න ස්ථාවරේ ඒක නෙමෙයි.ණය දීල කරන්න ඕන කියන් එක නෙමෙයි.අපේ විවේචනය ඒක. ඒක සාකච්චා කරා. දැන් ප්‍රශ්නෙ තමයි, ඔවුන් මාධ්‍ය නිවේදනයක් කරනවා අ.වි.ශි.බ.ම  විසින් ව්‍යාජ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කරලා තියෙනවා කියලා.මේක බරපතල ප්‍රකාශයක්. ශිෂ්‍ය වයාපාරය පක්ෂෙක මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් මුද්‍රණය කරලා බෙදලා තියෙනවා කියන එක.අද මාධ්‍ය සාකච්චාව ගන්නේ ඒකයි. මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්ත හැටි කියන්න ඕනා. රට ඇතුලේ බෙදලා තිබුණු ඒවා, ශිෂ්‍යයෝන්ගේ අත්වල තිබිලා ලබා ගත්ත ඒවා. පසුගිය මිසය අවසාන වෙනකන් මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි අන්තර්ජාලයේ ජ.වි.පෙ නිල වෙබ් අඩවියෙන් භාගත කරගෙන තියෙනවා.ඒවට අදාළ ලියකියවිලිත් තියෙනවා. ජ.වි.පෙ කියනවා මේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නෙමෙයි කියලා. හොයලා බැලුවා. අපට හමුවුණා ප්‍රතිපත්ති ප්‍රකාශන 2ක්. අපේ අතට හමුවුණ එක අරගෙන අපි සාකච්චා කලා. අපි දන්නේ නෑ දෙකක් තියෙනවා කියලා , හිතුවෙත් නෑ. අපි හොයාගෙන ගියේ නෑ තව ඒවා තියෙනවද කියලත්.මුද්‍රණය , මුද්‍රණ ශිල්ප ක්‍රම ගැන, ඒ ප්‍රමාණ ගැන හොඳ දැනුමක් තියෙන මාධ්‍යවේදීන්ට බලන්න පුළුවන් මේවා දෙන්නෙක් කරපු එකක්ද ,ආයතන දෙකකින් කරපු එකක්ද කියලා අදහසක් ගන්න.බරපතලම ප්‍රශ්නය , ජ.වි.පෙ එකක් ද 2ක් ද 15ක් ද 20ක් ද මුද්‍රණය කරාද කියන එක නෙමෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය විදියට අපට මේ ආකාරයෙන් චෝදනාවක් කරලා තියෙන එක. ඒකට පිළිතුරක් දිය යුතුයි.
අපි අධ්‍යනය කරා  ප්‍රතිපත්ති ප්‍රකාශ 2 තුළ වෙනස්කම් තියෙනවා.මාතෘකා 13ක් තමයි 2කේම තියෙන්නේ.වෙනස්කම් ගත්තම පැහැදිලි පිරිස් බලවේග 2ක් ඉලක්ක කරගෙන එක පැත්තකින් සුභසාධනය දෙන, නිදහස් අධ්‍යාපනය රකින , අධ්‍යාපනයට මුදල් වෙන් කරන, මෑන් පවර් ක්‍රම අහෝසි කරන ජනතා බලාපොරොත්තු තියෙන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයක්. ඒක හොඳයි. අනිත් එක අර අපි ගැහුවා කියන එක, ටිකක් ඉහළ ව්‍යාපාරිකයෝ ආමන්ත්‍රණය කරලා. ඒකේ නිදහස් අධ්‍යාපනය ගැන නෑ ,මෑන් පවර් අහෝසි කරනවා කියලා නෑ., ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම, වෙළෙඳපොල ප්‍රතිසංස්කරණ එහෙම ගැන තියෙනවා.
අපේ අදහස, අපි හිතන අදහස මේ දෙකම සමාජෙන් ආවේ. මේ දෙකම සමාජේ සැරිසරද්දි අතට ආපුවා. මේක දෙපිරිසක් ඉලක්කකර ගෙන මුද්‍රණය කරා කියලා. මේ බරපතල තත්ත්වය වහාම නිවැරදි කරන්න. අපි මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.,ඒ වගේම හෙලාදකිනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට එහෙම අපේක්ෂාවක් නෑ.අපි සියළු දේශපාලන පක්ෂ ගැන විමසිල්ලෙන් ඉන්නවා.කියවිමක් තියෙනවා. ඒ කියවීම නිසා තමයි සටන් දිනන්නේ. ජ.වි.පෙ ගැනත් අපට කියවීම්ක් තියෙනවා. පසුගිය කාලයේ අධ්‍යාපනය විකිණීම සම්බන්ධ පනත් වලට ඒගොල්ලො ඡන්දේ දුන්නේ නෑ. ආසන්න උදාහරණ ගන්න ඒ සම්බන්ධයෙන් පෙනී සිටියේ නෑ. සාගර වි.විද්‍යාලය මුදලට උපාධි විකිණෙන විශ්ව විද්‍යාල බවට පත්කරලා  මේ වසර මුල පසුගිය වසර අග ආව පාර්ලිමේන්තු පනතට ඡන්දෙ දුන්න ද නැද්ද කිවලා හොයලා බලන්න.මෑත ඉතිහාසයේ ආපු බරපතලම ප්‍රතිසංස්කරණය පාසල් තුල මුදල් අයකිරීම නීතිගත කරලා ආව චක්‍රලේකය,ඒකට මොකද කලේ කියලා හොයලා බලන්න.ඔවුන් ඒ සම්බන්ධයෙන් දරපු මතය ,ඒ පිළිබඳව හොයලා බලන්න.ඒ සියල්ල තියෙද්දි අපට යෝජනා කරනවා ඒක දෙමෙයි කඑන්න ඕනා. ජ.වි.පෙ නිවේදනය නිකුත් කරපු නලින්ද ජයතිස්ස ඇතුළු සියළු දෙනාට මේක කලබල වියයුතු ප්‍රශ්නයක්. කරලා තියෙන්නේ වෙන වැඩක්. ජ.වි.පෙ කියන්නේ නැතුව ශිෂ්‍ය සංගමයකින් මාධ්‍ය නිවේදනයක් ගහලා වෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගහල තියෙනවා කියලා. මේක තමන් කරපු වැඩක් නෙමෙයි නම් අපට පටවන්න එපා. ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් අරන් වෙනස්කම් කතාකරලා පක්ෂ මෙන්ම ජාතික නායකත්වය මෙය නිවැරදි කළ යුතුයි.
නජිත් ඉන්දික විසින් බෙදාහැරියා කිවලා අභියෝග කරනවා. හැකිනම් නීතියේ ආධිපත්‍ය , නීතිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම් ගැන බලාගෙන තියාගෙන ඉන්න පිරිසක් කියලා දැක්කා පහුගිය කාලේ. හැකිනම් ඒ සම්බන්ධයෙන් ඕනම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න ඒකට මුහුණ දෙන්න සූදානම්. අපි තොරතුරු හෙව්වා.ජ.වි.පෙ මීට සති 2කට කලින් මේ 2ම එක්තරා මුද්‍රණාලයක එකවර මුද්‍රණය වෙමින් තිබුණා.ඒ මුද්‍රණාලය , වේලාවන් ,දින සියල්ල හෙළිදරව් කරන්නම්. හෘදසාක්ෂි 2ක් තියෙන්න බෑනේ.තමන් කරපු වැඩේට නිවැරදිව පිළිතුරු ලබා දෙන්න.අපි කාරනා 2ක් අවධාරණය කරනවා. පළමු කාරණාව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ 2ක අරගෙන ඇවිත් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්චාවක් ජාතික නායකයෝ ඇවිත් නිවැරදි කළ යුතුයි.පෞද්.වි.විද්‍යාල පිලිගන්නේ නෑ,මාළඹේ පිලිගන්නේ නෑ , අහෝසි කරන්න ඕනා, මේක වැරදී ප්‍රතික්ෂේපයි කියලා කරන්න. දෙවැනි කාරනේ අපිට අදාලව ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයන් පුද්ගලයන් විදිහටත් ශිෂ්‍ය ව්‍යාපාරය විදිහටත් ගන්න සූදානම්. නායකත්වයේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා අවධාරණය කරපු කරුණු දෙක ඔප්පු කරලා පෙන්නන්න කියලා.

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>