මාලඹේ SAITM ආයතනය සම්බන්ධව පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට යොමු කල ලිපිය.
රාජිත සේනාරත්න මහතා,
සෞඛ්‍ය අමාත්‍ය,
සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,
නො.385,
පුජ්‍ය බද්දේගම විමලවංශ
මාවත,
කොළඹ 10,
2015.12.11.
මහත්මයාණෙනි,
මාලඹේ SAITM ආයතනය සම්බන්ධව පැවැත්වීමට නියමිත සාකච්ඡාව
සම්බන්ධවයි.
“SC/FR 208/14 and SC/Contempt 03/2015(SAITM Case)” යන ශීර්ෂය යටතේ සෞඛ්‍ය
අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එළඹෙන 14 වනදා සාකච්ඡාවක් පැවත්වීම සඳහා කැඳවීම් ලිපියක් යොමු කර ඇත. එම ලිපිය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ
සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හා මහාචාර්ය රිස්වි ෂෙරිෆ් මහත්වරුන්ද, ජයවර්ධනපුර
රෝහලේ අධ්‍යක්ෂවරයා,කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, කොළඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා,
අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු,අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු ඇතුළු පිරිසක් කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් අපට ඇති ගැටලුව වන්නේ, මේ වන විට SC/FR
208/14 නඩුව ඉල්ලා අස් කරගැනීමට මාලඹේ SAITM ආයතනය කටයුතු කර තිබියදී සහ SC/Contempt 03/2015 නඩුව එක් වරක් හෝ කැඳවා නොමැති වාතාවරණයක් තුල සෞඛ්‍ය
අමාත්‍යාංශය මඟින් ඒ සම්බන්ධයෙන් නම් කරන ලද පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමේ
අවශ්‍යතාව කුමක්ද යන්නයි. එසේම මෙහි වෛද්‍ය සභාවේද පැමිණිය යුතු දෙදෙනා සෞඛ්‍ය
අමාත්‍යාංශය මඟින් නම් කර ඒවා ඇත. එම
පුද්ගලයින් දෙදෙනා කැඳවනු ලබන්නේ වෛද්‍ය සභාවේ නියෝජිතයින් ලෙසද නැතිනම් තනි
පුද්ගලයින් ලෙසද යන්න සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කල යුතුය. තවද SAITM ආයතනය
පිළිබඳව හා ඉවත් කරගත් නඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂකවරයා
පමණක් කැඳවීමේ පදනම කුමක්ද?
මාලඹේ SAITM හොර උපාධි පිරිනැමීමේ ආයතනය හා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු හොර රෝහල
සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබතුමන් පසුගිය කාලවකවානුව තුල ඊට පක්ෂපාතීව
සිදු කර ඇති ප්‍රකාශ හා ක්‍රියාමාර්ග පිළිබඳව සැලකීමේදී මෙම රැස්වීම කැඳවීම පිළිබඳව
ඇත්තේ ඉතා සැක සහිත වාතාවරණයකි. මන්ද මාලබේ SAITM හොර ආයතනයට සායනික පුහුණුව ලබා
ගැනීම සම්බන්ධව මේ වන විට පවතින්නේ ගැටළු කාරී තත්ත්වයකි. නමුත් මෙම හොර ආයතනය
සම්බන්ධයෙන් නැඟෙන විරෝධතා පවා සැලකිල්ලට නොගනිමින් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔබතුමන් කුමන්ත්‍රණකාරී
වැඩපිළිවෙලක නිරත වීම අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නෙමු.
එසේම මෙවැනි කුමන්ත්‍රණකාරී කටයුතු හරහා මාලඹේ SAITM හොර
ආයතනය නීති ගත කිරීමට ඔබ ඇතුළු ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අප අඛණ්ඩව සටන්
කරන බවද දෙසැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ අරමුණ කුමක්ද යන්න වහාම
හෙළි කලයුතුය බව අවධාරණය කරන්නෙමු.
ස්තුතියි
පිටපත් :
1.සභාපති - ශ්‍රී ලංකා
වෛද්‍ය සභාව
2. අධ්‍යක්ෂක -
ජයවර්ධනපුර රෝහල
3. සියලුම මාධ්‍ය ආයතන