ස්වාමීන්වහන්ස,පූජකතුමනි,අම්මේ,තාත්තේ,සහෝදරයා,සහෝදරිය
අය වැය චන්ද 109 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා . බොහෝ දෙනෙකුගේ විරෝධය මැද්දේ තමයි මේක සම්මත වුනේ. සහන, අයිතීන් කප්පාදු කරපු එක ගැන දැන් කතාවක් නෑ. දැන් කතාව තියෙන්නේ අලූත් ව්‍යවස්ථාව ගැන. 19 ව්‍යවස්ථා සංශෝධනය ගෙන කොටත් මේ වගේ කතා බහක් හැදුවා. ඖෂධ පනත ගෙනාවෙත් ඒ පනත ගෙනාවම අපිට ඉබේම ලෙඩ හො`ද වෙනවා වගේ. හැබැයි ආපහු හැරිලා බැලූවොත් ගහපු පදේකුත් නෑ, බෙරේ පලූවකුත් නෑ. අපිට තියෙන ඇත්ත ප‍්‍රශ්ණ ඔක්කෝම යට ගහලා.
එ් නිසා තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදියට අපිට නැවත නැවත පාරට බහින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබට වුනත් හිතෙනවා ඇති කවුරු ආණ්ඩු කලත් ශිෂ්‍යයෝ පාරේ, පුරුද්දට කෑගහනවා කියලා. ඔව් පහුගිය හැම ආණ්ඩුවක් කාලෙම අපි පාරට බැස්සා. මොකද එක එක විදියේ අයිසිං තවරලා පහුගිය හැම ආණඩුවක්ම ප‍්‍රතිපත්ති හැදුවේ අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන්න.
අපි කිව්වේ අධ්‍යාපනය විකුණන්න එපා කියලා. අම්මලා තාත්තලාට තිබුණ ප‍්‍රශ්ණේ පාසල් වලින් මුදල් එකතු කරන එක. හැබැයි මේ ආණ්ඩුව දැන් පෞද්ගලීකරණය ප‍්‍රසිද්ධියේ පිලි අරන් ඉවරයි. ඒ වෙනුවෙන් එලි පිටම පෙනී ඉන්න පටන් අරන්, මාළෙ ඕ ී්ෂඔඵ හොර උපාධි කඩය නීති ගත කරන්න තාමත් ක‍්‍රමන්ත‍්‍රණය කරනවා. කාටද මේක පවත්වාගෙන යන්න ඕන ? වෛද්‍යවරු විරුද්ධයි. ශිෂ්‍යයෝ විරුද්ධයි. පාසල් වල මුදල් අය කරන එකට කවුද එකඟ ? මුදල් ගෙවන්න සිද්ධ වෙන දෙමාපියන් එකඟ නෑ , හැබැයි දෙමාපියන්වම නියෝජිතයෝ කරගෙන මුදල් එකතු කරන වැඬේ කෙරෙනවා. උසස් අධ්‍යාපන ඇමතිවරයා , අධ්‍යාපන ඇමතිවරයා පාසල් වහන එක ගැන ,විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්න බැරි වන එක ගැන කතා කරන්නෙම නෑ .එයාලගේ කටේ තියෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ,ආයෝජනය, සල්ලි , ලාභ කියන වචන විතරයි.
ETF-EPF අරමුදල් එකතු කරන්න, කම්කරු නිතී ලිහිල් කරන්න යෝජනා ගේනවා, විශ‍්‍රාම වැටුප මේ වෙනකොටත් අහෝසි කරලා, පැය 8ක වැඩ දිනේ පැය 9 කරලා, පොහොර සහනය කපලා.
මේ කිසිවකට තනි තනිව සටන් කරලා හරියන්නේ නෑ.ඒ නිසයි අපි තීරණය කළේ ගුරු සංගම් , වෛද්‍ය සංගම් ඒකාබද්ධ කරගෙන අධ්‍යාපන, එරෙහිව සටන තව තවත් ඉදිරියට ගෙනියන්න.
අපි ඔබ සියලූ දෙනාට ආරාධනා කරනවා අධ්‍යාපන, සෞඛ්‍ය, ඇතුළු අයිතීන් කප්පාදු කිරීමට, අහෝසි කිරීමට එරෙහිව
එක් වෙමු! සංවිධානය වෙමු! සටන් වදිමු!
මාලඹේ හොර උපාධි කඩයට,
අධ්‍යාපනය විකිණීමට,
පාසල් තුළ සිදු කරන සියලූ මුදල් අය කිරීම් වලට
එරෙහි වෙමු!