රුහුණ වෛද්‍ය පීඨ භුමිය තුල දින 14ක් යනතුරු විරෝධතා තහනම්..

       රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ භුමිය තුල 01.23 දින සිට දින 14ක් යනතුරු විරෝධතා දැක්වීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා ගෙන ඇත. ජනවාරි 08 දින පැවති ජනාධිපතිවරණයේ වේදිකාවල රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන බව පොරොන්දු දෙමින් බලයට පැමිණි මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව ජනතාවගේ විරෝධතා දැක්වීමේ අයිතිය පවා උල්ලංඝනය කරමින් සිටී.
           කිසිදු සාධාරණ පදනමකින් තොරව පැමිණීමේ ප්‍රතිශතය ගණනය කිරීම හේතුවෙන් 2010/11 ශිෂ්‍ය කණ්ඩායමේ විභාග අයිතිය අහිමි කිරීමට කටයුතු කර තිබිණි. එම ශිෂ්‍ය කණ්ඩායමට දේශන පැමිණීමේ ප්‍රතිශතය සම්පුර්ණ කරන ආකාරය පිලිබඳ කිසිදු දැනුවත් කිරීමක් කර තිබුනේ නැත. 80% ගණනය කිරීමේදී සමහර සායනික පුහුණු වලට පැමිණීම ගණනය කර තිබුනේද නැත. මේ ආකාරයට ඉතා අසාධාරණ ලෙස හෙද පාඨමාලාවේ සිසුන්ගෙන් 90%ක පමණ ප්‍රමාණයකට විභාග අයිතිය අහිමි කිරීමට එරෙහිව අදාල ශිෂ්‍ය කණ්ඩායම එම විභාගය වර්ජනය කර ඉල්ලා සිටියේ සියලු සිසුන්ගේ විභාග අයිතිය තහවුරු කරන ලෙසයි. එම විභාගය අසමත් වූ විභාගයක් ලෙස නොසලකා එම පරීක්ෂණය නැවත පවත්වන ලෙස දිගින් දිගටම සාකච්චා කල අතර ඒවා අසාර්ථක විය. ඒ අනුව වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ මෙම ගැටලුව විසඳන ලෙස බලකරමින් ශිෂ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
   එමෙන්ම සමසවුඛ්‍ය විද්‍යා පීඨයට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව අඛණ්ඩව කප්පාදු කරමින් තිබේ. බඳවා ගත යුතු ශිෂ්‍ය ප්‍රමාණය 120ක් වන අතර නවක ශිෂ්‍ය කණ්ඩායමට බඳවාගෙන ඇත්තේ සිසුන් 53ක් පමණි. එමෙන්ම පීඨය තුල ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් දැඩි මර්දන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් පවතී.
          මෙම ගැටළු නොවිසදීමට එරෙහිව ශිෂ්‍ය ක්‍රියාමාර්ග නවතාලීම සඳහා 02.23 දින සිට දින 14 ක් පීඨය විරෝදතා දැක්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇත. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>