මෙම සිද්ධියට විරෝධය පළකරමින් පසුගිය 24 වනදා උතුරු පළාතේ ප්‍රදේශ කීපයකම හර්තාල් ක්‍රියාත්මක වූ අතර කඩ සාප්පු වසා දමා කළු කොඩි දමමින් විරෝධය පාලකල ජනතාව ඉල්ලා සිටියේ මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්න ලෙසටයි.පුසුව කෙරුණු පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස එක සැකකරුවෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය කාලයේ දිගින් දිගටම මෙලෙස කුඩා දරුවන් අපයෝජනය කර ඝාතනය කරීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා විය.යාපනයේ නිත්‍යා දැරිය,සේයා සදෙව්මි දැරියගේ සිද්ධීන් එලෙස වැඩි මාධ්‍ය ආවරණයක් ලැබුණු සිදුවීම්.ඝාතකයින්ට මරණ දඬුවම ලබාදීම මගින් මෙවැනි ඝාතන වැළක්විය හැකි බවට පසුගිය කාලයේ ඇතැම් පාර්ශවයන් ප්‍රකාශ කලහ.ඇත්තෙන්ම මෙවැනි ක්‍රියාවන් මරණ දඬුවම ලබදීම වැනි සරල ක්‍රියාමාර්ග හරහා විසඳිය නොහැකි තරම් සංකීර්ණ ය.මන්ද මෙවැනි සිදුවීම් හරහා පරවර්තනය කරනුයේ මෙම සිදුවීම් සිදුවන සමාජයේ සිදුවී ඇති බරපතල අර්බුදයයි.එම සමාජ අර්බුදය නිසා ලිංගික බලහත්කාරයෙන් පිරිසක් මිය යාමත් එල්ලා මැරීම හරහා තවත් පිරිසක් මරා දැමීමත් තුලින් ප්‍රශ්නය විසඳේද යන්න නැවත වරක් විමසා බැලිය යුතුය.කණගාටුවට කරුණ වනුයේ ලංකාවේ සිදුවන මෙවැනි ඛේදජනක සිදුවීම් වලට දක්වන ප්‍රතිචාර සහ ඉදිරිපත් කරන විසදුම් ඉතාම පසුගාමී ඒවා වීමයි.මෙවැනි අපරාධ වලට සම්බන්ධ වන පුද්ගලයින් මෙන්ම මෙවැනි අපරාධ වලට ගොදුරුවෙන දරුවන්ද පිරිහුණු සමාජ දේහයක පාර්ශවකරුවන් පමණි.මෙවැනි සිදුවීම් වලට අමතරව සිය පියා,සීයා,සහෝදරයා ආදීන් අතින් ගැහැණු දරුවන් අපයෝජනයට ලක්වීම කාන්තාවන් සිය අලුත් උපන් දරුවන් කණුවලට විසිකිරීම ආදී ශිෂ්ඨ සම්පන්න සමාජයකට උහුලාගත නොහැකි සිදුවීම් රාශියක් පසුගිය කාලයේ දිගින් දිගටම වාර්තා විය.ඒ සිදුවීම් ආශ්‍රිතව පසුගිය කාලය පුරාවටම සිදු වුයේ එම සිදුවීම් සම්බන්ධව මාධ්‍ය ආවරණයක් ලබාදෙන කාලයේ පමණක් සමාජය ඒ පිලිබඳව විවිද කතිකාවන් වල නිරත වීමය.නමුත් සැබෑ ලෙසම මෙම සිදුවීම් හරහා පරාවර්තනය කරන සමාජ පරිහානියේ ගැඹුරුකම ගැන සමාජ කතිකාවතක් නිර්මාණය වන්නේ ඉතාමත් අල්ප වශයෙනි.එබැවින් මෙවැනි සිදුවීම් හරහා කරලියට එන සමාජ දේහයේ පිරිහීම් ගැන යලි යලිත් මෙනෙහි කරමින් වඩා යහපත් සමාජයක් පිලිබඳ සංවාදයක් නිර්මාණය කරගැනීමට උත්සහ ගැනීම මෙම සිදුවීම් වලට සංවේදී සියලු දෙනාගේ වගකීමකි.