පසුගිය පෙබරවාරි 09 වනදා පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයකට නායකත්වය දීම නිසා 'රාජ්‍යට එරෙහි වීමේ' චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ඉන්දියාවේ නව දිල්ලිහි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වන කන්නයියා කුමාර් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.මෙලෙස කන්නයියා කුමාර්ට ඇප ලබා දීම දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ පසුගිය 24 වනදා ඔහුව දිල්ලි මහාධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීය.කෙසේ නමුත් ලබන 29 වනදා නැවත අභියාචනය සලකා බැලීමට නියමිතයි.
නවදිල්ලියේ ජවහර්ලාල්
නේරු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය උද්ඝෝෂණ පාගමන සංවිධානය කොට තිබුණේ 2013 දී හා 1984 දී එල්ලා මරා දමන ලද,
‘අෆ්සාල් ගුරු’ හා ‘මක්බුල් ඛාන්’ නම් වූ කාශ්මීර නිදහස්
සටන්කාමීන් උසාවිය විසින් මරා දැමීමට එරෙහිව හා සංක‍්‍රමණික කාශ්මීර ජනයාට
සහෝදරත්වය පළකිරීම උදෙසායි.2001 වර්ෂයේ දෙසැම්බර්
13 වනදා
ඉන්දියානු පාර්ලිමේන්තුවට එල්ලකල ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ ‘අෆ්සාල් ගුරු’ ට 2013 වර්ෂයේ පෙබරවාරි 09 වනදා මරණ දඬුවම හිමි
වුනා.කෙසේ නමුත් ‘අෆ්සාල් ගුරු’
මෙම චෝදනා ප්‍රතික්ෂේප
කර තිබුනා.උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ ‘අෆ්සාල් ගුරු’ ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර වසර 03 ක් සපිරෙන දිනයේය.
මීට අමතරව
පොලිසීය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කිරීම සම්බන්ධයෙන් තවත් ශිෂ්‍ය නායකයින්
පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ අතර, එතෙක් සැගවී සිටි තවත් ශිෂ්‍ය නායකයින්
දෙදෙනෙකු පෙබරවාරි 23 වනදා
පොලීසියට භාරවීමට කටයුතු කරනු ලැබීය.ඒ ශිෂ්‍ය නායකයකු වන උමාර් කාලිද්(Umar
Khalid) සහ නේරු විශ්ව
විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනිර්බාන් භට්ටාචාර්ය(Anirbhan
Bhattacharya) යන
දෙදෙනායි.විශේෂයෙන්ම කාශ්මීර් සම්භවයක් සහිත ශිෂ්‍ය නායකයෙකු වන උමාර් කාලිද්(Umar
Khalid) ට විරුද්ධව
පාලක බී.ජේ.පී. රෙජීමය හා එහි අනුග්‍රහය ලබන හින්දු අන්තවාදී කණ්ඩායම් ඔහු
පකිස්ථානය මුලික කරගත් මුස්ලිම් සටන්කාමී සංවිධානයක් හා සම්බන්ධ බවට දැවැන්ත ප්‍රචාරයක්
ගෙන යන ලදී.ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල අයට පවා අනාරක්ෂිත තත්වයක් නිර්මාණය විය.
එමෙන්ම පසුගිය 24 වනදා අධිකරණය විසින්
එම සිසුන් දෙදෙනාගේද ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, ඔවුන්ට 'සීරීමක්වත්' සිදු විය නොහැකි බවත් පොලිසියට දැනුම් දෙන
ලදී. ඒ සදහා ඔවුන් බන්ධනාගාරය තුළ වෙනම ආරක්ෂත ස්ථානයක රදවා තැබීමටද අධිකරණය
විසින් යෝජනා කරන ලදී.පෙබරවාරි 24 වනදා මෙම නඩුව කැදවූයේ විශේෂ ආරක්ෂිත වටපිටාවක් යටතේ වන
අතර, නඩුව කැදවන
අවස්ථාවේ උසාවි භූමියේ රැදී සිටීමට අවසර ලැබුණේද නීතිඥයින් සහා මාධ්‍යවේදීන් සීමිත
සංඛ්‍යාවකට පමණකි.මීට හේතු වූයේ මීට පෙර නඩු වාරයේදී කන්නයියා කුමාර් උසාවියට
ඉදිරිපත් කිරීමට ගෙන එන අතරතුර උසාවි භූමිය තුළදී, පොලිස් නිළධාරීන් මධ්‍යයේම හින්දු ජාතිකවාදී,පාලක බී.ජේ.පී. ආණ්ඩු හිතවාදී
නීතිඥයින්ගේ බරපතල පහර කෑමකට ලක්වීමයි.
මේ වන විට
තවත් ශිෂ්‍ය නායකයින් තිදෙනෙක් වන ආනන්ත් ප්‍රකාශ්(Anant Prakash ),රාමා නාගා(Rama
Naga) සහ අශුතොෂ්
කුමාර්(Ashutosh Kumar) අත්අඩංගුවට
ගැනීමට නියම කර ඇති අතර මොවුන් සියළු දෙනාටම එල්ල කර ඇත්තේ 'රාජ්‍යට එරෙහි වීමේ'
චෝදනාව වන අතර මෙම
අත්අඩංගුවට ගැනීම්වලට පදනම් වූ නිතිය 1870 දී යටත් විජිත විරෝධී ව්‍යාපාර මර්දනය සඳහා
එවකට ඉන්දියාව පාලනය කල බ්‍රිතාන්‍යයින් විසින් සම්පාදනය කරන ලද්දකි.
මෙම ශිෂ්‍ය
නායකයින්ගෙන් මාධ්‍යවේදීන් කල විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ත්‍රස්තවාදීන් නොවන
බවත් ජාතිවාදයට විරුද්ධව මාක්ස්වාදීන් ලෙස ජාත්‍යන්තරවාදය විශ්වාස කරන බවත් ය.
මේ වන විට
ඉන්දියාවේ පාලනය හොබවන භාරතීය ජනතා පක්ෂ(බී.ජේ.පී.)රෙජීමය තම නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ
ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හින්දු ජාතිවාදය නිර්දය ලෙස භාවිතා කරමින් සිටියි.ඒ
වෙනුවෙන් හින්දු ජාතිවාදී සංවිධාන ගණනාවක් පෝෂණය කරමින් සිටින භාරතීය ජනතා පක්ෂ
රෙජීමය විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා මර්දනය උග්‍ර ලෙස යොදාගනිමින්
සිටි.මෙම ශිෂ්‍ය උද්ඝෝෂණවලට එරෙහිවද පාලක
භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ සහය ලබන හින්දු අන්තවාදී කණ්ඩායම් විරෝධතා දක්වා තිබුණි.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ
ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා භාෂණයේ නිදහස වෙනුවෙන් පසුගියදා දිල්ලිය මුල් කර ගනිමින්
පැවති උද්ඝෝෂණ වලට මෑත ඉතිහාසයේ ශිෂ්‍ය උද්ඝෝෂණයන් සඳහා සම්බන්ධ වූ වැඩිම පිරිස
සම්බන්ධ වූ බවයි.එමෙන්ම මේ වන විටත් ඉන්දියාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්,ආචාර්යවරුන්, දේශපාලන සංවිධාන වලට
අමතරව යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ හා පකිස්ථානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්
දිල්ලිහි ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අරගලයට සහයෝගය ප්‍රකාශ කර ඇත.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය