නේවාසිකාගාර අර්බුදය විසඳීමට බලකරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් ආරම්භ කල අරගලය ජයග්‍රහණයෙන් නිම කිරීමට අද (14 ) දිනයේ හැකි විය.දැනට පවතින නේවාසිකාගාර අර්බුදය විසඳීමට විශ්වවිද්‍යාලය අවටින් සිසුන් 460 කට ප්‍රමාණවත් ගොඩනැගිලි 02ක් ලබාගැනීමට සහ මෙම වසර අවසන් වන විට සිසුන් 800 කට ප්‍රමාණවත් නව නේවාසිකාගාරයක් ඉදිකිරීමටත් එතෙක් නේවාසිකගර අහිමි වූ සිසුන්ට ප්‍රමාණවත් දීමනාවක් ගෙවීමටත් විශ්වවිද්‍යාල පරිපාලනය ලිඛිතව සහතික වීමත් සමග විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සිසුන් සකස් කරගෙන තිබු තාවකාලික නේවාසිකාගාරය ඉවත්කිරිම සිදු විය.අද (14 ) දහවල් 12.30 ට ශිෂ්‍ය වීරයින් සිහිකරමින් නේවාසිකාගාර සටන නිමකිරීම සිදු විය.




