බොරු චෝදනා එල්ල කල කැළණි සිසුන් 13 නිදහස්

අනවසරයෙන් විශ්වවිද්‍යාල  භුමියේ රැදී සිටි බවට කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 13 දෙනෙකුට චෝදනා එල්ල කරමින් විශ්වවිද්‍යාල පරිපාලනය මඟින් පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව එම සිසුන් 13 දෙනා ඊයේ(10) මහර අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී අදාළ නඩුව අවසන් කර සිසුන් 13 දෙනා නිදහස් කිරීමට නියෝග කරන ලදී. 
පසුගිය අප්‍රේල් මස 26 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වලින් පිටවන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයෙන් සිසුන්ට දැනුම් දී තිබුනේ නේවාසිකාගාර වල ජලයේ බැක්ටීරියාවක් ඇති බව පවසමිනි. නමුත් දින කිහිපයකට පසු විශ්වවිද්‍යාල භුමිය සිසුන්ට තහනම් ප්‍රදේශයක්  බවට නිවේදනය කරනුයේ කිසිඳු සාධාරණ පදනමක් නොමැතිවයි. එම දැනුම් දීම සිදු කිරීමටත් ප්‍රථම අනවසරයෙන් රැදී සිටින බවට චෝදනා නගමින් සිසුන් තිදෙනෙකුට පොලිසිය නොතිසි බාර දෙනු ලබන්නේ සැලසුම් කල වේලාවන් වලදී විශ්වවිද්‍යාල පරිපාලනය ක්‍රියාත්මක කල වැඩපිළිවෙල අසාර්ථක වූ බවට ඇඟවුමක් ලබා දෙමින්ය. ඉන් පසු නැවත සිසුන් 13 දෙනෙකුට එම චෝදනාවටම නොතිසි නිකුත් කොට අධිකරණයට කැඳවීය.  ගැටලුවට කාරණය නම බැක්ටීරියාවක් පවතින බව පවසමින් නේවාසිකාගාර වලින් ඉවත් වන්නට දැනුම් දුන් පසු,ගැටලුව ඇත්තේ ජලයේ නොව ආපනශාලා වල බව විශ්වවිද්‍යාල පරිපාලන පැවසීය. නමුත් මේ වන විට ඔවුන් ප්‍රකාශ කරනුයේ පාලනය කරගත නොහැකි තත්ත්වයක් මත විශ්වවිද්‍යාලය වසා දමා ඇති බවයි. නමුත් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන්නට කියූ විට එහි රැදී සිටීමට අවසර ඇති සිසුන් ඇරෙන්නට අනෙකුත් අය ඉවත් විය. නිවෙස් වලට ගොස් සිටි සිසුන්ට පවා අධිකරණයට කැඳවීම මගින් පැහැදිලි වන කාරණය නම් ඉල්ලක් කරගත් පිරිසකට මර්දනය ගෙන ඒමට පරිපාලනය කටයුතු කරන බවයි. 
සිසු ගැටළු ඉදිද්රිපත් කරන කිසිඳු අවස්ථවක මෙම උපකුලපතිවරයා හෝ බළධාරීන් සාකච්ඡාවක් ලබා දීමට එකඟ නොවුහ. සිසුවියන් දෙදෙනෙකුගේ සාක්කු වලට අත දමා බලහත්කාරයෙන් හැදුනුම්පත් ලබා ගැනීමේ සිදු වීමකට අදාලව පැට්‍රික් රත්නායක ආචාර්යවරයට විරුද්ධව විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල පැමිණිල්ල පිලිබඳ කිසිඳු විමර්ශනයක් හෝ මේ වන තෙක් සිදු කොට නොමැත. 

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>