කැලණි පාගමනට ම්ලේච්ජ ප්‍රහාරයක්

ශිෂ්‍ය මර්දනය නවතනු !
අසාධාරණ ලෙස සිරගතකල කැළණි සරසවි සිසු සිසුවියන් වහා නිදහස් කරනු !
අසාධාරණ ලෙස පනවා ඇති පන්ති තහනම් වහා ඉවත් කරනු !
විශ්වවිද්‍යාලය තුල ජිවත්වීමේ නිදහස තහවුරු කරනු !

යන සටන් පාඨ මුලික කරගනිමින් අද(15) දින දහවල් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මගින් පැවැත්වූ සාමකාමී පාගමනට කොටුව ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිටදී ආණ්ඩුව පොලිසිය යොදවා එල්ල කල ම්ලේච්ජ ප්‍රහාරයක් අතර එහිදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක් ශිෂ්‍යාවක් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන ගිය අතර මේ වන විට පොලිසිය ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතර හෙට දින උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.









අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>