මේ මොහොත වෙදිදි රජය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන වගකීම් වලින් ක්‍රමානුකුලව ඇත්වෙමින් එය වෙළෙදපොල වෙත භාර දෙමින් සිටිනවා. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සයිටම් විරෝධී සිසු ජන රැලියේදී.


විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මුලිකත්වයෙන් දියත්වන විරෝධතාවයන් වුවත් මේ විරෝධතාවයට ඉතා පුළුල් වැදගත්කමක් තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් ඒ නිසා තමයි මමත්, මෙතන පැමිණිලා සිටින විශ්වවිද්‍යාල වලින් පිට සිටින විවිධ වෘත්තීය සමිති, විවිධ සංවිධාන ක්‍රියාධරයින් මෙතන්ට පැමිණිලා සිටින්නේ.මොකක්ද මේකේ  වැදගත්කම ? මං හිතන්නේ දැන් මේක දැනටමත් බොහෝ දෙනෙක් කියලා තියෙනවා වගේ මේක එක්තරා ආයතනයක් පිලිබඳ ප්‍රශ්නයක්ම නෙමෙයි. ඇත්ත වශයෙන්ම හදිසි ප්‍රශ්න විදියට මතු වෙලා තියෙනවා තමයි. මේ මාළඹේ සයිටම් උපාධි ආයතනය පිලිබඳ ප්‍රශ්නය.ඒ ප්‍රශ්නය සම්බන්දයෙන් විශේෂිත ප්‍රශ්නන් තියෙනවා එහි ප්‍රමිති පිළිබඳව. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නියමිත කරලා තියෙන ප්‍රමිතීන් අනුගමනය නොකිරීම පිළිබඳව, ඒ වගේම එය ආරම්භ කරලා තියෙන ආකාරය පිළිබඳව, එහි ක්‍රියාත්මක වීම පිටුපස තිබෙන වංචනික ස්වාභාවය පිලිබඳ හා එය රැක ගැනීම වෙනුවෙන් පසුගිය ආණ්ඩුවේ වගේම මේ ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කරමින් සිටින ඉතාම සැක සහිත ආකාරය පිළිබඳව මේවා සම්බන්දයෙන් ප්‍රශ්න තියෙනවා, ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්න දිහා බලපුවහම අපිට කියන්න පුළුවන් දෙයක් තමයි මේ පෞද්ගලික අංශයට අධ්‍යාපනය විවෘත කරදීම නිසා ඇතිවිය හැක්කේ කුමන තත්වයක්ද කියන පිළිබඳව ප්‍රකාශයට පත්කරන ඉතාම කදිම නිදර්ශනයක් ලෙස අපට පෙන්වන්න පුළුවන් මේ සයිටම් ආයතනය පිලිබඳ නිදර්ශයෙන්. මේවා ව්‍යතිරේඛ නෙවෙයි. මේක මේ එක්තර වෛද්‍ය විද්‍යාලයන් එකතරා ව්‍යාපාරිකයන්ගේ කටයුතු ප්‍රමාණයන් එහෙම නැත්තම් .... දේශපාලන න්‍යාය පත්‍රයන් එහෙම එකක් නෙමේයි. මේක මීට වඩා මේ අධ්‍යාපනය වානිජකරණය වීම නිසා සිදුවෙන්න පුළුවන් පොදු තත්වයක්. එක නිසා මේක කලහාකාරී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ තවත් එක විරෝධතාවයක් ලෙස සලකන්නේ නැතිව මෙහි තිබෙන පුළුල් සමාජ වැදගත්කම පිලිබදව මේ  රටේ මහජනයා මීට වැඩිය අවදානයෙන් සිටිය යුතුයි. මං හිතන්නේ දැන් තියෙන කනගාටුදායක තත්වය තමයි සාමාන්‍ය මහජනයා හිතනවා මේක මේ ආරක්ෂා කරන්න ඕනෑම දෙකට විරුද්ධ වෙන යල්පැනගිය අදහස් දරන කලහකාරී පිරිසකගේ විරෝධයක් කියන එක තමයි සාමාන්‍ය මහජනයා අතර දක්නට ලැබෙන අදහස. ඒ නිසා මම ඉතාම කෙටියෙන් දෙන්න කැමති පණිවිඩය තමයි මේ විරෝධතාවයට ඊට වඩා පුළුල් පදනමක් තියෙනවා කියන එක. අධ්‍යාපනය පමණක් නොවෙයි සෞඛ්‍ය, මගී ප්‍රවාහනය, මෙන්න මේ වගේ අංශ තියෙනවා ඒවා වෙළඳපොලේ ආධිපත්‍යට භාරනොදිය යුතු අංශ. සාමාන්‍ය වෙළඳපොලේ තිබෙන තරගයට අනුව ඒවා කටයුතු කරන්න ගියොත් මේවායින් බලාපොරොත්තු වන මුලික සේවාව ලබාගැනීමට මහජනයාට හැකියාවක් ලැබෙන්නේ නෑ. එක විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය සම්බන්ධයෙන්  ගත්තම ඒ කරණය පැහැදිලිව දකින්නට පුළුවන්.විශේෂයෙන්ම එයිනුත් අධ්‍යාපනය විශේෂයි. නමුත් මීට පරස්පර ලෙස අපි දන්නවා පසුගිය දශක කිහිපය තුලම මේ කේෂ්ත්‍ර මේ මහජනයා සේවා පිලිබඳ කේෂ්ත්‍ර විශාල වශයෙන් වානිජකරණය වෙමින් වෙළඳපල බලවේග යටතට පත්වෙමින් තියෙනවා. ඊට සමාන්තරවම මේ කේෂ්ත්‍ර විශාල විනාශයකට පත්වෙමින් තියෙනවා. අපි දන්නවා මහජන ප්‍රවාහනය පිලිබඳ තත්වය,අපි දන්නවා සෞඛ්‍ය පිලිබඳ තත්ත්වය,අපි දන්නවා අධ්‍යාපනය පිලිබඳ තත්ත්වය, අපි දන්නවා අද රාත්‍රී 7 පහුවුනාට පස්සේ මහජනයාට ගමනක් බිමනක් යන්න හැකියාවක් නෑ. අද හැමෝම උත්සහ කරනවා තමන්ගේ පෞද්ගලිකවම තමන්ගේ පහසුකම් සපයා ගන්න. ඒ වගේම අද මහජන රෝහල්, රජය මගින් පවත්වාගෙන යන රෝහල් ක්‍රමය බිඳ වැටිලා.අද සියලුදෙනාටම සිද්දවෙලා තියෙනවා සෑම පවුලකටම සෑම දිලින්දෙකුටම තමන්ගේ ආදායමෙන් විශාල ධනයක් වැයකරලා වෛද්‍ය පහසුකම් වෙළඳපොලෙන් ලබාගන්න.බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමේ සිට විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කරගැනීමේ සිට විවිධ පරීක්ෂණ දක්වා වෙලන්දපොලට මුදල් වියදම් කරලා ඒ කටයුතු කරගැනීමට සිද්ධවෙලා තියෙනවා. මේ සම්බන්දයෙන් ක්‍රමානුකුලව, රජය තමන්ගේ වගකීම් වලින් ක්‍රමානුකූලව  ඈත්වෙමින් සෞඛ්‍ය කේෂ්ත්‍රය වෙළඳපොල වෙත භාරදෙමින් සිටිනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය. අද මේ රටේ පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම වහලා දැම්මත් අද අධ්‍යාපනයේ මේ තියෙන තත්වයත වෙනසකින් තොරව පවත්වාගෙන යනවා,මොකද ටියුෂන් ව්‍යාපාරය වගේ දේවල් තමයි සම්පුර්ණයෙන්ම මේ අධ්‍යාපනය මෙහෙයවනු ලබන්නේ. මේකේ උච්චතම අවස්ථාවේ ප්‍රශ්නය තමයි මේ විදියට විශ්වවිද්‍යාලවල උපාධි පිරිනැමීම පෞද්ගලික අංශවලට භාරදීම කියල කියන්නේ. මේ නිසා වහ වහාම මේ ප්‍රශ්න පිලිබඳ අපි සැලකිලිමත් නොවුනොත් තවදුරටත් මං හිතන්නේ ආපසු හැරවිය නොහැකි මට්ටමේ සමාජ ව්‍යවසනයක් බවට පත්වීමට නියමිතයි. එවිට මෙහි ප්‍රතිපලය තවමත් සමාජයට නොදැනෙනවා  වෙන්න පුළුවන්. නමුත් ඉදිරියේදී මේ තත්වය සමාජ ව්‍යවසනයක් බවට පත්වෙලා මේ තත්වය සමජයට තමන්ගේ දෛනික ජීවිතයට බලපාන කොට සමහර වෙලාවට අපිට මේ තත්වයට ප්‍රතිකර්ම යෙදීමට තිබෙන අවශතාව පසුවී තියෙන්න පුළුවන්. මෙනිසා නැවතත් මගේ පණිවිඩය තමයි මේක අපි මහජනයා ඉදිරියට මහජනයාට මේ පණිවිඩය ඉතාම සාධාරණව සලකා බැලීම සඳහා යොමු කල යුතුයි. කිනම් හේතුවක් නිසාද මේ ව්‍යාපාරය මහජනයාගේ ව්‍යාපාරයක් බවට පත් කල  යුත්තේ විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය යන මහජන සේවා කේෂ්ත්‍ර රැක ගැනීම සඳහා වූ පුළුල් ව්‍යාපාරයක් බවට මේ ව්‍යාපරය පත්කල යුත්තේ මන්ද කියන කාරණය අපි මහජනයා ඉදිරියට ගෙන යායුතුයි. ඒ සඳහා විශේෂයෙන් මේ සයිටම් ආයතනය අහෝසි කිරීම සඳහා අරගලය ඒ සඳහා මං හිතන්නේ වැදගත් උත්තේජනයක් බවට පත්වෙයි කියල මට හිතෙනවා.


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>