මහා සංඝරත්නය ඇතුළු, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන,ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන්ගෙන් අවසරයි. මට කලින් කතාකරපු ලාල්කාන්ත සහෝදරයා කියාපු විදියට ආණ්ඩුවට දැනෙන යමක් කරන්න නම් ඒක දේශපාලන වශයෙන් ආණ්ඩුවට තර්ජනයක් විය යුතුයි. මෙතෙන්ට අලුත්පරපුර අවේ ඒ තර්ජනය ආණ්ඩුවට කරලා යන්න. මොකද ඔබ අප තමුන්වහන්සේලා සියලු දෙනාම දන්නවා අලුත්පරපුර සංවිධානය කියලා කියන්නේ පැවති දුර්දන්ත පාලනය පන්නන්න කටයුතු කරපු සංවිධානයක් ඒ ආශිර්වාදයෙන් තමයි අද ආණ්ඩු කරන කට්ටිය ඔතන ආණ්ඩු කරන්නේ. ඉතිං එහෙම ආණ්ඩු කරන කොට මේ වගේ අසාධාරනකම් මේ වගේ අයිතීන් කප්පාදු කරන විට හෘදසාක්ෂියක් තියෙන සංවිධානයක් විදියට අපිට බෑ නිහඩව ඉන්න. එකයි අද අපි ආවෙ මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ අරගලය ආදරයෙන් වැළදගෙන මෙතෙන්ට. අපි ආණ්ඩුවට ඒ පණිවිඩය දෙන්නේ උබලා යන්නේ මේ මාර්ගයේ නම් අපි තවදුරටත් එතන හිට ගන්නේ නෑ කියන පණිවිඩය ආණ්ඩුවට දෙන්න. ඒ වගේම මම මේ අවස්ථාවේදී කියන්න කැමති රෝහණ වීරසුරිය ගේ ඉදලා ත්‍රිමාලා, වෙනුරලා, ශාන්තලා, මගේ විශ්වවිද්‍යාලයේ මට වඩා වසර කිහිපයක් ඉහලින් හිටපු ආදරණීය ජනක බණ්ඩාර ඒකනායක මාතලන් සහෝදරයා, සිසිත ප්‍රියංකරලා, ජීවිත පූජා කරලා ආරක්ෂා කරගත් නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් නැති කරන්න මෙ රටේ පාලකයන් ක්‍රියාකරන මේ මොහොතේ ඔබ අප මේ අහගෙන ඉන්න ජනතාවට මේ ආදරණීය අම්මලා තාත්තලා ට වගකීමක් තියෙනවා ඔබේ අපේ නුපන් හෙට පරපුර වෙනුවෙන් මේ අයිතිය ආරක්ෂා කරගන්න පෙරට එන්න. ඒ සඳහා සියලුම දෙනාට ආරාධනා කරනවා එකාවන්ව පෙළ ගැසෙන්න. මේ ආණ්ඩුවට අපි පණිවිඩයක් දෙන්න ඕනේ මේ ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙනියනවා නම් අපේ ලේ අරගෙන හරි එකා පිට එකා මැරිලා හරි මේ අරගලය වෙනුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක මේ සංවිධාන සියල්ලක්ම එකාවන්නව ඉන්නවා කියලා පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා. ඒවගේම තමුන් වහන්සේලා සියලු දෙනාම මතක තියාගන්න ඕනේ මේ ආණ්ඩු බලයට පත්වෙලා ඉන්නේ ඔය නෙවිල් ප්‍රනාන්දුලා වගේ මුදලාලිලා ගේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න නෙමෙයි. මේ ආණ්ඩුවට බලය දුන්නේ ජනවාරි 8 වෙනිදා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිසංස්කරණ කිහිපයක් ඇති කරලා මේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන නිදහස තහවුරු කරන්න, ඊයේ මං දැක්කා නෙවිල් ප්‍රනාන්දු මුදලාලි TV එකේ ඇවිල්ලා කථා කරනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනේ ඇයි කියලා. මේ රජයේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයෝ රැවුල් වවනවාලු කොන්ඩේ වවනවාලු එක නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න ඕනේ අවශ්‍යයි කියලා. ඉතිං පැහැදිලියි ඔවුන්ගේ අධ්‍යාපනය පිලිබඳ ප්‍රතිපත්තිය, දැක්ම කියලා.එහෙම දැක්මක් නැති මුදලාලිලා එක්ක නම් මේ ආණ්ඩුව යන්න හදන්නේ ආණ්ඩුවේ තිබ්බ කොටස් ටික ටික ගැලවිලා ගැලවිලා මේ වේදිකාව මතට එයි. එක ආණ්ඩුව දැනගන්න ඕන. ඒ නිසා අලුත්පර්පුර සංවිධානය විදියට ශිෂ්‍ය ව්‍යාපාරයට මම පණිවිඩයක් දෙනවා මේ නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරන්න ක්‍රියාත්මක වන සෑම මොහොතකම අලුත්පරපුර සංවිධානය ශිෂ්‍ය ව්‍යාපාරය ආදරයෙන් වැළඳ ගන්නවා, ආදරයෙන් ක්‍රියාකරනවා ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක එක වේදිකාවේ එක පෙලට හැමදාම හිට ගන්නවා කියන පණිවිඩය දෙමින් මම අවසන් කරනවා.
සියලු දෙනාට ජයවේවා...