මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල අර්බුදය විසඳීම සඳහා යෝජනා-ජනාධිපතිවරයාට යොමුකල ලිපිය







2016.07.21
මෛතී‍්‍රපාල සිරිසේන මහතා,
ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගාලූ මුවදොර,
කොළඹ 01.

ජනාධිපතිතුමනි, 
මාලඹේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල අර්බුදය විසඳීම සඳහා යෝජනා
මාලඹේ ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති මෙම අන්ත දුෂිත, වංචනික සක්විති පන්නයේ ජාවාරම්කාරී ව්‍යාපාරය සම්බන්ධව මතුවී ඇති ගැටළුව විසඳීම සඳහා අපගේ යෝජනා ඔබතුමාට හා රජයට දැනුම්දීම මෙම ලිපියෙන් අපි බලාපොරොත්තු වෙමු. 
අපි මෙම ‘‘හොර උපාධි කඩයට’’ ආරම්භයේ පටන්ම අපගේ විරෝධය පල කොට ඇත්තෙමු. ඒ ප‍්‍රධාන කාරණා දෙකක් මත පදනම් වෙමිනි. මේ හරහා රටේ ජනතාවගේ අධ්‍යාපනය ලැබීමේ අයිතියට සිදුවන බලපෑම පළමු කාරණයයි. අධ්‍යාපනය යනු සමාජ අයිතියකි. එම අයිතිය ජාති, කුල, ආගම්, ලිංග හෝ පංති යන කිසිදු භේදයකින් තොරව සෑම පුරවැසියෙක්ටම හිමි විය යුත්තකි. එම අයිතිය තහවුරු වීමට නම් පුද්ගලයකුට උපතේ දී හිමිවන තත්ත්වයන් නොසලකා ඔහුට සිය අනාගතය පිළිබඳ තීරණ ගැනීම සඳහා හිමි වටපිටාවක් එනම්, තමන් කැමති විෂය ධාරවක් තුළ, තමන් කැමති භාෂාවකින් , තමන් කැමති දුරකට ඉගෙනීමේ වටපිටාවක් පැවතිය යුතුය. එහිදී සැලකිය යුත්තේ ශිෂ්‍යාගේ අධ්‍යාපනයට ඇති රුචිකත්වය හා ඔහු තුළ වන කායික මානසික විභවතාවයන් මිස ඔහුගේ වාර්ගික, ආගමික, ලිංගික හෝ පංතිමය අනන්‍යයතාවයන් නොවේ. 
නමුත් මෙවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා සිදුවන්නේ මෙම අධ්‍යාපනය ලැබීමට ඇති සමාජමය අයිතිය අහිමි වී මුදල් ගෙවීමේ හැකියාවක් සහිත ඉතා සුළු පිරිසකගේ වරප‍්‍රසාදයක් බවට අධ්‍යාපනය පත්වීමයි. මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයේ අයකරනු ලබන මිල ගණන් හරහා වුවද එය මැනවින් තේරුම්ගැනීමේ හැකියාව ලැබේ. ලක්ෂ 120 ක් ගෙවා වෛද්‍ය උපාධිය ලබාගත හැක්කේ ජනගහනයෙන් ඉතා සුළු පිරිසකට පමණක් වන අතර උසස් පෙළ සමත් ඉහළ සුදුසුකම් ලාභී දහස් ගණනක් සිටියදී උසස් පෙළ අසමත් සිසුන් පවා මෙම පීඨයේ වෛද්‍යවරුන් වීමට ඉගෙනුම ලැබීම තුළ අධ්‍යාපනය මුදල් ගෙවිය හැකි අතලොස්සකගේ වරප‍්‍රසාදයක් වීමේ තත්ත්වය මැනවින් පැහැදිළි වේ. ඒ අනුව අධ්‍යාපනය සමාජ අයිතියක සිට කිසියම් පැළැන්තියක වරප‍්‍රසාදයක් බවට පිරිහෙළීම මෙම විශ්වවිද්‍යාල තුළින් සිදුවන අතර එය මෙම මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහි අපගේ විරෝධයේ මූලික පදනමයි. 
එසේම මෙම ආයතනයේ ප‍්‍රමිතිය පිළිබඳව ද සමාජය තුළ  සාකච්ඡුාවක් නිර්මාණය වී ඇති අතර එහිදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පෙන්වා දී ඇති පරිදි මෙම ආයතනය වෛද්‍ය උපාධි ප‍්‍රදානය සඳහා සුදුසු ප‍්‍රමිතිගත ආයතනයක් නොවේ. ප‍්‍රමිතිය පසුව සැපිරීමේ කොන්දේසිය මත, පසුගිය රාජපක්ෂ සමයේ දී මෙම ආයතනය පිළිගැනීම සඳහා එස්. බී දිසානායක අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් චක‍්‍රලේඛ පිට චක‍්‍රලේඛ නිකුත් කර ඇතත් මෙම ආයතනය තවමත් එම කොන්්දේසි සපුරා නැත. එය මෙම ආයතනයේ ප‍්‍රශ්නයක් පමණක් නොවන අතර ලාභ අරමුණු කරගත්  ඕනෑම ව්‍යාපාරයක් සම්බන්ධව දැකිය හැකි පොදු ලක්ෂණයකි. කුමන පොරොන්දු දුන්නද, කෙබඳු මවාපෑම් කළ ද ලාභ මුල්කොටගත් කිසිම විටකදී ප‍්‍රමිතීන් ආරක්ෂා කළ නොහැකිය. එය වෙළඳපොළේ සෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන්ම පිළිගැනීමට සිදුවන සත්‍යක් වන අතර ලාභ අරමුණු කරගත් අනෙකුත් සෑම ව්‍යාපාරයක දීම ප‍්‍රමිතීන් අහිමි තත්ත්වයක් තුළ ලාභ අරමුණු කරගත් විශ්වවිද්‍යාලවලදී පමණක් ප‍්‍රමිති ආරක්ෂා වේයැයි සිතීම මුලාවකි. ඒ අනුව මෙම ආයතනය කොහෙත්ම ප‍්‍රමිතිගත ආයතනයක් නොවනු ඇති අතර මෙය වසාදැමීම සිදු නොවුවහොත් ඩෙංගු රෝගයට ගොදුරුව මෙම නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ඇතුළත් කළ කවීෂ වැරදි ප‍්‍රතිකාර ක‍්‍රම හරහා මරා දැමුවා සේ තවත් ජීවිත සිය දහස් ගණනක් බිලිිගනු ඇත. මෙසේ මෙම විශ්වවිද්‍යාලය හරහා බිහිවන වෛද්‍යවරුන්ගෙන් රටේ නිදහස් සෞඛ්‍යට සිදුවන හානිය අපි මෙයට විරුද්ධවීමට බලපාන දෙවැනි කාරණයයි. 
එසේම මෙම ආයතනය මුල සිටම විවිධ බොරු ප‍්‍රචාර හරහා සමාජය රවටමින් සිසුන් බඳවාගැනීමට කටයුතු කර ඇති අතර ඊට එරෙහිව අසාධාරණයට ලක් වූ දෙමාපියන්ගේ දරුවන් විසින් කඩුවල අධිකරණයට පෙත්සමක් පවා ගොණු කර ඇත. ්ිස්බ ෂබිඑසඑමඑැ දෙ ඔැජයබදකදටහ ්බා ඵ්බැටපැබඑ නමින් ලියාපදිංචි කර ීදමඑය ්ිස්බ ෂබිඑසඑමඑැ දෙ ඔැජයබදකදටහ ්බා ඵැාසජසබැ ලියාපදිංචි නොකළ නමකින් වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම, මෙම වෛද්‍ය පීඨය රුසියාවේ නිෂ්නිනොව්ගොරොද් නැමති විශ්වවිද්‍යාලයක අනුබද්ධ ආයතනයක් යැයි කියමින් ව්‍යාජ වෙළඳ දැන්වීම් පල කිරීම, ලංකාවේ හා බිත‍්‍රාන්‍යයේ වෛද්‍ය සභාවල අනුමැතිය මෙම පීඨයට ඇතැයි ඇඟවෙන දැන්වීම් පල කිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඇතැයි කියමින් උසාවියේ දී පවා බොරු ප‍්‍රකාශ ලබාදීම, සිසුන්ගේ දෙමාපියන්, මෙම ආයතනයට සුභ පතන්නන් හා මෙම ආයතනය වෙනුවෙන් පෙනී සිටින හා එහි සේවය කරන ආයතනට පක්ෂපාතී හා ආයතනයේ ප‍්‍රමිතියක් ඇතැයි කියමින් දැනටමත් පෙනී සිටින පුද්ගලයන් ගෙන් සමන්විත පක්ෂපාතී විභාග පරීක්ෂක මණ්ඩලයක් හරහා ඉතාමත් වංචනික හා සදාචාර විරෝධී විභාග පැවැත්වීම ආදිය මෙම ආයතනය කොතරම් වංචනික ලෙස කටයුතු කර ඇත්ද යන්න පිළිබඳව පෙන්වාදෙන නිදසුන් කිහිපයක් පමණි.  වෛද්‍ය වෘත්තිය යනු රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධ ඉරණම තීරණය කරනු ලබන වෘත්තියක් වන අතර මෙවැනි වංචනික ප‍්‍රවේශයන් හරහා වෛද්‍යවරු බිහිවීමෙන් සිද්ධවිය හැකි හානිය හිතා සුළු පටු නොවේ. 
ඒ අනුව මෙම මාලඹේ හොර උපාධි කඩය වසා දැමීම අපගේ ස්ථාවරය වන අතර ඒ වටා විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා සිවිල් ක‍්‍රියාකාරිකයින් විශාල පිරිසකගේ හ`ඩද එක් වී ඇත. දැනටමත් මෙම ඉල්ලීම සිදුකරමින් වෛද්‍ය පීඨ සිසුන් දින 150 කටත් වැඩි කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ඉදිරිපිට සත්‍යග‍්‍රහ කරමින් සිටිති. නමුත් ඔබතුමා ප‍්‍රමුඛ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන නිහඩ පිළිවෙත හා රජයක් වශයෙන් රටට ජනතාවට විශාල හානියක් සිදුවන මෙවැනි ආයතනයක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව අපි ඉතාමත් කණගාටුවට පත්ව සිටිමු. එසේම ජනතාවගේ ඉතාමත් සාධාරණ ඉල්ලීම්වලට කන්දෙමින් මෙම ප‍්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වන මෙන් අපි මෙහිදී ඔබ තුමාට කාරුණිකව දැනුම් දෙමු. 
මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගෙන යන අරගල අවසන් කිරීමට නම් අප අපේක්ෂා කරන විසඳුම් කිහිපයක් ඇති අතර ඒවා පහත පරිදි වේ. 

01. මෙම විශ්වවිද්‍යාලය මුළුමනින්ම වසා දැමීම එක් විසඳුමකි. එහිදී දැනට මෙම විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ගෙන් අයකරගත් සියලූ මුදල් ඔවුන්ට ලබාදීමට කටයුතු කළ යුතු අතර එම ආයතනයේ හිමිකරුවන් විසින් එම ගෙවීම් පැහැර හරිනු ලබන්නේ නම් එහි ඇති දේපල වෙන්දේසි කොට හෝ එම මුදල් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. 

02. දෙවැනි විසඳුම රජයට පවරාගැනීමයි. නමුත් මෙසේ රජයට පවරාගන්නේ නම් එය අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හෝ රාජ්‍ය හිමිකාරත්වය සහිත අධ්‍යාපනය විකුණන ව්‍යාපාරයක් නොවිය යුතුය. එය කොතලාවල පන්නයේ රජය මැදිහත්වී උපාධි විකුණන කඩයක් නොවිය යුතු අතර, 80 දශකයේදී උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ප‍්‍රශ්නයේදී සිදුකළ ආකාරයට රාගම වෛද්‍ය පීඨය ආකාරයේ උසස්පෙළින් ලබාගත් ලකුණු මට්ටම් මත සිසුන් බඳවාගන්නා නොමිලේ උපාධි ප‍්‍රදානය කරන ආයතනයක් බවට පත් කළ යුතුය. 
මෙහිදී ද සිසුන්ගෙන් අයකරනු ලැබූ සියලූ මුදල් ඔවුන්ට ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතුය. එසේම මෙය නොමිලේ උපාධි ප‍්‍රධාන ආයතනයක් බවට පත්කිරීමෙන් පසු වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන්ගෙන්  හෝ වෙනත් පිළිගත් විද්වත් මණ්ඩලයක් විසින් සකස්කළ කඩ ඉම් විභාගයක් හෝ වෙනත් පුළුල් විනිවිදභාවයක් සහිත පරීක්ෂණයක් හරහා සමත්වන්නේ නම් පමණක් මෙහි සිටින සිසුන්ටද උපාධි දීම පිළිබඳව අපගේ විරෝධයක් නැත. නමුත් එහි පදනම විය යුත්තේ වෛද්‍ය උපාධියක් ලැබීම සඳහා සුදුසු ද නැද්ද යන්න මිස අයකරන ගාස්තු ගෙවිය හැකිද නොහැකිද යන්න නොවේ. 
මේ පිළිබඳව අපගේ ස්ථාවරය මෙය වන අතර ජනසතු කිරීමේ නමින් හිමිකාරත්වය පමණක් රජයට පවරාගනිමින් මුදලට උපාධි විකුණන ක‍්‍රියාවලියට හෝ අර්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන යෝජනාවකට අපි එකඟ නොවෙමු. මන්ද යත් ඉන් මෙකී විශ්වවිද්‍යාලය හරහා නිදහස් අධ්‍යාපනයට හෝ නිදහස් සෞඛ්‍ය සේවාවට සිද්ධවන හානිය වෙනස් නොවන බැවිනි. අවසාන වසයෙන් අපි මෙකී කරුණු සලකා බලා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සඳහාත්, සෞඛ්‍ය සේවයේ සිදුවීමට නියමිත විනාශය වළක්වාගැනීමටත් ඔබතුමා  නිසි මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එතෙක් අපි ඒ දෙස අවධානයෙන් බලා සිටිමු. 

ස්තූතියි,
මෙයට,





ලහිරු වීරසේකර
කැ`දවුම්කරු

පිටපත්   -
x අගමැතිවරයා
x සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්
x සියලූ දේශපාලන පක්ෂ
x විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය
x සියලූ විශ්විද්‍යාල අචාර්යවරුන්
x වෘත්තීය සමිතිරැු බහුජන සංවිධාන
x උපකුලපතිවරුන්
x මහා ශිෂ්‍ය සංගම්
x මාධ්‍ය ආයතන


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>