SAITM විරෝධි සිසු ජන ව්‍යාපාරය ලෙස මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු යන සටන් පාඨය යටතේ විරෝධතා රැුලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව හෙට දින නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේදී පැවැත්වීමට තිරණය කර අදාල ස්ථානය වෙන් කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව ඊට අදාල වන රුපියල් 46350.00 මුදලක් ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ මහජන උපයෝගීතා අංශයට ගෙවා ස්ථානය වෙන් කරනු ලැබුවේ 2016.07.25 වන දිනය. මුදල් ගෙවීමට පෙර 2016.07.18 වන දින 07/28 රැුලිය සදහා වෙන් කිරීමට කටයුතු කර තිබිණ. නමුත් අද (26* දින බලධාරීන් දුරකථන මාර්ගයෙන් දැනුම්දි ඇත්තේ මෙවැනි වැඩසටහන් සදහා ආනන්ද සමරකෝන් රංගපීඨය ලබා නොදෙන බවයි. සතියකටත් පෙර වෙන්කර පසුව මුදල් ගෙවා එම වෙන්කිරීම ස්ථිරකර තිබියෙදී රැුලිය පැවැත්වීමට දිනකට පෙර එම ස්ථානය ලබා දීමට නොහැකි බව පැවසීම පුදුම සහගතය.
එසේම පසුගිය දිනක එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල රැුලියක් කොළඔ හයිඞ් පිටියේ පැවැත්වෙන බව පවසා එය ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට කටයුතු කල අවස්ථාවේදී නගර සභාවේ හෝ අදාල ආයතන වල ආරක්ෂක අංශවල විරෝධයත් වැලැක්වීමත් සිදුකරනු වෙනුවට සිදු වූයේ ආරක්ෂක අංශවල පවා සහය දැක්වීමයි. එදින පැවති අපගේ විරෝධතාවයකට පොලීසිය කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කෙරින. එසේනම් ආනන්ද සමරකෝන් පරිශ‍්‍රය අපගේ වැඩසටහන සදහා වෙන්කර තිබියදී මෙවැනි කටයුත්තකට ලබා නොදෙන ස්ථානයක් බව පවසන නීතිය පිලිබ`ද අපට ගැටලූවක් ඇත.
ඒ අනුව මුදල් ගෙවා අදාල ස්ථානය වෙන්කර තිබියදී පවා එය ලබා නොදීමට තීරණය කිරීම අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින්නෙමු.
එසේම හෙට (27) දින පැවැත්වීමට නියමිත සිසු - ජන රැුලිය අදාල ස්ථානයේදි පැවැත්වෙන බවද දන්වා සිටිමු