”මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 2016


සමාජ යථාර්ථය වසන් කරමින් සැබෑ සමාජ විඥානය වළලා තිබෙන මොහොතක කලාකරුවන් කලාව වෙළඳ භාණ්ඩයක් කර ලාභ ලබන යුගයක සාධාරණ යුක්තිගරුක සමාජයක් උදෙසා කලාවේ කාර්යභාරය සිදු කිරීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව මගින් ”මාගේ දේශය අවදි කරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙල- 2016 වර්ෂය සඳහාද 22 වන වරටත් සංවිධානය කිරීමට තීරණය කර ඇත.  මෙවර සාහිත්‍ය උළෙලේ සමාරම්භය 2016 සැප්තැම්බර් 07 වන දින දක්වා කාලය තුල පේරාදෙණිය විශ්වවිද්‍යලයීය පරිශ‍්‍රයේදී මෙම සාහිත්‍ය කලා වසන්තය සම`ගින් ඔබට අත්වැල් බැඳගත හැකිය.

01. සමාරම්භක උළෙල
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 09 ක සහෝදරත්වයෙන් මෙන්ම පාසල්වල සෞන්දර්යාත්මක හා කලාත්මක අංගයන්ගෙන් සමාන්විත දැවැන්ත ප‍්‍රසංගයකි.

02. වල සතිය 
දින 06ක් තුල වේදිකා නාට්‍ය 06ක් වේදිකාගත වේ.
-සෙකන්ඞ් හෑන්ඞ් ජීවිතේ 
-love and life
-ගබ්සාව
-කෙටි නාට්‍ය උළෙල
-Mr.W
-ගෝඨයිම්බර කෝලම


03. වසන්තයේ අග
ප‍්‍රවීන කලාකරුවන් සහභගී කරවා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යලය තුල සිදු කරන නිර්මාණශීලී ප‍්‍රාසාංගික සංගීතමය වැඩසටහනකි.


04. විහ`ගසර 
ගායන, වාදන, නර්ථන සහ නිවේදන යන අංශයන්ගේ ඒකල හා සමූහ වශයෙන් පවත්වන තර`ගාවලියක් ලෙස ඉදිරිපත් කරන විහ`ගසර වැඩසටහන තුල විශ්විවිද්‍යලයීය, අධ්‍යයන හා අනධ්‍යයන සහෝදර සහෝදරියන්ට සහභාගී විය හැකිය.


05. ශාන්ත බණ්ඩාර අනුස්මරණ විවාද තර`ගාවලිය
සමකාලීන විවාද සම්පන්න සමාජයක් ඉලක්ක කර ගනිමින් අන්තර් පාසල්, අන්තර් පීඨ අන්තර් විශ්වවිද්‍යාලයීය වශයෙන් මාතෘකා කිහිපයක් ඔස්සේ සිදු කරන විවාද තර`ගාවලියකි.



06. සිනමා පට ප‍්‍රදර්ශන 
සිනමා කෘති රසවිඳීම සහ විචාරයට ලක් කිරීම ම`ගින් සිනමාව මිනිස් ජීවිත විවරණය කිරීමට යොදා ගැනීම මෙහි අරමුණයි. 

07. සංවාද
නිදහස්, සාමූහික සහ නිර්මාණශීලී ශිෂ්‍ය ප‍්‍රජාවක් බිහි කිරීමේ අරමුණෙන් සංවාදමය අවකාශය තවදුරටත් පුළුල් කරමින් වැඩසටහන් සංවිධානය කර ඇත.

08. අවසන් තෙදින
-සාහිත්‍ය කඳවුර
-වීදි නාට්‍ය
-ප‍්‍රදර්ශන කුටි
-පොත් ප‍්‍රදර්ශණය
-ඡුායාරූප ප‍්‍රදර්ශණය
-චිත‍්‍ර ප‍්‍රදර්ශණය
-සාහිත්‍ය උත්සවයේ සමාප්ති උත්සවය


අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>