සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇති විරෝධතා බැනර් වහාම ඉවත් කරන්නැයි පොලිසිය ශිෂ්‍ය නියෝජිතයින්ට තර්ජනය කර ඇත. මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි කරනු!,පාසල් තුල මුදල් අය කිරීම නවතනු! ආදී ලෙස සටහන් කර ඇති විරෝධතා බැනර් මෙලෙස ප්‍රදර්ශනය කර තිබිණ. ඒ අනුව අද(19) උදෑසන විශ්වවිද්‍යාලයට පැමිණි පොලිසිය තර්ජනය කරමින් පවසා ඇත්තේ වහාම මෙම බැනර් ඉවත් කරන ලෙසත් නැතහොත් නඩු පැවරීමට කටයුතු කරන බවයි.