සයිටම් අහෝසි කරනු, රටපුරා උද්ඝෝෂණ (Photos)


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කල අධ්‍යාපන අයිතිය සුරැකීමේ ජනතා පෙත්සම, අත්සන් ලක්ෂ 25 ලබාගැනීමේ වැඩසටහන පසුගිය මාර්තු 18 වන දින සිට 26 දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 16 ආවරණය වනපරිදි ගම් 170 කට අධික සංඛ්‍යාවකදී ඉතා සාර්ථකව පැවතුනි.

මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු..! 
ද.ල.දේ. නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6% වෙන්කරනු ..!
පාසලතුල සිදුකරන සියලු මුදල් අයකිරීම් නවතනු..! 
සරසවි බඳවා ගැනීම් ඉහල දමනු..!
යන සටන් පාඨ මුල්කරගනිමින් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස් මෙම පෙත්සම සදහා අත්සන් ලබාගැනීම හා ජනතාව දැනුවත් කිරීම සිදුවිය. එහිදී ජනතාව ඉතා උනන්දුවෙන් ඒ සදහා අත්සන් තැබිම සිදුකරන ලදී.

ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව මාර්තු 24,25,26,27 යන දිනවල ඉහත දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස ඉල්ලා ජනතා උද්ඝෝෂණ 117 පමණ දිවයින පුරා සංවිධානය විය.


























වැඩි විස්තර සදහා පිවිසෙන්න https://www.facebook.com/iusfsrilanka/

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>