මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් අදත් විරෝධතා



මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් දිවයිනේ වෛද්‍ය පීඨ හයක් ඉදිරිපිට ක්‍රියාත්මක වන අඛණ්ඩ සත්‍යග්‍රහ අළුත් අවුරුදු දිනය වන අදත් අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඒමෙන්ම මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු සටන් පාඨය මුල් කරගනිමි අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අනතර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (14) සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පවත්වන ලදී. ඒ සදහා සිසුන් සහ දෙමාපියන්, සිවිල් ක්‍රියාකාරීන්ද සම්බන්ද විය. එහිදී ඔවුන් ජනාධිපතිවරයාගේ සහ අගමැති වරයාගේ අනුරුවකටද ගිනිතබමින් විරෝධතාවයේ නිරත විය. එහිදී අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු, අනතර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැවුම්කරු හිමි සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය නියෝජනය කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකුගේ  පියෙක්ද අදහස් දක්වන ලදී.      











































තවදුරටත් විස්තර සදහා පිවිසෙන්න https://www.facebook.com/pg/iusfsrilanka/

අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>