මීතොටමුල්ල ජීවිත විනාශයට වගකිවයුතු පාලකයන්ට මිනිමැරුම් චෝදනා යටතේ නඩුපවරා දඩුවම් කළ යුතුයි – නුවන් බෝපගේ
මීතොටමුල්ල කුනුකන්ද අවට නිවාස විනාශවීමෙන් ඇතිවූ ජීවිත හානි පිළිබද ‘කොලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය‘ විසින් අද දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී එම ව්‍යාපාරයේ කැදවුම්කරු නීතිඥ නුවන් බෝපගේ පළ කළ අදහස් මේ සමග පළ කරමු.
“2011 වසරේ සිට මේ ස්ථානයෙ කුනු දමන එකට එරෙහිව මීතොටමුල්ල ගම්වාසින් උද්ඝෝෂණ 15කට වැඩිය කළා. මහින්ද රාජපක්ෂ පාලනය එදා කදුලු ගෑස් ගැහුවා. ඉන්පස්සෙ මේ රනිල් මෛත්‍රි ආන්ඩුව කළේත් උද්ඝෝෂනයට කදුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කළ එකයි. කොලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය වශයෙන් මේ වෙලාවෙ අපි කයනවා, එදා අපට ගහන්න එවපු පොලිසිය, හමුදාව දැන් මේ කුනුකන්දට යටවෙච්ච දරුවන්ගෙ මළසිරුරු කෑලි අහුලන්නත් මෙතනට එවලා තියෙනවා. අපේ ගෙවල් යටවෙලා, ඒවගෙ හිටිය මිනිස්සු ගොඩගන්න දැන් එදා ගහපු අයම මෙතනට එවලා.
අපි කියනවා, මේ කුනුකන්ද දේශපාලකයන්ට මුදල් ආකරයක්. කොළඹ නගර සභාවෙ මිලියන 600 කුනු ටෙන්ඩරය ඡන්දෙන් පත්වුණු උන් මිලියන 800ට විකුණලා මිලියන 200ක් බෙදාගත්තා. අපේ දරුවො අපේ පවුල්වල සාමාජිකයෝ දැන් මේ කුනුකන්දට යටවෙලා.
පහුගිය 2015 පෙබරවාරි මාසෙ අගමැති රනිල් වික්‍රමසිංහ අපට සාකච්ඡාවක් දීලා පොරොන්දු වුණේ මේ ප්‍රශ්නය මාස 6කින් විසදනවා කිව්වා. ඒ නිසා පාලකයන් හැටියට හැමදාම කලේ අපිව මේ අද වෙලා තියෙන විපතට ඇද දමපු එක. ඒ නිසා අපි කියනවා මහින්දලා, රනිල්ලා, මෛත්‍රිපාලලා මේ මිනිමැරුම් සම්බන්ධව චෝදනාවට ලක්කරනවා. ඔවුන් වගකිවයුතු මිනිමැරැම් මේවා. නඩු පවරලා දඩුවම්වලට යටත් ඛල යුතුයි.
මරික්කාර්ලා දුමින්ද සිල්වලා වාගේ ප්‍රාෙද්ශීය නායකයො දේශපාලන වාසි ලබාගත්තා. මේ දක්වා විවිධ වාසි නිසා කල්බැලූ පාලකයන්ට කියනවා නුඹලා දැන් ඉල්ලා අස් වියයුතුයි.
තවත් දෙයක් හෙලිකළ යුතුයි. ඊයෙ හවස 1.00ට සිදුවීම වුනේ. ඒ එක්කම බේරෙන්න පුලුවන් මිනිස්සු එතැනින් ඉවත්වුනේ ඇදගෙන හිටිය අදුමින්. නමුත් තවත් මිනිස්සු, දරුවො යට වුණා. රෑ 2.00 වෙනකම් මේ යටවුණ සුන්බුන් ඉවත්කරන්න පාලකයන් විසින් කවුරුත් යෙදෙවුවෙ නෑ. ඔවුන්ගෙ නියෝග යටතෙ හමුදාව, පොලිසිය 500ක් විතර සන්නද්ධව ඇවිත් හිටියා, නියෝග දෙනකම්ම මොකුත් කලේ නෑ. සවල් අරගෙන ගමේ අය බලාගෙන හිටියා තමන්ගෙ අසල්වැසියො, ඤාතියො බේරගන්න. අන්තිමේට කිසිම පියවරක් නොගන්න නිසා මිනිස්සු කුනු කන්ද හාරන එක්ස්කැවේටර් එක බලෙන් අරගෙන හාරන්න පටන් ගත්තෙ. අපි කියනවා මේ මිනිමැරුම්වලට වගකිවයුතු උන් දැන් වතුර බෙදන්න, සහනාධාර දෙන්න එන්න එපා. දැන් අපේ පවුල් වැනසිලා ඉවරයි. දැන් මොනවටද සහන දෙන්න එන්නෙ.
අපි දිගටම උද්ඝෝෂනය කළේ ඇහැට පෙනෙන දේ වෙනුවෙන්. විනාශයක් වෙන බව පෙනෙන නිසා තමයි අපි කොලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරය හැටියට සංවිධානය වෙලා මේ අරගලය කළේ. මේ මිනිස්සු වෙන දේවල් ඉල්ලුවෙ නෑ, තමන් ජීවත්වෙන තැන ආරක්ෂා කරලා දෙන්න, කුනුගද මැද ජිවත්වෙන්න බෑ, දරුවො හදන්න බෑ කියලා එදා ඉදලම කිව්වෙ. ඒකට ඇහුම්කන්න දෙන්න මේ රටේ පාලකයන්ට උවමනාවක් තිබුනෙ නෑ.
මින් පස්සෙ එක කුනු ලොරියකන් ආවොත් අපි ගිනිතියනවා කියලා මේ අය කියන්නෙ. ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ දැන දැන මිනිස්නු මරණයට පත් කිරීමක්. මේ මිනිස් ඝාතනවලට වගකිවයුතු මිනිමරුවන්ට අනිවාර්යයෙන් මරණිය දණ්ඩනයට පත්කළ යුතුයි.
අපි දන්නාව සමහර මාධ්‍ය කිව්වෙ සුලු කඩා වැටීමක්, එක මරණයක් විතරයිමේ කුනුකන්දට එරෙහිව සටන් කළ කීර්තිරත්න මහත්තයගෙ දුවයි, බෑනයි, මිනිපිරියගෙයි සිරුරු කෑලි දැන් ගොඩ ගත්තා. මේ විපත වෙයි කියලා නෙවෙයි, නමුත් කුනුකන්ද අයින් කරන්න කියලා සටන් කරපු අපිත් එක්ක පෝස්ටර් ගහපු මනුස්සයාට එහෙම වුණා. ඒ වගේම අපිත් එක්ක සටන් කරපු සමහර මිනිස්සු මේ කුනුකන්දට යටවෙලා ඉවරයි.
මේ ඉන්නෙ ස්ථිර පදිංචිකරුවෙක්. ඔවුන්ගෙ පරම්පරා 5ක් මේ අවට ජිවත් වෙනවා. ආන්ඩුව විසින් සහ සමහර ජනමාධ්‍ය ආයතන විසින් මේ අයට අනවසර පදිංචිකරුවො කියලා ඉතාම නින්දිත ප්‍රචාරයක් ගෙනයනවා. ප්‍රාෙද්ශීය ලෙක්ම් නිවේදන එව්වලු අයින් වෙන්න කියලා. එහෙම කිසිදම දෙයක් වෙලා නෑ. කිව්වත් මෙතනින් යන්න පුලුවන්ද. මේ අපි කනුකන්දක් ළගට ඇවිත් පදිංචි වුනා නෙවෙයි. මේ කුනු කන්දයි බලෙන් ගෙනල්ලා දැම්මෙ.
මීට අවුරුදු දෙකකට ගෙවල් කැඩීමේ අවදානමක් තිබුනා. ඒ වෙලාවෙ ලක්ෂ 15ක් දුන්නා ඉවත් වෙන්න කියලා.මේ පොලොව අඩි 40ක් උඩට ඇවිත් නිවාස යටවුණාම මේ වනවිට සමාගම් 60ක් වාර්තා ඉදිරිපත් කලාමේක යට තියෙන්නෙ මිලියන 200ක කුට්ටියක්.මේ කුනුකන්ද පවත්වානෙ යන්න මේ ගමේ පදිංචි මිනිස්සු එලවන එකට අපි විරුද්ධයි.
දැන් මෙතන කැරලි මර්දන පොලිසිය අරගෙන ඇවිත් තියෙනවා. කැරලි ගහන්න මිනිස්සු නෑ. ඒඅය පස්යට යටවෙලා. අපි මේ විපත වෙයි කියලා උද්ඝෝෂනය කරන වෙලාවෙ අපට කදුලු ගෑස්, බැටන්, ජල ප්‍රහාර එල්ල කරපු පොලිසිය දැන් ආපදා තත්වය යටතේ මෙතනට කැදවලා. ඒ අයට නියෝග කරපු උන් මෙතනට එන්නෙ නෑ. අපි නැවත කියනවා මේ මිනිස් ජිවිත සම්බන්ධ ඛේදවාචකයට මේ රටේ පාලකයන් වගකිවයුතුයි.“
මෙම විපතට මුහුණදුන් ප්‍රදේශවාසියකු වන ඩඩ්ලි දන්තනාරායන මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
1989 මෙතන පදිංචි වුනේ. ප්‍රේමදාස මහත්තයා මෙතන අපිට පදිංචි වෙන්න සලස්සලා දුන්නෙ. මේ ව්‍යසනය ගැන මරික්කාර්ට අපි කිව්වා. එතකොට කිව්වෙ. පාර්ලිමේන්තුව 24 වැනිදා රැස්වුනාම උත්රයක් දෙන්නම් කියලාගෙවල් ටිකෙන් ටික ඉදස්සෙන්න පටන්ගත්තා. අපි ඇදගෙන හිටිය සරම පිටින් පැනගත්තෙ. කන්න ගත්ත බත්පත දාල පැන ගත්තෙ. මගේ වාහන තට්ටු දෙකක නිවස විනාශ වුණා. මරික්කාර්ලා අපට කිසිම විසදුමක් දුන්නෙ නෑ. දිසාපතිවත් කවුරුවත් මෙතන හිටියෙ නෑ. අපි මේ පදිංචිකරුවන් හැටියට
හොරණ ගියාම අක්කර 80ක ඉඩමක් දුන්නා. මේ කුනුකන්ද ගැන කටයුතු කරන්න සමාගම් 53ක් විස්තර දුන්නා. ැනටමත් වරායෙ තිනෙවා චීනෙන් ගෙනාව ඇංජිමක්. මේක අමුසොහොනක් කළා. මේවා හෙන ගහන අපරාධ. පළමුවැනි වරදකාරයා නගරාධිපති මුසම්මිල්.
ඡන්ද ගත්තට පස්සෙ මේ ප්‍රහ්න කියන්න ගියාම, අගමැති එහේ ගියා. ජනාදිපති රට ගියා. අරක මේක කියනවා. අපි ඡන්ද දීලා අන්තිමට අමාරුවෙ වැටුණා. අලාභ වින්දෙ අපි. සමහර මාධ්‍ය බොරු වාර්තා කළා. මේ කුනුකන්ද ළග ගෙවල් එකපාරට උඩ ගියා. මේක ගැන ඇත්ත කියන්න. මේ කුනු දාන්න එන්නෙ කොළම විතරක් නෙවෙයි. මතුගම, පාද්ක්ක ඉදලා එනවා. ලොරි 26කට පර්මිට් දෙනවා. කොළඹ නාගික මන්ත්‍රිවරු මේවයින් කන්නෙ. මේ නිසා අපි කියනවා ජනාධිපතිතුමා පරිසර ඇමැති හැටියට වගකීම ගන්න ඕන. එපා කියද්දිම අවුරුදු ගානක් මේක කළා. දැන් තවත් අපට ඉවසන්න බෑ. නුවන් බෝපගේ මහත්තයට ගැහුවා. කීර්තිරත්න මහත්තයට ගැහුවා.
අපි ආඩම්බර වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෙයා් විතරයි අපට සහයෝගය දෙන්න මෙතනට ආවෙ. අන්තරේ ළහිරුලා විතරයි මේක බාරගත්තෙ. දේශපාලකයො රටරටවල රවුම්ගැහුවට කිසිම විසදුමක් ක්‍රියාත්මක කලේ නෑ. හෙටත් මෙතනට ලොරි එයි 70-100ක් එයි. මාධ්‍යවලින් මේ කතාව කියන්න. මේ විපත ගැන ඇත්ත කියන්න. අපි මාධ්‍යයට කියන්නෙ. අපට පුද්ගලික හානි නෑ. නමුත් අපිත්එක්ක ජිවත්වෙච්ච මිනිස්සුන්ට මේ විපත වුනේ.“
මෙම විනාශය නිසා ජීවිත 19ක් නිශ්චිත බව විශ්වාසදායක මුලාශ්‍රවලින් ප්‍රකාශ වී තිබේ. එහෙත් තවමත් පාලකයන් විසින් මෙම විනාශය සම්බන්ධ නිවැරදි වාර්තා නිකුත් කර නැත. කෙසේවෙතත් කැරලි මර්දන සූදානමින් සන්නද්ධ විහේෂ කාර්ය සාධක භටයන් සහ ජල ප්‍රහාර රථ අවට රදවා ගිබෙනු දක්නට ලැබිණි.
මාධ්‍ය සාකච්චාවේ වීඩියෝ සදහා පිවිසෙන්න https://www.facebook.com/iusfsrilanka/videos/1084875688284330/
https://www.facebook.com/iusfsrilanka/videos/1085169394921626/
වැඩි විස්තර සදහා පිවිසෙන්න https://www.facebook.com/iusfsrilanka/