තෙල් ටැංකි විකිනීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති වර්ජනයක



චීන වාරයේ ඇති තෙල් ටැංකි ඉන්දියාවට හා හම්බන්තොට වාරයේඇති තෙල් ටැංකි චීනයට විකිණීමට ගෙන ඇති යෝජනාව ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (24) උදැසන සිට ක්‍රියාත්මක වනපරිදි වැඩ වර්ජනයක නිරත වී ඇත.

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඩී.ජේ. රාජකරුණා සහෝදරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ හෙට දිනය වනවිට නිසි විසදුමක් මේ සදහා නොලැබුණොත් සපුගස්කන්ද තෙල්පිරිපහදු කිරීමේ කටයුතුවලින්ද ඉවත්වන බවයි.

මෙම වර්ජනය නිසා මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල්වල ඉතා දිගු පෝලිම් අද උදැසන සිට දැකගත හැකිවිය.






අනෙක් අයටත් බලන්න ශෙයා කරන්න >>>