හම්බන්තොට වරායේ තෙල් ටැංකි ශ්‍රී ලංකා රජය සතුව දිගටම පවත්වාගෙන යන ලෙසත්, ත්‍රීකුණාමලය චීන වරාය තෙල් ටැංකි ඉන්දීය තෙල් සමාගමට (IOC) පවරා දීම වහාම නවතන ලෙසත්, අබලන් තෙල් පිරිපහදුව නවීකරණයට කඩිනමින් මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුව ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛන්ඩ වැඩවර්ජනය මේ වනවිට නතර කිරීමට තීරණය කර තිබේ.
එම තීරණය ලිඛිතව ලබාගෙන ඇති වෘත්තීයසමිති එකමුතුව තාවකාලිකව සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ. තමන් ගෙන ගිය මෙම සටන් ක්‍රීයාමාර්ග හමුවේ ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය මදකට පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදු වූ බවත් අද පැමිණි ලිඛිත එකඟතා අනුව කටයුතු නොකරන්නේනම් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට පසු බට නොවන බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.